top of page

නිරෝ දානේ...

අපෙ නිළමෙට නිකම්ම නිකම් ඉන්ට බෑනෙ. ඒ උනාට මේ දවස් වල එහෙමට කියල රස්සාවත් නැතුව ඔන්ලයින් පාංකඩවල ඔලුව ඔබාගෙන ඉන්නෙ. ඔපීසියෙ ලොක්ක එක්ක වෙබ්බෙකේ මීටිම තියනකොට උඩ බාගෙට ටයි කෝට්ද යටිබාගෙට අරික්කාලෙ ෂෝට් පොඩියක්ද දෙකයි පනහේ චප්පා සෙරෙප්පු දෙකක්ද යනාදි වසයෙං සැරසිලා ඉන්නවා. මේක දැක්ක මැණිකෙගේ හිනාව නවත්ත ගංට බැරුව අඬු දිග තේ කෝප්පෙ මහ පොලවටම චක බ්ලාස්සුනා කියමුකො. සොල්ල වේල ඉල්ලෙ. "ඕයි ටිකක් පිලිවෙලකට ඉන්නවාකො. ලොක්ක එහෙම මේ සමයං දැක්කොත් ඔන් ලයින් ජොබ් කට්ටත් නැතිවෙලා ඩෝල් එක ඉල්ලන්ට වෙයි" එහෙම කිව්වට වෙබ් කොන්ෆරන්ස් එක අස්සෙ මේසෙ යට තිබාන නැට්ට කඩ කඩාහිටිය බෝංචි මිටිය උන්දෑ දක්කෙ නෑ. ඒ කොන්තරාක්කුව නිළමෙට මැණිකෙ පංගාර්තු කරේ පෙරේදද කොහෙද.

පොඩි විරාමයක් ඇවිල්ල යුගල පද, සමාන පද විරුද්ද පද හොයන කොම්පිටිශමකට ලොග්ගුනා. සීවරං දෙයියනේ. මේ ඉන්නෙ හැට හුට හමාරක් අයියලා අක්කිලා. පලවෙනි පදේ නිරෝදානෙ. ඔන්න හතර පෝයට සිල් ගන්න උපාසක අප්පුවෙක් ටෝක් එකක් දෙන්ඩ ගත්ත. "ඕක ඇවිල්ලා මහා පල මහානිසන්ස දෙන කිරියාවක්. දන් බලන්ඩ හීල් දානෙ, සාංගීක දානෙ, ජීව දානෙ, ප්‍රාන දානෙ වගෙ දහ අට දානෙටත් එහා ගිය මහා දානයක්. නිරෝ කියන්නෙ කිසිම ආගමකට නැහැ කියන එකනේ. එතකොට ඔය කියන්නෙ කිසිම ආගමකට නැති කාණ්ඩෙකට මහා දානයක් දෙනව කියන එක.


"කොහෙද ලොක්කො ඒක ලියල තියෙන්නෙ?" පෝනිටේල්ලලෙකක් එහෙම දාගෙන හිටපු තරුන පහේ බුවෙක් ඇහුව. "අපේ මහ නායක උන්නාන්සේලා එහෙම කියනව මං මේ ඇස් දෙකෙන් දැක්ක" කියනකොටම ජර බරස් ගාල සද්දයක් ඇහුන. මං හිතන්නෙ උපාසක උන්නැහේ හාංසි පුටුවෙ වැල් කඩාගෙන අපායට ට්‍රාන්සර් උනාද කොහෙද.

ඊළඟට හිටියෙ කොණ්ඩෙ තඹ පාට කරගෙන පත දඹ රං චේන්නෙකක් දාල සංගලාස්සෙක පපුවෙ ගහගත්තු කැබින් බෑග්ගෙකක් ඇදගෙන යන ඉතාලි සයිස් බුවෙක්. " අල්ලෝරා... නිරෝදානෙ කියන්නෙ ෆුල් සීක්‍රට්ටෙකේ කරන්ඩ ඕනැ ක්‍රියාවලියක්. ඕන්න රෝමෙං කෝච්චියෙ නැගල බෝඩර්රෙක පයිනව. ඊට පස්සෙං පහු එහෙං චෙක්කිං වෙලා කැෂූනායිකට එනවා. එතන ඉන්න ඉමිග්‍රේෂන් බුවාට පාර්ට්ටෙකක් දාල ඩුටී ෆ්‍රී එකෙන් සික්ටි ඉන්ච් ටී වී එකක් කොංණැක් බාගයක් එහෙම අරගෙන ඔය වන්නිහත්පත්තුවෙ නෑදෑ ගෙදරක වීක්කෙකක් දෙකක් වහං වෙලා ඉන්නව. උන ආවොත් පැනඩෝල් හත අටක් කොත්තමල්ලි එක්ක ගහනව. චාවො...එහේ ඉන්න ගමං ෆුල් ආතල්ලෙකක් අරගෙන හෙමීට කොළම්බු නිගම්බු පැත්තෙ හෙමීට එනව" ඒකට නං නිළමෙ ඇද වෙලා ගියා හරියට ඇන්ටෙනාව වැරදිලා කැරකැවිච්ච පරණ ටී වී එකක පිංතූරයක් හතරැස් වෙනව වගේ.

