පණ්ඩුකාභය අපේ මිනිහෙකි
ශ්‍රීනාත් මද්දුමගේ විසිනි.(by Srinath Maddumage)
දිළින්දන් අතරේ දිළින්දෙකි ගොපල්ලන් අතරේ ගොපල්ලෙකි චෞරයන් අතරේ චෞරයෙකි පණ්ඩුකාභය අපේ මිනිහෙකි.
මේ ගීතය එන්නෙ 1986 විතර සයිමන් නවගත්තේගමයන් ලියා අධ්‍යකෂණය කළ ‘පණ්ඩුකාභය’ වේදිකා නාට්‍යයේ. ශි්‍රයන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, හයිසින්ත් විෙජ්රත්න, නිහාල් ප්‍රනාන්දු එහෙම ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවා. මම පසුගිය ලිපියෙන් ඊට මගේ සම්බන්ධය ගැන කතා කළා. මා දැනහඳුනාගෙන සිටි රාවතාවත්තේ කුරුස හන්දියේ විදුලිබල මණ්ඩලයේ සේවය කළ ‘සුභ සහ යස’ නාට්‍යයේ ඇමති මණ්ඩලයේ රඟපෑ ප්‍රේමකුමාර දසනායක දුන් ඔත්තුවක් ඔස්සේ ගිහින් යාන්තං අත පය කඩාගන්නෙ නැතිව පණ්ඩුකාභය නාට්‍යයේ මට පුංචි චරිතයක් ලැබුනා. ඒක තමයි ප්‍රසිද්ධ වේදිකාවේ මගේ කුළුදුල් රංගනය. ‘පණ්ඩුකාභය් වැඩියෙන්ම රඟදැක්වුනෙ සාම්ප්‍රදායි රංග ශාලාවල නෙමෙයි. ගම්උදාවෙ වේදිකාවල. මේ කාරණාව පිටිපස්සෙ යටි අරමුණක් තිබුනයි කියල අපි දැනගත්තෙ පස්සෙ. මොකද ඒකාලෙ අපිට තිබුනෙ නාට්‍ය උණ විතරයි. ප්‍රභාකරන් නාට්‍යයක් හදල චරිතයක් දෙන්න කතා කලත් යන තරමට නාට්‍ය උණ, විකාරයක් වෙලයි තිබුනෙ. හදිස්සියේම අවුරුදු තිස් තුනක් විතර අතීතයට ගිහින් මට පණ්ඩුකාභය වේදිකා නාට්‍ය මතක් වෙන්න හේතුවක් තිබුණා. ඒ හේතු කාරණාව වර්තමානයට සමාපාත වෙන්න පටන් ගත්තු නිසා තමයි මගේ අතීත මතකය ආයෙමත් අලූත් වුනෙ. රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ උප නායකය වුනත් 1988 ජනාධිපතිවරණයට ඔහුට නාමයෝජනා දෙන්න වත්මන් එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ මාමන්ඩිය වුන ජේ. ආර්. ජයවර්ධනගෙ රුචියක් මනාපයක් තිබුනෙ නැහැ. ඔහුගේ තේරීම වුනේ ගාමිණි දිසානායක හෝ ලලිත් ඇතුලත්මුදලි. එහෙත් ප්‍රේමදාසට ඕනෙ වුනා කොහොම හරි ලංකාවේ දෙවෙනි විධායක ජනාධිපති වෙන්න. ඔහු පක්ෂය තුළ අරගල කළා. බිම් මට්ටම තමාට බව ඇෙඟව්වා. පක්ෂය කඩාගෙන යන තරමට ලොකු පිපිරුම් සූදානම් කළා. බලාගෙන යනකොට එදත් අද වගේම තමයි. සජිත් ප්‍රේමදාසටත් අවුරුදු තිස් එකකට පස්සෙ ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වුනා. ඒත් සජිත් අහුනොවුන තැන් ප්‍රේමදාසට අහුවුනා. ඔහු ඔහුගේ සටනට කලාවත් සම්බන්ධ කරගත්තා. සයිමන් නවගත්තේගම වගේ ජනතාවාදි කලාකාරයන්වත් ඔහුගේ ගමනට ප්‍රයෝජනයට ගත්තා. විදග්ද කලාවක් ගැන කතා කරපු ජනතාවාදි විකල්ප මිනිසාත් ඔහුගේ ගලග්‍රහණයට ගොදුරුවුනා. මමත් ඒ කාලෙ ජනසෙතේ වැඩ කළා. සයිමන් නවගත්තේගමයන් ගාව රස්සාව කළා. ඒ කාලෙ දේශපාලන මතවාදයන් ගැන කතා කරන්න අපි මොන සොක්කොද ? මට ඇත්තටම සිහියට ආවේ දේශපාලනය නෙමෙයි. ප්‍රේමදාස සයිමන් නවගත්තේගමයන් භාවිතා කරල ‘පණ්ඩුකාභය’ නාට්‍ය නිර්මාණය කළේ ඔහුගේ ගමනට පාර හදාගන්න කියල අපි ඒ කාලෙ දැනගෙන උන්නෙ නැහැ. ‘පණ්ඩුකාභය අපේ මිනිසෙකි’ කියල ප්‍රේමදාස ඔහුව පණ්ඩුකාභයට සමාන කරගන්න උත්සහ කළා. ඔහු ඒ හරහා සියුම් ජනමතයක් හදාගත්තා.

