හම, හම ගසා නාකි වීම
Updated: Jul 19, 2021
ප්‍රියානන්ද විජේසුන්දර විසිනි...
අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත් අපි වයසට ගිය බව සහ ගොස් ඇති බව පිටින් බලන්නන්ට තේරුම් යාම නම් වළක්වන්නට බෑ. මා දන්න කෙනෙකු ඉන්නවා. ඔහුගේ වයස අවුරුදු 84 යි. ඇවිදින්නේත් හැරමිටියක උදව්වෙන්. පොත් පත්තර කියවන්නේ අධිබලැති උපැස් යුවලකින්. ඒත් එක කෙස් ගසක්වත් සුදුවෙලා නෑ. සමහර දිනවල දකින විට හිස කෙස් ටිකක් දුඹුරු පාට වෙලා. ඒත් ඊට පසුවදා දකිනවිට කලූම කලූ පාටයි. කණ්ණාඩියකින් බලා හිස පීරන කොට මුලින්ම නර කෙසක් දැකපු දවස සිහිපත් කරන්න. එදා සිතට දැනුනු දුක සිහිපත් කරන්න.
සුදු කෙස් කලූ කරන්නාට එතරම් හිසට බලපෑමක් නොවුනත් හමේ පැහැය - හමේ රැළි මකා ගැනීම ගැන දරන වෑයම නම් හොඳයි කියන්නට බෑ. පසුගිය කාලේ අපේ තරුණියන් හම සුදුවෙන පෙති වර්ග භාවිත කළා කියලා ආරංචි වුණා. විශේෂයෙන් නිලියන් මෙම පෙති වර්ග එන්නත් වර්ග ලබා ගන්නවා කියලත් දැන ගන්නට ලැබුණා.
විශේෂයෙන් හමේ රැලි මකන්නට ගන්නා ( Anti-Wrincle Creams) භාවිතයට ගන්නා අය ඉක්මණින්ම වයසට යනවා කියලා හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරියයි. (FDA Food and Drug Administration)
සමේ රැළි නැති කරන ඖෂධ බොහොමයක අන්තර්ගත වෙලා තියෙන්නේ ඇල්ෆා හයිඩොක්ස් අම්ලය. ඇල්ෆා වෙළඳ නාමය ලෙස භාවිත කරන්නන් (Fruit Acid) පලතුරු අම්ලය ලෙස මෙය පලතුරු අම්ලයක් උනත් ස්වභාවික පලතුරුවලින් ගන්නා දෙයක් නොවෙයි රසායනික ද්‍රව්‍යයක්.
අපේ හම මතුපිට තියෙන්නේ අජිවී ෙසෙල තට්ටුවක්. ජීව විද්‍යාවේ දී මෙය හඳුන්වන්නේ කොරොස් ස්ථරය කියායි. මෙම ෙසෙල තට්ටුවට යටින් තියෙන්නේ ජීවි ෙසෙල ස්ථර. මෙම ජීවි ෙසෙල ස්ථර නිරන්තරයෙන්ම ජීවි ෙසෙල නිර්මාණය කරනු ලබනවා. සමට දිලිසෙන සුළු රැළි ස්වභාවයක් ලැඛෙන්නේ කොරොස් ස්ථරය නිසයි. සමහරුන්ගේ මෙම කොරොස් ස්ථරය ගනකමෙන් වැඩියි. ගනකම වැඩි කොරොස් ස්ථරය ගනකම අඩු කොරොස් ස්ථරයට වඩා රැළි ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙය ජානමය ක්‍රියාවක්. අපගේ හම සූර්ය විකිරණවලින් වෙනත් විකිරණවලින් හා වෙනත් පාරිසරික බලපෑම්වලින් ආරකෂා කරන්නේ මේ කොරොස් ස්ථරයයි. මෙම ආරකෂාව සිදුවුවත් සමහරුන් උත්සාහ දරන්නේ ආරකෂාවට ඇති ෙසෙල තට්ටුව ඉවත් කොට යටින් ඇති ෙසෙල ජීවී ෙසෙල තට්ටුව මතු පිටට ගැනීමටයි. මෙම ෙසෙල තට්ටුව ලස්සනයි. දීප්තිමත් රැළි ස්වභාවයක් ඇත්තෙම නෑ. දැන් ඉතිං හමට ඇති ආරකෂාව නැති වෙනවා. ඒත් මේ ආරකෂාව නැති කර ගන්නට අපේ හම කැමති නෑ. වෙනදාටත් වඩා ඉක්මණින් මේ ෙසෙල තට්ටුව යලිත් අජිවී කොරොස් ස්ථරය බවට පත්කර ගන්නේ අපේ හම විසින්. එහෙම නම් වෙනදාටත් වඩා ඉක්මණින් හමේ රැළි මතුවෙනවා. අපි නැවත නැවත පලතුරු අම්ලය අඩංගු ආලේපන යොදා මේ කොරොස් ස්ථරය ඉවත් කරනවා.
