The initiator….
by Shiran Wijeratne
ඔහේ මොකද බලන්නෙ තමුසෙ කවුද හොයන්නෙ බාප්පද මස්සිනාද මල්ලිද? තැවිල පලක් නෑ අයිසේ මෙතැනින් ගිය උන්දැල යැව්වෙ එකම තැනකට ආපු අතක් බලාන යන ඉලව් මඟුලක තොලොන්චි වෙනව හොඳා ආ…පොකැට්ටුවෙ ඇත්තං මොනර බාගයක් වත් අතේ තියනවල පැයකින් හමාරකින් සූස්තියක් දැක්කෙ නෑ..
තමුසෙට යන්ඩ හිතක් නෑ මට ඉන්ඩ හිතක් නෑ ඕ. කේ. මට හිතුන අයිසෙ ආය එයි කියල උස්නෙ යන්ඩත් එක්ක එකක් ඔතල ගන්නව හීනියට උරනව කැහි කඩන්ඩ එපා ඕයි ලොක්ක රවුමෙ යනව දැක්කොත් කම්බස් සීනි ඇලෙන ප්ලේන්ටියක් ටිං කෝප්පෙ තීනව…..
එක පාරක් කිව්ව ඔතනින් මෙහාට වෙනව වැලි ගෝනිය බරයි ඊයෙ ගිය එකා ලොරියක් විතර තඩියි පලා බඛෙක්ද කොහෙද… දොස්තරය ඇවිත් බල නහරෙ කපනකල් පැයක් විතර දැඟළුවා
ආ මොකක්ද ඇහුවෙ? පිස්සුද අයිසෙ….. මෙතැනිං යන අය්යල රියල් වැඩ්ඩො උනාට වැඩි දෙනෙකුට චූ යනව හොටු පෙර පෙර අඬනව එහෙමත් එකෙක් තමයි ගාථාවක් කියන්නෙ ගෑණු දුසිමකට විතර ගේම දුන්නු වසලයෙක් අන්තිමට ඉල්ලුවෙත් ගෑණියෙක් … සේරම අහවර කරල බොඩිය හෝදනකොට උගෙ විලිසන්ගෙ මුලින්ම කැපුව… මෙන්න මෙහෙම…
හැබැයි දවසක් කැප් තොප්පි දාපු හීන්දෑරි කොල්ලෙක් හිස් වැස්ම දානකොට හැමෝටම අතවනල මවුබිම නැත්තං මරණය කියල කෑගහල කිවුව ලනුව හයිය ඇතිද මගෙනුත් ඇහුව සුපරිංටැංටනං කලිසමත් තෙමුන…. උගෙ අම්ම ඇඬුවෙ නෑ.. මට කඳුළු පිරුන… තමුසෙට කියන්ඩ මේ ගහේ පැලයක් හදාගන්ඩ කියල කීදෙනෙක් ආවද? හැත්තැඑකේ මුලින්ම අසූහතේ ඊළඟට ඊයෙ පෙරේද ආපහු.. එකෙකුට දෙන්නෙ නෑ……
කොහොම කිව්වත් ඕයි මල් තිබ්ඛෙ නැතුවට උදේට හවහට වඳිනව ගහට….. අහගන්ඩ එපා මගෙන් ඇයි ඉතින් අයිසෙල කිරි කල ලක්සයක් පූජ කොලේ මහ ගහට වෙසක් පෝයට ඒ ගහ උඔලට දෙනවද කන්ඩ ? මං මොකෝ වැන්දම කන්ඩදෙන ගහට
දන්නව දන්නව ඕයි කියවල තියනව තවුතිසාවෙ ගහ කල්පයක් තිස්සෙ දිරනව ලියලන්නෙ නැතුවට මේක රටක් වටිනව හැම ඇණයක්ම හැම පාන්දරම අතගාල බලනව කෙස්ගහට වැඩ
තමුසෙට කියන්නෙ අහගන්නව හොඳට බිං අඟලකට හත අටක් මරාගෙන ඛෙලෙක් තසිමට පිළුනු බත් ඛෙදාගෙන සංගුව ගහනකල් පෝලිමේ හිටගෙන දත් කූරු කකා යකඩ කූරු ගනින කුකුල් කේන්ති කාරයො ගිනිගෙඩි දෙය්යල කොමිස් මෝරු සල්ලං සේනලට නිවන් යන්ඩ පුළුවන් මේ බෝධියෙන් විතරයි
කිව්වහම මොකද වෙලාවකට හිතෙනව හන්දියක් හන්දියක් ගානෙ පැලේ පැලේ හිටෙව්වනං කාටකාටත් හොඳයි දැන් ඉතින් වද නොදී යනවද මෙතනින් ? හෙට නිවන් යන එකාගෙ බර කිරන්ඩ තියනව.. තව ඉතුරු නං බෝතලේ දෙනව…