top of page

සංස්කාරක සටහන – නොවැම්බර් 2015

සාමන්ත තැන්නගේ (Saamantha Tennege) විසිනි

අඩක් ජලයෙන් පිරුණු වීදුරුවක නොහොත් අඩක් ජලයෙන් හිස්ව ඇති වීදුරුවේ කතාව නොදන්නා අයෙකු නැත. සුබවාදය හෝ අසුබවාදය නිර්වචනය කිරීමට සුලබව උපයෝගී කර ගන්නා මේ උපහැරණය එතෙකින් නිමාවන්නේද නොවේ. තවත් අයෙකුට එම වීදුරුව සම්පූර්ණයෙන්ම පිරී ඇති බව කිව හැකිය. ඒ ඉතිරි අඩ වාතයෙන් පිරී ඇති නිසාය. එමෙන්ම ජලය, වීදුරුව සේම වාතය සැදී ඇත්තේද පරමාණු වලිනි. පරමාණුවක වැඩිපුර ඇත්තේ හිස් අවකාශයයි. ඒ නිසා තවත් කෙනෙකුට එය සපුරාම හිස් බවද කිව හැකිය. මේ අනුව දාර්ශනිකයෝ, ගණිතඥයෝ, විද්‍යාඥයෝ, කලාකරුවෝ විවිධාකරයෙන් මේ සිද්ධිය නිර්වචනය කරනු ඇත. එම නිර්වචනයන් අසා සිටින අපිදු අවසානයේ එකී කවර හෝ පාර්ශවයක් නියෝජනය කරනු ඇති. රටක හෝ සමාජයක ප්‍රගමණය, ප්‍රවර්ධනය මෙන්ම අපගමනය, විනාශය කෙරෙහි අඩක් පිරුණු නොහොත් අඩක් හිස් න්‍යාය බලපාන අයුරු පෙන්වා දෙන්නටය අප එකී පූර්ව හැඳින්වීම කරනු ලැබුවේ. ඒ කෙසේ ද යන්න තේරුම් ගැනීමට අපි සුළු උදාහරණයක් ගනිමු.

ප්‍රංශයෙන් පැරිස් නුවර පැවති එක්තරා ඡායාරූප ප්‍රදර්ශනයක් ගැන වරක් මැතිව් රිකාඩ් මෙබඳු සටහනක් තබා තිබුණි. එම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණු ඡායාරූප අතරින් දෙකක් හැරුණු විට ඉතිරි සියල්ලම එක්කෝ යුද්ධ ඡායාරූපයකි. නැතිනම් සිත් කම්පා කරවන ඡායාරූපයකි.

දිනපතා පුවත්පතක් ගැන මතකයට ගන්න. අද ලියවෙන පොතක්, සටහනක් හෝ අඩුම තරමින් කවියක් මතකයට ගන්න. එසේ ලියවෙන දේ සුබවාදී අසුබවාදී වශයෙන් වෙන් කොට තරාදියක දෙපසට දැමුවොත් සුබවාදී පැත්ත අනායාසයෙන්ම ඉහළට එසවෙනු ඇත.

යන එන තැනක හෝ දුරකතනයෙන් කෙරෙන සංවාදයක් ගැනත් මතකයට නගා ගන්න. අප අද ඉන්නා තැනින් දසමයක් හෝ ඉහළට ඔසවා තබන කතාවක් අසන්නට ලැඛෙන්නේ කීයෙන් කී දෙනෙකුගෙන් ද ? ඡායාරූපයක් යනු අඳුරු ආලෝකය භාවිතයෙන් තැනෙක තැඛෙන සටහනකි. ඡායාරූප කලාව යනු එකී අඳුර ආලෝකය භාවිතයෙන් තැඛෙන සටහනක් හරහා මානව චිත්ත රූප මවන්නට දරන අපූර්ව තැතකි. ඡායාරූප කලාව මෙන්ම ලේඛණ කලාව හරහාද මැවිය යුත්තේ චිත්ත රූපයෝ ය. එසේ නමුදු අද දවසේ වැඩිමනත් ලේඛකයෝත්, ඔවුන් තම අතේ, පයේ හෝ හිතේ හිරි ඇරගැනීම උදෙසා කෙරෙන අරගලයක් අතර වෙනසක් නැති තරම් ය. කෘතහස්ථ යැයි සම්මත ලේඛකයෝ පවා අළුත් ඇසකින් බලා නිර්මාණාත්මක යමක් කරනවාට වඩා අඩක් හිස් වීදුරු ගැනම තෙපළති – දොඩති – ලියති. සම්මානද ගනිති. උසස් රසික – පාඨක කැළක් බිහි නොවීමේ රහස එයම විය නොහැකි ද ?

අවසාන වශයෙන් කිව යුත්තේ අසුබවාදය බෝවෙන වෛරස් රෝගයක් බවය. එබඳු අසුබවාදියෝ සරණ යන්නේ නම් ඔවුන්ටත් එම රෝගය වැළදීමේ වැඩි ඉඩකඩක් තිබේ. එකල්හි දකින මනරම් සිතුවමක වුව ඔවුන්ට පෙනෙන්නේ ඇද කුදය. ඔවුන් ලියන කියන හැම දෙයක්මත් එකී වෛරස් ආසාදනයට ලක්වන්නේ ය. ඔබත්, මාත් අප සමාජයේ වෙසෙන අන් අය හා ඛෙදා හදාගන්නා සියලූ දේ ගැන නැවත නැවතත් ඉතා කල්පනාකාරීව විමසිලිමත් විය යුත්තේ ඒ නිසාය.

2 views0 comments

Recent Posts

See All

දිනක් බුදුන් වහන්සේ රාහුල පොඩිහාමුදුරුවන් වැඩ සිටි අඹ වනයෙහි කුටියට වැඩි සේක. රාහුල හිමියෝද බුදුරදුන්ගේ පා දෝවනය කොට උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ. අනතුරුව බුදුරදුන් රාහුල හිමියන්ට දහම් අවවාදයක් දුන් ස

කුණු හරුප නොකියනු – කේළාම් වචන නොකියනු විහිළු බොරු නොකියනු – ඇනුම් පද කිසිවෙකුට නොකියනු බොරු කීම කැතමය – ගැරඬි කුණටත් නොසමය ඇත්ත නම් කදිමය – මෙලොව රජ සැපතටත් උතුමය සිරිත් මල්දම – එම්.එල්. සිල්වා ගුරු

bottom of page