top of page

ජූලියස් භූමිකාව සහ හරී..ඊ..හීන්, පණ-නෑ-ඩෝ…

බොක්කෙන්ම ලංකාවේ දේසපාලනේ කරන්න හිතාගෙන ඉන්න ඕනම එකෙක් ඉස්සරහෙනුත්, පස්සෙනුත් අධ්‍යයනය කොරන්නම ඕනම දෙයක් තමයි ජුලියස්ගේ භූමිකාව. ඒ ජුලියස් හොඳ එකෙක් නිසා නම් නෙමෙයි ය. උගේ ටැක්ස් ටික්ස් වලින් අපට උනත් ඵල ප්රෝජන් ගන්න පුළුවන් නිසාය.

ඔය චේගුවේරා කාලේ හිරේ විලංගුවේ වැටුණු කෙනෙක් ගැන ජුලියස් උන්නැහැ, උන්නැහැගේ අමරදේව වොයිස් එකෙන් දවසක් මෙහෙම දෙයක් කිව්වා මට යංතං යංතං වගේ මතකය.

“එකදාස් නමසිය හැත්තෑ එකේ… බණ්ඩාරණායක මැතිණියගේ කාලේ… ඒ කාලේ අපි විපක්සේ… කැලණි පාළම උඩ තරැණයෝ ඝාතොනය කොරලා… මහවැලි ගඟට දාපු කාලේ… අපි තමයි ඒ වැරදි මාර්ගේ ගිය තරැණ හාදයන්ව නිදහොස් කොරේ… මට මතක විදිහට ඔය රොහාන් කියන උන්නැහෙත් අන්න එහෙම නිදහස කොරාපු හාදයෙක්...”

මරණයෙන් බේරැණ රෝහණ පණපිටින් නොමරා මරන්න ජුලියස් භාවිතා කළේ අමුතු අමුතු උපක්‍රම. ජුලියස් කවදාවත් රෝහණට, රෝහණ කියලා කිව්වේ නැහැ. කිව්වෙම රොහාන් කියලා. ඒක නිකං ගෝඨාට, නන්දේ කිව්වාට වඩා හාත්පසින්ම වෙනස් උපක්‍රමයක්.

ඒ විතරක් නෙමෙයි, රොහාන් කියන නම මතක් කරනකොට ජුලියස් එයාගේ වොයිස් එකේ ටෝන් එකට අමුතු ඩෝන්ට් කෙයාර් පන්ච් එකකුත් දෙනවා. ඒක අහගෙන ඉන්න අපට හිතෙන්නේ ජුලියස් රොහාන් ගැන දන්නෙත් නැහැ… දැකලත් නැහැ… වගේ හැඟීමක්. ඒ වගේම “ඌ (රොහාන්) මොකෙක්ද?” කියලා කියන්නැහේ අදහසකුත් ඒ ටෝන් එකටම ඉන්ජෙක්ට් කරන්න මෑන්ස් වග බලා ගන්නවා. දැන් මං මේ ජුලියස් ගැන ඩිස්ක්‍රයිබ් කරපු කිසිම දෙයක් මෑන්ස් වචන වලින් කියන්නේ නැහැ. ඒත් ඒ වගේ අදහසක් ජුලියස්ට ඇහුම්කන් දෙන අයගේ මොලේ ඇතුලටම කාවද්දනවා.

මට මේ ජුලියස්ගේ භූමිකාව මතක් වුනේ ගෝඨාට කවුද මන්ත්‍රී කෙනෙක් නන්දසේන, නන්දසේන කියලා කතා කරපු එකට ගෝඨාභයට මළ පැනපු වීඩියෝවක් දැකලා. මෑන්ස් නන්දසේන, නන්දසේන කියලා කියන්නේ හරියට අපි කුකුලන්ට කතා කරන්න “බා... බා...” කියනවා වගේ. දැන් මේ නන්දසේන කතාව අහන හාදයෝ කොටස් දෙකක් ඉන්නවා. එක් කාණ්ඩෙකට ඒක ඇහුවාම හරි ජොලි. ඒ අර මතුපිට විතරක් අතගාලා ජොලියක් ගන්න අය. අනික් කාණ්ඩෙට හිතෙන්නේ වෙන විදිහකට. ඒ අයට මේ ආමන්ත්‍රණය තුළින් වෙනත් දේවල් පේනවා. ඒ කිව්වේ තවත් කෙනෙකුට අවමාන කරන චේතනාවෙන් කතාකරන කෙනෙක් තුළ නිධන්ගතවෙලා තියන හීනමානය, ඉච්ඡාභංගත්වය වගේ හැඟීම්.

