කැඩපත – සංස්කාරක සටහන – ජූනි 2016
තණකොළ පෙත්තාගේ සහ කුහුඹුවාගේ කතාව ඔබ අසා ඇතුවාට සැක නැත. වසන්ත කාලයේදී තණකොළ පෙත්තා උදේ පටන් රෑ වෙනතුරු විනෝදයෙන් කාලය ගත කළේය. වෙනත් වචන වලින් කියනවා නම් ජෝගි නැටුවේ ය. කුහුඹුවා කළේ වසන්තයේ මිහිරියාව විඳගන්නා අතරම ඉදිරියේදී ඇති වන වැසි සමයේදී මුහුණ දෙන්නට වන දුෂ්කර කාලය ගත කිරීමට අවශය කටයුතු සම්පාදනය කිරීමය. ඒ අනුව කූඹියා ගුල ප්‍රතිසංස්කරණය කර ආහාර ගබඩා කළේ ය. තණකොළ පෙත්තා කූඹියාට ඔච්චම් කළේ “මූද හත් ගව්වක් තියා අඹුඩේ ගහනවා” කියමිනි. වැසි සමය එළැඹිණ. ගුළ තුළට වැදි කූඹියා සිය ගත සිත දෙක උණුසුම්ව තබා ගත්තේය. තණකොළපෙත්තාට තරු පෙනෙන්නට පටන් ගත්තේ ය. ඉන්ට හිටින්නට තැනක් තබා කන්ට බොන්නටවත් නැතිව තණකොළපෙත්තාට මහත් දුකක් විඳින්නට සිදුවිය. අවසානායේ කුහුඹුවා තණකොළපෙත්තාටත් උදව් කළේ ය. ලෝකයේ රටවල් 172 ක් අතුරින් ස්වභාවික විපත් අවදානම් දර්ශකයේ ඉහළින්ම සිටින්නේ වනවාටු රාජ්‍යයයි. මෙම දර්ශකයට අනුව අගය වැඩිවන විට අවදානමද වැඩිවන්නේ ය. ඒ අනුව වනවාටුව 172 වෙනි තැන ගන්නා විට ශ්‍රී ලංකාවේ දර්ශක අගය 113 ය. වෙනත් වචනවලින් කියනවා නම් ලෝකයේ රටවල් 172 ක් අතුරින් වනවාටුව ස්වභාවික විපතක් අත්වීමේ පළමු තැන ගන්නා විට ලංකාව 59 වැනි තැන ගනී. ජපානය 14 ය. අපේ මවුබිමේ තත්ත්වය එතරම්ම සුබවාදී නොවන බව මින් ගම්‍ය නොවේ ද ? අපේ පාලකයන්ටත්, ජනතාවටත් මේවා නොපෙනේ ද ? ජපානය තරම් ස්වභාවික ව්‍යසනයකට පෙර සූදානමක් ඇති තවත් රටක් මිහිපිට නැති බව කියවේ. එසේ වුවද 2011 මාර්තු 11 වෙනිදින ඇතිවූ සුනාමිය නිසා ෆුකුෂිමා නි්‍යෂ්ඨික බලාගාරය බේරා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එසේ වූ නමුත් පෙර සූදානමක් නොතිබුණා නම් සහ ස්වභාවික ආපදාවක් විධිමත්ව කලමණාකරණය කර ගන්නා අයුරු නොදැන සිටියානම් ජපානය අදටත් සුනාමියට දොස් තබමින් ඉන්නට ඉඩ තිබුණි. සූදානම හා ආපදා කළමණාකරය නිසා වසරක් ගතවන්නට පෙර ජපන්නු පෙරටත් වඩා සවිමත්ව නැගී සිටියහ. + + + + ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනය යි. පරිසර දින ඇත්තේ අවුරුද්දටම එකකි. ඒද සමරා පසුව වමාරන්නට නොවේ. තේරුම් ගැනීමටය. පරිසරය යනු අවසානයේ මුළු මහත් අහසත්, මේ මහා පොළවත් දෙක ය. අහස පොළව නොදත්, කද බඩ ගැන දත් පිරිසට අහස පොළව උරණ වූ කල්හි වතුර බෝතල් හෝ කෙසෙල් ඛෙද ඛෙදා ඉන්නවාට වඩා කරන්නට ඇති අන් දෙයක් නැත. ඉදිරි දැක්මක් ඇති සැලැස්මක් නැති වීම සොබාවික ව්‍යසනයකටත් වඩා විශාල ව්‍යසනයකි – විපතකි.