ඇත්තටම අපි කරන්නේ අපේ හමට විරුද්ධවීමක්. මේ කොරොස් ස්ථරය ස්වභාවිකව හමෙන් ඉවත් වෙනවා. මුහුණ සේදීමේදී - ස්නානය කිරීමේ දී මේ ස්ථරය ගැලවී යනවා. මුහුණ සේදීමේ දී හා ස්නානයේ දී සමට අලූත් පෙනුමක් එන්නේ මේ ස්ථරය ඉවත් වෙන නිසයි.
කෘතිමව මේ කොරොස් ස්ථරය ඉවත් කරන්න යනවිට නැවත කොරොස් ස්ථරය මතුවීම ඉක්මන් වෙනවා.
වසර 2000 අගභාගයේ දී FDA ආයතනය මෙම ඇල්ෆා හයිඩොක්ස් අම්ලය ගැන පර්යේෂණ පටන් ගත්තා. කෙටිකාලීනව හා දිගුකාලීනව මෙම අම්ලය අඩංගු ආලේපන පාවිච්චි කළ අය යොදා කළ පර්යේෂණවල ප්‍රතිඵල අනුව මෙය ඉක්මණින් තහනම් කිරිමට සිදුවේ යැයි සඳහන්කර තිබුණේ මැන්චෙස්ටර් සරසවියේ චර්ම විශේෂඥයකු විසින්. ඒත් ව්‍යාපාර ලෝකය මීට වඩා බොහෝ දියුණුයි. මෙම ලෝකයේ තීන්දු තීරණ වෙනස් කරන්නට ඒ පුද්ගලයාට පුළුවන්කමක් තිබුණේ නෑ.
මෙම අම්ලය අඩංගු ආලේපනවල මෙය අඩංගු බව සඳහන් කළ යුතු බවට පමණක් නීතියක් ගෙනාවා. එතකොට ගන්නා කෙනෙකු ගනිවී. එපා කෙනෙකු නොගෙන අත හරිවී.
පසු කාලයක ඇල්ෆා හයිඩොක්ස් අම්ලය වෙනුවට පලතුරු අම්ලය එම ආලේපනවල ඇති බව සඳහන් කරන්නට ව්‍යාපාර ලෝකය පෙලඹුනා. සමහර සමාගම් තම නිශ්පාදනවල මෙයවත් සඳහන් කරන්නේ නෑ.
මෙම කෘතිම ආලේපනවලට වඩා අපේ ස්වභාවික ශාක සාර සමට යෝග්‍ය බව විද්‍යාව මගින් දැනට සොයා ගත්තත් අපේ රජ බිසවුන්ගේ සිට සාමාන්‍ය ගමේ කාන්තාවන් පවා මෙය දැන සිටියා. කෝමාරිකා, කහ, මුද වූ කිරි, දෙහි, වෙනිවැල් ගැට, කොහොඹ වැනි හා තවත් බොහෝ ශාක සාර යොදාගත හැකි උනත් මේවා ඉතිං ගොඩේ අයගේ වැඩනේ. මේවා උලාගෙන ගොඩේ අයගේ ගානට වැටෙන්නේ කොහොම ද?
©www.kadapatha.com.au