දැන් බා බා කියපු එකාට පෙනේ පුප්පලා ෂූ ෂූ කියන්න ගිය එකෙන් අන්තිමට උනේ මොකක්ද?

මිනිස්සුන්ට ඌ ගූ ගුල් බැලුම් පුම්බන්න ගිය එකත් මතක නැති වුනා.

පාස්කු දා පල්ලි යන්ට බෑ බෑ කියපු එකත් මතක නැති වුනා.

දැන් හිතන්න ජුලියස්ට කවුරැ හරි මේ “ඉජු... ඉජු... ටෝන් එකෙන්” ආමන්ත්‍රණය කළා කියලා. එතකොට ජුලියස් කොහොම ප්‍රතිචාර දක්වයිද?

මට හිතෙන්නේ නම් මෙහෙමයි.

  • පළවෙනි දේ තමයි ජුලියස් ඔය අහක යන නයි ඔඩොක්කුවේ දාගන්නැහේ කිසිචාරයක් නැති ප්‍රතිචාර දක්වන්නේ නැති වේවි.

  • දෙවනියට ජුලියස් තමන්ට ඉජු කියන එකා දිහාවත් නොබලාවි.

  • තුන්වෙනියට ජුලියස් තමන්ට ඉජු ඉජු කියපු එකාට කරන දේ නොකියා ඉදීවි.

  • හතර වෙනියට අර තමන්ට ඉජු කියපු එකාගේ මුළු පැටිකිරියම හොර රහසේම අධ්‍යයනය කරාවි.

  • පස්වෙනියට ඌගේ වීක් පොයින්ට් ටික ස්ටඩී කරාවි.

  • හයවෙනියට ඔය පුවත් පත් සාකච්ඡාවකදී තමන්ගේම එකෙක් දාලා ඉජු ඉජු කියපු එකා ගැන අහාවි.

ඊට පස්සේ ජුලියස් මෙහෙම කියාවි.

“කවුද ඔය ‘හරී...ඊ... හීන්, පණ-නෑ-ඩෝ’ කියන්නේ? මම එහෙම කෙනෙක් ගැන දන්නේ නෑනේ…!”

ඊට පස්සේ මිනිස්සුට නන්දේ ගැන හිත හිතා ඉන්නවාට වඩා තව හිතන්න ගොඩාක් දේවල් තියෙන්න තිබ්බා. (ඕනම රජ කෙනෙක්ට කඩු බඩු කුඩු ටයිප් එකේ පුරෝහිතලා වෙනුවට හිතලා මතලා උපදෙස් දෙන පුරෝහිතයෝ ඕන වෙන්නේ ආන්නේකයි…!)

--------------------------------------------

© සාමන්ත තැන්නගේ ‍| Saamantha Tennege : 13 Jan 2021


27 views0 comments

Recent Posts

See All

සමහර පාඨ එක වරක් ඇහුණොත්, එහෙම නැත්නම් දැක්කොත් අපේ හිතේ රැදෙන්නේ හරියට ගලක කොටපු අකුරු වගේ. මගේ යාළුවෙක් “රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව” කියන පාඨය දැකලා තියෙන්නේ ත්‍රීවීල් එකක පසුපස අලවලා තිබුණු සිටික

අපෙ නිළමෙට නිකම්ම නිකම් ඉන්ට බෑනෙ. ඒ උනාට මේ දවස් වල එහෙමට කියල රස්සාවත් නැතුව ඔන්ලයින් පාංකඩවල ඔලුව ඔබාගෙන ඉන්නෙ. ඔපීසියෙ ලොක්ක එක්ක වෙබ්බෙකේ මීටිම තියනකොට උඩ බාගෙට ටයි කෝට්ද යටිබාගෙට අරික්කාලෙ ෂෝට්

bottom of page