ඒ අස්සෙ වෙබ් ඇඩ්ඩෙකක් යනවා. "මාගේ මේ ස්‍රී මුකයෙං වදාල පරිදි නිරෝදානෙ වෙන්ට නං පරැකනිල් දෙකක් බීලා අපේ චන්ද රැස්සීමට එක පොදියට එන්ඩය. එදාට එන්ඩ බැරිනං අඩුම ගානෙ මුකවාඩමක් බැඳගෙන දලස් අලාගෙ රැස්සීමට වත් යන්ඩය. ඔටෝමැටික් වලපල්ලං නිරෝදානෙ ලැබෙනවය කියල" පුත්‍ර බුවෙක් කීවය. ඒ පාර නිළමෙට කකුලෙ මාපටැඟිල්ල විකාගන්ට හිතුන.

ඊළඟට මූණ දැම්මේ රවුං හචිස් තරං බුවෙක්. "නිරෝදානෙ වෙන්ට කලින් යපිලා බූමදානෙ වෙන්ට ඕනැනෙ. සහරාම බ්ලාස්ට් වෙලා දෙයියො ළඟට ගියාට ඉන් ජෙනරල්, ජෙනරල් පොපුලේශන් දෙයියො ළඟට යංට බූමදානෙ වෙන්ටම ඕනැය" කියල උන්දෑ හෝ ගාල අඬන්ට තිබාගත්තය. ඒක අහගෙන හිටපු බුරුසු රැවුලයි එස්පර්ට් පැනල්ලෙකයි ඔලුවෙ අත ගහගත්ත නෙව.

දැං ඔන්න ටිකක් බඩ ගෙඩිය එහෙම තියෙන මැදි වියේ ඔෆීස් බුවෙක් එන්ටර් උනා. "නිළමෙට කියන්ඩ ඊයෙ අපේ කෝච්චියෙ සෙට්ටෙක එල නිරෝදාන පාරක් දැම්ම. ඔයැයිට කියන්ඩ සීල් බෝතල් දෙකයි, බයිට්ටෙකට මයියොක්ක කිලෝ තුනයි ඉස්සො කිලෝ එකයි. කට්ටිය දහයක් පාලොහක් අපේ කාමරේ එක මිටියට එලිවෙනකල් සුදිය දැම්ම. ජෝතිගෙ සින්දු හැට හුට හමාරක් ගැහුව. අපේ වයිෆ් බබාලත් එක්ක බීච්චෙකට යැවුව කලින්ම. නැත්තං චුරු චුරුව දවසම. මොකද කියන්නෙ නිළමෙ අද රෑත් නිරෝදානෙ වෙමුද" අම්මට සිරි. නිළමෙ ඊ කබරයා පාරක් දැම්ම උගෙ වෝල්ලෙකේ.

එතකොට පච්චයක් එහෙම කොටාගත්තු සුවාසෙනගර් වගෙ රොම්බ සයිස් බුවෙක් වෙබ්බෙකේ ඇපියර් උනා. "හයියයියෝ. නිරෝදානෙ කියන්නෙ ඒ වගෙ ලබ්බකට නෙවි. දෙකේ දෙකේ පොල්ලකුයි ලදරං ජීප් එකකුයි ගල් බාගෙකුයි දෙනව නං පැයකිං හමාරකින් මුලු ටවුමම නිරෝදානෙ කරනව. අම්මාපල්ල. ඔය දොට්ට පිලට යන්ඩ හරි එලියට බහින වුන්ඩ දෙන්ඩ ඕනැ පස්ස පැත්තට දෙමෝදර රේල් පාර වගේ වැයිරි හිටින්ඩ... ඕකුන්ඩ අම්ම පෙවුව කිරි මතක් වෙන්ඩ, අර මෝඩිගෙ පී සී බුවාල වගෙ" කියල මිනිහ මහ ජනයට ෆ්‍යිව් ස්ටාර් මීල් එකක් විත් ඩිසර්ට් බැටංපොල්ලෙන් සප්ලයි කරන වන් ඇන්ඩ් ඔන්ලි ඉන් ඉන්ඩියා පොලිස් වීඩියෝ එකක් එවුවා.


ඒකට නං නිළමෙව ගෑස් ලිප නැතුවම නිකම්ම ආදාහනය වෙලා ගියා.

මේ වගට

ඔසී නිළමෙයැ...

51 views0 comments

Recent Posts

See All

මරණයෙන් බේරැණ රෝහණ පණපිටින් නොමරා මරන්න ජුලියස් භාවිතා කළේ අමුතු අමුතු උපක්‍රම. ජුලියස් කවදාවත් රෝහණට, රෝහණ කියලා කිව්වේ නැහැ. කිව්වෙම රොහාන

සමහර පාඨ එක වරක් ඇහුණොත්, එහෙම නැත්නම් දැක්කොත් අපේ හිතේ රැදෙන්නේ හරියට ගලක කොටපු අකුරු වගේ. මගේ යාළුවෙක් “රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව” කියන පාඨය දැකලා තියෙන්නේ ත්‍රීවීල් එකක පසුපස අලවලා තිබුණු සිටික

bottom of page