කැඩපත සංස්කාරක සටහන – ජනවාරි 2016
දියමත ඇවිදීම හාස්කමක් බව මිනිස්සු කියති. එහෙත් මා සිතන්නේ කෙනෙකුට සමකාමීව මේ මිහිමත ඇවිදයාමට ඇති හැකියාව ඊටත් වඩා සැබෑ හාස්කමක් බවය…… – පූජ්‍ය තිච් නෑන් හෑන් වසරක් ගෙවී නව වසරක් එළැඹෙන මේ මොහොතේ අප බොහෝ දෙනා පසුවන්නේ වෙනදාට වඩා උද්‍යෝගයෙනි. නැවුම් අදහස් වලින් අප කාගේත් සිත් සතන් පිරී ඇතුවාට සැක නැත. අතපසු වූ වැඩකටයුතු නොපමාව අවසන් කිරීමටත් අලූත් අලූත් වැඩකටයුතු වලට අත ගැසීමටත් මෙය ඉතා සුදුසුම කාලයකි. අලූතින් නොසිතා පුද්ගලයෙකුට මතු නොව සමාජයකට පවා ඉදිරියට යන්නට ඇති ඉඩකඩ සීමිත ය. එහෙත් අප අතරින් කී දෙනෙකු නම් අලූත් දෙයක් සිතන්නේ ද ? අලූත් වැඩකට අත ගසන්නේ ද ?
අවාසනාවකට මෙන් අප අද අහන දකින අලූතින් යමක් කරනවා යැයි පාරම්බාන අය වචන පුණරුච්චාරණය කරනවාට වඩා යමක් නොකරති. ඔවුහු කරන්නේ තවත් කවුරු හෝ සාර්ථක ලෙස කරගෙන යන යමක් මතුපිටින් පමණක් අත ගා අනුකරණය කිරීම ය. අනෙක් අතට නැවත නැවත ප්‍රචාරය කිරීමෙන් අසත්‍ය පවා සත්‍ය ලෙස සමාජගත වන බව අපි බොහෝ දෙනා දනිමු. ඒ නිසාම ඊනියා ප්‍රචාරය නැමති එකී උගුලට දැනුවත් හෝ නොදැනුවත්ව ඔබත් මමත් අසු වෙමු. අවසානයේ සිදුවන්නේ සියල්ලම විපරිත වීමය. එකල්හි මුතු මැණික් දිය යටට ගොස් ගොම රිටි දිය මත පාවෙන්නට පටන් ගන්නේ ය. කවර ක්ෂේත්‍රයක වුවද බොහෝ විට අප අද ඔල්වරසන් නගන්නේත්ල අත්පොළසන්දෙන්නේත් එකී ගොමරිටි වලට නොව් ද ? මෙකී උගුලෙන් ගැලවෙන්නට ඉහත දැක් වූ පූජ්‍ය තිච් නැන් හැන්ගේ කියමන මදක් විමසා බලන්න. හැම දෙනාම මිහි මත ඇවිද යති. ඒ නිසාම කිසිවෙකුට එහි විශේෂත්වයක් නොපෙනේ. නමුත් කවරෙකු හෝ දිය මත ඇවිද ගියේ නම් අපි මහත් ප්‍රාතිහාර්යයක් වූවා මෙන් එදෙස බලා සිටිමු. නමුත් අද අප මේ මිහි මත ඇවිද යන්නේ කෙබඳු ආකාරයකින් ද ? අපේ සිත්තුළ ඇත්තේ කෙබඳු සිතිවිලිද ? ඒ ගැන සිතන විට සාමය, මෛත්‍රීය, කරුණාව, දයාව, උපේක්ෂාව, සමාවදීම යන සිතිවිලි දරාගෙන මිහි මත කෙනෙක් ඇවිද යා නම් එයම අද දවසේ සැබෑ ප්‍රාතිහාර්යයක් නොවන්නේ ද ? සාමාන්‍ය දෙයක් දෙස උන්වහන්සේ අලූත් ඇසකින් බලා ඇති ආකාරය කෙතරම් අගනේ ද ? සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේ ගැන විමසිලිමත් වන ඔබටත්ල අපටත් සාමාන්‍ය දේ තුළ සැඟව ඇති අසාමාන්‍යත්වය ගැන අලූතින් සිතන්නට හැකි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු !