top of page

වැවරවුම – ජූලි 2017

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

පැත්තක් නොගැනීම

ඇන්ජලියා පෙරදිග ඉතිහාසය ගැන ඇල්මක් ඇති මගේ මිතුරියකි. ලීවීම ඇයගේ විනෝදාංශයකි. දිනක් අප සුහඳ කතාබහක යෙදී සිටියදී හොඳ ලේඛකයෙකු සතු ගුණාංග ගැන අපි කතා කෙරුවෙමු. මුලින්ම ඇය මගෙන් “හොඳ ලේඛකයෙකු ලෙස ඔබ සිතන්නේ කවර ගුණාංග ඇත්තෙක්දැයි ?” කියා ඇසුවා ය. මා ඇයට දුන් පිළිතුර කෙටි ය. එමෙන්ම සරලය. “හොඳ ලේඛකයෙක් කිසිම පැත්තක් ගන්නේ නැහැ.” මම කීවෙමි.

ඇන්ජලියාගේ පිළිතුර

හොඳ ලේඛකයෝ පුහුණු වෙති. ඔවුහු ලිවීමට කාලයක් ගනිති. නිතර නිතර සංස්කරණය කරති. එමෙන්ම පැය ගණන් සහ දින ගණනක් වැයකොට සොදුපත් බලති. හොඳ ලේඛකයෝ “බොහොම ස්තූතියි” කියා ප්‍රතිචාර බාර ගනිති. ඔවුහු බාහිර සහ අභ්‍යන්තර විචාර වලට ඇහුම්කන් දෙති.

හොල්මන් කතා

කුඩා කළ අපි හොල්මන් කතා ඇසීමට දැඩි සේ ආශා කළෙමු. කවුරු හෝ කියන ලියන හොල්මන් කථා වලට අපේ ඇස් කන් යොමු වුයේද නිරායාසයෙනි. එහෙත් ඒවා අසා රෑට තනියම නිදා ගැනීමට බිය විමු.

හොල්මන්

හතරේ පංතියේදී අපට නිතර නිතර හොල්මන් කතා කියූ මා මිත්‍ර එඩ්වඩ්ගෙන් හොල්මන් යන්නෙහි තේරුම මුලින්ම උගත්තෙමි.

“හොල්” කියන්නේ හෙල්ලෙනවාට. “මන්” කියන්නේ මනසට. නැත්තං සිතට. හෙල්ලෙන මනසට තමයි හොල්මන් කියන්නේ.” එදා පටන් හොල්මන් පෙනෙන විට මම හිත නොසොල්වා තබා ගැනීමට යත්න දැරුවෙමි.

ලියන හොල්මන්

ලියන හොල්මන් ගැන අප තේරුම් ගත්තේ ඉතා මෑතකදී ය. එකී හොලමන් වලට ලියන්නට හැකියාව ඇත. එකී ලියන හොල්මන් රූකඩ හා සමානය. නරඹන්නන්ට පෙනෙන්නේ එක එක පසට ඇදෙන නූලට අනුව නටන රූකඩයකි. නොපෙනෙන්නේ රූකඩය පසුපස හොල්මන් කරන අදිසි හස්ථයන් ය.

කම්කරුවා

ලාංකිකයා තවමත් සිතන්නේ කම්කරුවා යනු බර අදින්නා ලෙසය. ඇතමුන්ට තවමත් ඉංජීනේැවා කම්කරුවෙක් නොවේ. එහෙත් මේසන් බාස් කම්කරුවෙකි. දොස්තර කම්කරුවෙකු නොවේ. ඇටෙන්ඩන් කම්කරුවෙකි. දේශපාලකයා කම්කරුවෙකු නොවේ. ඔහුගේ ආරක්ෂකයා කම්කරුවෙකි. කම්කරුවන් නොවෙන බව සිතන අය අතර අද බොහෝ මාධ්‍යවේදිහු ද සිටිති.

පඩි වැඩ් කරනු !

ඉස්සර කම්කරුවාගේ එකම ඉල්ලීම වූයේ “පඩි වැඩ් කරනු” යන්න ය. දැන් කම්කරුවා සටන් කරන්නේ රට බේරා ගැනීමට ය. පාලකයෝ වලි කන්නේ රට විකුණාගෙන හෝ කන්නට ය.

ආතතිය සහ අස්වීම

අද ලෝකයේ බොහෝ දෙනා රැකියා නිසා ඇතිවන ආතතියෙන් මිදීමට වෙනත් රැකියා සොයා යති. ඒ අතර වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියා උයන වෘත්තියට පිවිසිනු අය සිටිති. ඉංජීනේරු වෘත්තියට ආයුබෝවන් කියා බස් එලවන අයද වෙති. ඒ නිසා ලංකාව බඳු රටවල හැර ලෝකයේ නොයේක් රටවල තෝරාගන්නා රැකියාව යනු තවදුරටත් අභිමානය පිළිබඳ තත්ත්වයක් නොව ආතතියේ අඩුවැඩිකම මත රඳා පවතින්නක් බවට පත්ව ඇත.

