top of page

රැපියල් 7500 සහ ඩොලර් 1000

Updated: Mar 31, 2020

පසුගිය ජනවාරි 30 වෙනිදා සිඩ්නි මෝනිං හෙරල්ඩ් සන් පත්‍රයේ තිබුණු ප්‍රවෘත්තියකට අනුව චීනයේ වූහාන් ප්‍රදේශයේ ඒ වන විට සිර ව සිටි ඕස්ට්‍රේලියානුවන් බේරා ගැනීමට එක් අයකුගෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 ක් අයකරගෙන තිබුණා. පසුව ඒ ගැන චනල් 7 නාලිකාව ස්වදේශ කටයුතු ආමාත්‍ය පීටර් ඩට්න්ස් මහතා හා සාකාච්ඡාවක් කර තිබුණා.


ඒ වන විට ඕස්ට්‍රේලියානු ජාතිකයන් 600 ක් පමණ හිරවී සිටියා. මුලින්ම ඒ අයව මුදවා ගැනීමට ගුවන් යානා යැවිය යුතුයි. ඉන්පසුව ඔවුන් නිරෝධායනය කිරීමට නියමිතව තිබුණු ක්‍රිස්මස් දූපතට දුර තවත් කිලෝ මීටර 2600 ක්. ක්‍රිස්මස් දූපත සැබවින්ම පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍ර‍මණය- වන අයව රඳවා තබන තැනක්. සුවිශාල ගුවන් යානා බැස්සවීමට තරම් එහි ගුවන් පථය සුදුසු නැහැ. ඒ නිසා ඔවුන්ව ඒ කරා ගෙනගියේ හමුදා ගුවන් යානා වල.


දවස් දා හතරක් ඔවුන්ට කෑම, බීම සහ සෞඛ්‍ය පහසුකම් සලසා දෙන්ට සිදු වෙලා තිබ්බා. දින දාහතරකට පසුව ක්‍රිස්මස් දූපතට ආසන්නම ප්‍රධාන නගරය වූ පර්ත් නගරයට ඔවුන්ව කැඳවාගෙන ගියා. එතැන් සිට සිය නිවෙස්වලට යාමට අවශය වියදම් තම තමන් විසින් දරා ගැනීමට සිදු වුනා.

පීටර් ඩට්න්ස් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න සියල්ලටම එහාට මෙහා නෙවැනී ඉතා ව්‍යක්තව සාර්ථක උත්තර දුන්නා. ඒ අතර චැනල් 7 නිවේදිකාව අන්තිම තුරැම්පුත් ගැහුවා. ඒ තමයි “වූහාන් වල සිටින අයව නැවත ඕස්ට්‍රේලියාවට ගෙන්වා නොගත යුතු බවට ඇතැම් සෞඛ්‍ය සම්බන්ධ ප්‍රවීණයන් කියා කිටියා. ඇයි ඔබ ඔවුන්ගේ කීමට පිටින් ගොස් මේ දේ කළේ?”


ඔහු තමාගේ පිළිතුර අවසන් කළේ “අපි කටයුතු කරන්නේ අපේ ජනතාව ආරක්ෂා කර ගන්න…” යනුවෙන්.

නිරෝධානය කරන්නට පිටත් කර හැරි ලංකාවේ පිරිසක් නටපු නාඩගමක් දැක්ක මට ඇතිවෙන ප්‍රශ්න බොහෝමයක් තියනවා.


- එකදු ඕස්ට්‍රේලියානුවෙක්වත් පුරවැසිභාවය ලබා ගැනීමට එන අයව රඳවා තබන තැනක නිරෝධයණය කිරීම ගැන උද්ගෝෂණය නොකළේ මන්ද ?


- කෑම බීම සහ හෝටල් ගැන උද්ගෝෂණය නොකළේ මන්ද ?


- ඩොලර් 1000 ගෙවන්නට බැරි බව කියා උද්ගෝෂණය නොකළේ මන්ද ? (ඩොලර් 1000 යනු ඕස්ට්‍රේලියානුවෙක්ට වුවත් සුලු මුදලක් නොවන බව කිව යුතුය.)


- පිටරටවල සේවය කරන බහුතරය ලාංකිකයා ඒ රටවල උගත් හැදියාව ලංකාවේදී ප්‍රගුණ නොකරන්නේ මන්ද?

මට හිතෙන්නේ මෙහි වරද ඇත්තේ ආණ්ඩුවේය. එන්ට කලින්ම මුන්ට නීති දැමිය යුතුව තිබුණි. ඒවාට එකඟ නැත්තම් ඔවුන් ගෙන යා යුතුව තිබුණේ බූස්සට ය. මුංට හොඳින් හෝ නරකින් පාඩම් ඉගැන්විය යුතුව ඇත…

නිරෝධායනය යනු ආතල් ගැනීමක් නොවන බවත් ඒ තුළ යම් විදිහකින් නොදැනුවත්ව හෝ තමන් වෛරසයට ගොදුරැව ඇත්නම් එය තමන්ගේ පවුලේ අයට, හිතමිතුරන්ට සහ අනෙකුත් රට වැසියන්ට සම්ප්‍රේෂණය නොකරන්නට තරම් වන මානව හිතවාදයද මුසුව පවතින බව මුන්ගේ පුකට පයින් ඇණ හෝ කියා දිය යුතුව ඇත…


මේ අවස්ථාවේදී ලෝකයේ රටවල් සියල්ලම ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අර්බුදය ගැන දිවා රෑ නොබලා කටයුතු කරද්දී පුංචිම පුංචි කැපවීමක්වත් කරන්නට හිතහදා ගන්ට මොළයක් නැති එකාලාගෙන් තඹ දොයිතුවක ප්‍රයෝජනයක් නැත.


© සාමන්ත තැන්නගේ ‍| Saamantha Tennege | 11 Mar 2020

18 views1 comment

Recent Posts

See All

කෝවිඩ් 19 මාරයා විසින් බිලිගත් ශ්‍රී ලංකාවේ පස්වැනි ....බිල්ල...

ඉන්දුමතී ජයසේන විසිනි. ඔහු ඉතාලියෙ සිට ලංකාවට එන්නේ ඉකුත් මාර්තු 12 වෙනිද.. හතලිස් හතර හැවිරිදි උදය දිනේෂ් දෙදරු පියෙක්.. ඔහු ලක්බිමට පා තබද්දී ඉහෙන් බහින රෝගාබාධයක් තිබුනෙ නෑ. ඔහුත් සමඟ පැමිණි කණ්ඩාය

bottom of page