top of page

සංස්කාරක සටහන – දෙසැම්බර් 2015

සාමය සාක්ෂාත් කර ගත හැක්කේ තේරුම් ගැනීමෙනි. බලහත්කාරයෙන් නොවේ. – ඇල්බර්ට් අයින්ස්ටයින් ජේසුතුමා මෙසේ කීහ. “මම ඔබලාට අලූත් අණක් පණවමි. අසල්වැසියාට ප්‍රේමකරන්න. මා ඔබට ප්‍රේම කළේ යම්සේද ඔබද එසේම අනෙකාට ප්‍රේම කළ යුත්තේ ය.” කුරාණයේ මෙබඳු කියමනක් ඇත්තේ ය. “අනෙකුත් ප්‍රාණීන්ට අනුකම්පා නොකරන අයෙකුට අල්ලාද අනුකම්පා නොකරන්නේ ය.” භගවත් ගීතාවේ මෙසේ දැක්වේ. “පාලනය නොකළ මනස (ඔබේ) සතුරෙකු මෙන් (ඔබට එරෙහිව) ක්‍රියාත්මක වන්නේය.” බුදුහු මෙසේ කීහ “වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ.” මේ ලෝකයේ අපට හමුවන අතිශය සුන්දරම වදන් ඇත්තේ කවර හෝ ආගමික ලියවිල්ලක් තුළය. එමෙන්ම අද ලෝකයේ සිදුවන තරමක් අතිශය භයානකම ක්‍රියාවන් කෙරෙන්නේද අන්තවාදී අනුගාමිකයෝ අතිනි. එය බෞද්ධ, හිංදු, ක්‍රිස්තියානි හෝ මුස්ලිම් කියා වෙනසක් නැත. මිනිස් සංහතියේ යහපත, සුගතිය පිණිස බිහි වූ ආගම් සහ දර්ශනයන් නිසා අද මිනිස් සංහතිය කොතරම් ඛෙදා වෙන් වී ඇත්දැයි මදක් කල්පනා කර බලන්න. මෙය ආගම් ශාස්තෘවරයන් විසින් කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවන බවද පැහැදිලිය. ආගම් හතරකින් කළ ඉහත උපුටාගැනීම් ගැන ඒවා එකී ආගම් වලින් වෙන්කර මදක් කල්පනා කර බලන්න. ඒවා එකක් අනෙක හා බැඳී වෙලී පැටලී ඇත්තේ ය. ඒ කිසිදු කියමනක් එක් ආගමකට හෝ දර්ශනයකට තනිවම අයත් බූදලයක් නොවේ. යහපත් දේ කොහෙන් ආවත්, කොහේ තිබ්බත් ඒවා ලෝ වැසි අප සියල්ලන්ටම පොදු දේපළකි. පොදු දේපළ ආරක්ෂා කිරීම පොදු ජනතාවගේ වගකීමකි. කොටිවලිගයක් මෙන් නොගැලපෙන සහ එකග විය නොහැකි තැන් අල්ලා ගෙන වචන නැමති හිරගෙයක කොටුව දුක් විඳින්නට අවශයතාවයක් ඇත්තේ කාට ද ? එහෙත් අප බහුතරයක් විහින්ම එකී සිරදඩුවම් විඳිමු. මේ ඉන් මිඳීමට කාලය නොවේද ? ලෝකය ඛෙදී වෙන් කරනවාට වඩා එකට එක් කිරීමේ වගකීම අප සියළු දෙනාටම ඇත. එය අනෙකාට පවරා, කර ඇරීම කොතරම් සදාචාරාත්මක ද ? ඒ නිසා අපි සියලූ දෙනාම එකාවන්ව අනෙකාට වෛර නොකරමු. මනස් පාලනය කර ගනිමු. සියලූ ප්‍රාණීන්ට අනුකම්පා කරමු. එමෙන්ම අසල් වැසියාට ප්‍රේම කරමු. ඔබ සැමට සුභ නත්තලක් වේවා !

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

2 views0 comments

Recent Posts

See All

දිනක් බුදුන් වහන්සේ රාහුල පොඩිහාමුදුරුවන් වැඩ සිටි අඹ වනයෙහි කුටියට වැඩි සේක. රාහුල හිමියෝද බුදුරදුන්ගේ පා දෝවනය කොට උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ. අනතුරුව බුදුරදුන් රාහුල හිමියන්ට දහම් අවවාදයක් දුන් ස

කුණු හරුප නොකියනු – කේළාම් වචන නොකියනු විහිළු බොරු නොකියනු – ඇනුම් පද කිසිවෙකුට නොකියනු බොරු කීම කැතමය – ගැරඬි කුණටත් නොසමය ඇත්ත නම් කදිමය – මෙලොව රජ සැපතටත් උතුමය සිරිත් මල්දම – එම්.එල්. සිල්වා ගුරු

bottom of page