1 Year old Ranasinghe Premadasa with his Parents in 1925.
නවගත්තේගමයන් නම් ඒක දැනගෙන ඉන්න ඇති. කෙනෙක් කියන්න පුළුවන් මහ ලොකු බොහිමියානුවා, ජනතාවාදි මිනිසාද ඔය කියල. ඒකටත් පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවෙ ජනතාවාදිව කලාව කරන්න නං ජීවත්වෙන්න මුදල් ලැඛෙන වෙනත් විකල්පයක් මාර්ගයක් තියෙන්න ඕනෙ. එහෙම කියන කවුරුත් කලාකාරයො කන්නෙ බොන්නෙ කොහොමද කියල හොයා බලන්නෙ නැහැ. ඇයි ඉතිං අපි මහත් භක්තියෙන් සලකපු ධර්මසිරි බණ්ඩාරනායකත්, යහපාලන රජයේ උපදේශකවරයෙක් වුනේ. ඔව්ව ඔහොම තමයි. ඇත්තටම කිව්වොත් මේ එකක්වත් නෙමෙයි අවුරුදු තිස් එකක් ආපස්සට ගියාම ලොකුවටම මට මතක් වුනේ. මේ මෑතකදි ගෝඨාභය ටෙලි ප්‍රොම්ටරයක් බලාගෙන කතා කරනවයි කියල සමාජ මාධ්‍යවල ලොකු හාහෝවක් ඇති වුනා. මම ගම්උදාවක zපණ්ඩුකාභයZ පෙන්නන්න ගිය වෙලාවක තමයි ජීවිතේ මුල් වතාවට ටෙලි ප්‍රොම්ටරයක් දැක්කෙ. රණසිංහ ප්‍රේමදාස වේදිකාවල කතා කරනකොට ටෙලි ප්‍රොම්ටරයක් පාවිච්චි කරනවා දැක්ක වෙලාවෙ නං ඒක පෙනුනෙ හරියට මැජික් එකක් වගේ. මම නම් හිතන්නෙ ඒක පුදුමෙටවත් බාල්දුවටවත් කාරණාවක් නෙමෙයි. කෙනෙක් තමුන්ගෙ කතාව සූදානම්වෙලා පිළිවෙලක් ඇතිව කරන්න ටෙලි ප්‍රොම්ටරයක් පාවිච්චි කරන එකේ තියෙන වැරැද්ද මොකද්ද ? ඔස්කා සම්මාන උත්සව වලත් ටෙලි ප්‍රොම්ටර් පාවිච්චි කරනව අපි දැකල තියෙනවා. ඒකෙ අරමුණ නිශ්චිත වෙලාවකට අදාල කාරණාවලට සමාගාමිව තමුන්ගෙ කතාව කරනවයි කියන එකයි. ඒ කතාව අහගෙන ඉන්න අයට ටෙලි ප්‍රොම්ටරයක් තිබුනද නැද්ද කියන එක වැදගත් නෑ. මෛති්‍රපාල සිරිසේන ජනාධිපතිවරයත් ටෙලි ප්‍රොම්ටරයක් පාවිච්චි කරල කතා කළා නං, කොහෙද යන්න මල්ලෙ පොල් කතා ජනාධිපතිවරයෙක්ට ගැලපෙන විධියට ලඝුවෙන්න තිබුනා. මෛති්‍රපාල සිරිසේනට ටෙලි ප්‍රොම්ටරයක් පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් උපදේශකයෙක් නොහිටිය එක එයාගෙ කරුමයක්. ඒ වගේම සජිත් ප්‍රේමදාසත් මෑතකදි වේදිකාවල කියාපු මරිමෝඩ කතා අවම කරගන්න එයත් ටෙලි ප්‍රොම්ටරයක් පාවිච්චි කළා නම් එයාට කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට නම් හොඳයි.