රැකියා අභිනියුක්තිය

අභිනියුක්තිය යනු ඉතා අපූරු වචනයකි. කිසිඳු සිංහල මාධ්‍යයක මෙතෙක් එම වචනය ගැන විග්‍රහ කර තිඛෙනු නොදුටුවෙමි. අප අසා ඇත්තේ රැකියා නියුක්තිය යන්න පමණි. එහෙත් වර්තමානයේ රැකියා නියුක්තියට වඩා වැදගත් වන්නේ රැකියා අභිනියුක්තිය යැයි අපි සිතමු. අභිනියුක්තිය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන්නේ

Vocation යන්න ය. එහි තේරුම a strong feeling of suitability for a particular career or occupation  ලෙස දක්වා ඇත.

ඒ අනුව රැකියාවක නියුක්ත වනවාට වඩා රැකියාවක අභිනියුක්තවන කල්හි අපට දැනෙන්නේ නිවාඩුවක් ගත කරනවා හා සමාන හැඟීමකි. අවාසනාවකට මෙන් මෙකී අර්ථකතනය ලාංකීය භාවිතාව හා සසඳා බැලු කළ අපට පෙනෙන්නේ දියවන්නාව අසබඩ සැප ගන්නා හොල්මන් රූප ය. නිවාඩු ගත කරන්නට රැකියා කිරීම සහ නිවාඩුවක් ගත කරනවා හා සතුටින් රැකියාවක නියුක්ත වීම එකක් නොව දෙකකි.

ලිවීමක් නොවන්නේ කවරක්ද ?

ලිවීම ගැන කතා කිරීම ලිවීම නොවේ.

කියවීම යනු ලිවීම නොවේ.

අප හැමෝටම දවසකට ඇත්තේ පැය විසිහතරකි. ලිවීම ගැන සිහින මැවීම පහසු ය. එහෙත් එක් තැනක ඉඳගෙන ලිවීම අපහසුය.

නරක ලේඛකයෝ

තවත් දිනක් ඇන්ජලියා නරක ලේඛකයෝ කෙබඳුදැයි අපට පහදා දුන්නේ මෙසේ ය.

නරක ලේඛකයෝ තමන් ලියූ දේ නැවත නොකියවති. සොදුපත් නොබලති. සංස්කරණය නොකරති. අධිමාන්නයකින් තමන් ගැනම පමණක් සිතති.

අභයරාජ සූත්‍රය

මඡ්ක‍ධිම නිකායේ අභයරාජ සූත්‍රය අද දවසේ සකල ලේඛකයන්ටත් අතින් කටින් වැඩ දමන මාධ්‍යවේදීනුත් කඩපාඩමින් දත යුතු බව අපි අදහමු.

එහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහනසේ භාෂාව උපයෝගී කරගන්නා ආකාරය මෙසේ පැහැදිලි කළහ.

යමක්‌ අභූත ද අසත්‍ය ද අනර්ථ සංහිත ද එය අනුන්ට අප්‍රිය වන්නේ ද අමනාප වන්නේ ද එවැනි වචන බුදුහිමියෝ නොකියති.

යමක්‌ භූත වුවද සත්‍ය වුවද අනර්ථ සංහිත නම් එය අනුන්ට අප්‍රිය වන්නේද අමනාප වන්නේ ද එවැනි වචන බුදුහිමියෝ නොකියති.

යමක්‌ භූත ද සත්‍ය ද අර්ථ සංහිත ද එය අනුන්ට අප්‍රිය වන්නේ වුවද අමනාප වන්නේ වුවද එවැනි වචන බුදුහිමියෝ කියති.

යමක්‌ අභූත ද අසත්‍ය ද අනර්ථ සංහිත ද එය අනුන්ට ප්‍රිය වන්නේ වුවද මනාප වන්නෙ වුව ද එවැනි වචන බුදුහිමියෝ නොකියති.

යමක්‌ භූත වුව ද සත්‍ය වුව ද අනර්ථ සහිත නම් එය අනුන්ට ප්‍රිය වන්නේ වුවද මනාප වන්නේ වුව ද එවැනි වචන බුදුහිමියෝ නොකියති.

යමක්‌ භූත ද සත්‍ය ද අර්ථ සහිත ද එය අනුන්ට ප්‍රියමනාප වන්නේ ද එවැනි වචන බුදුහිමියෝ කියති.

13 views0 comments

Recent Posts

See All

වැව රවුම – ඔක්තෝබර් 2016

හිතන්නට හිතීම දරුවන්ට ඉගැන්විය යුත්තේ හිතන්න මිස හිතිය යුත්තේ කුමක්ද කියා නොවේ. – මාග්‍රට් මීඩ් එක ඛෙදීම හතළිස් හතර තුනේ පංතියේදී අපේ පංතියේ සිටි ළමුන් ගණන හතළස් හතරකි. ඒ හතළිස් හතරෙන් පංතියට මිහිර ප

වැවරවුම සැප්තැම්බර් 2016

එකල භාවිතා කළ කොළ අසූව දශකයේ මුල් බාගය වනතුරුම ගමේ ගොඩේ අය බත් එතුවේ කොළපොතේය. වෑංජන එතුවේ කෙසෙල් කොළ වලය. අපේ අත්තම්මලා එකල ආහාර පිසුවේ ආදරයත්, කරුණාවත් මුසු කරමිනි. එසේ පිසූ බත එතුවේ කොළපොතේය. පොලොස

bottom of page