top of page

කැඩපත – සංස්කාරක සටහන – අගෝස්තු 2017

කුණු හරුප නොකියනු – කේළාම් වචන නොකියනු විහිළු බොරු නොකියනු – ඇනුම් පද කිසිවෙකුට නොකියනු බොරු කීම කැතමය – ගැරඬි කුණටත් නොසමය ඇත්ත නම් කදිමය – මෙලොව රජ සැපතටත් උතුමය සිරිත් මල්දම – එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් මැතිතුමා අප උපන් ශ්‍රී ලංකාව දිනෙන් දින මහා ප්‍රපාතයක් කරා ගමන් කරන්නේද යන ගැටළුව ලොව පුරා විසිර ගිය නමුත් උපන් රටට හිතෛශී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට දිනෙන් දින දැනෙන්නට පටන් ගෙන ඇති බව නොරහසකි. රට පාලනය කරන තට්ටු මාරු දේශපාලකයෝ මාරුවෙන් මාරුවට බලය හමුවේ දේවධර්මය කෙලසති. දේවධර්මය යනු පවට ඇති ලජ්ජා බය ය. පව යනු සාම්ප්‍රදායික වචනයක් කියා අපට අමතක කළ හැකිය. එහෙත් සදාචාරය යන වචනය අපි කෙසේ අමතක කරමු ද ? පාලකයන්ට එක නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් පවතින රටක සදාචාරයක් කොයින් ද ?

පාලන බලය යනු මිනී මරන්නට, හොරකම් කරන්නට, ස්ත්‍රී දූෂණය කරන්නට, කොමිස් ගහන්නට, බොරු කියන්නට, තම සිතැඟි පරිදි මහජන දේපල භුක්ති විදීමට හෝ මහජන දේපල විකුණා දමන්නට ලැඛෙන වරප්‍රසාදයකැයි සිතන අමන රැලක් තමන්ව පාලනය කරන්නට කවුන්සලේට තෝරා පත් කර යවන්නට සැදී පහැදී සිටින ජනතාවද මෙම තත්ත්වයට වග කිව යුතු නොවේ ද ?

බුදුන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී රාහුල තෙරනුවන්ට දේශනා කළේ බොරු කියන පුද්ගලයාට නොකළ හැකි පාපයක් නැති බවය. අද අප අත්විඳින්නේ ඇත්ත නැත්ත කරන එමෙන්ම නැත්ත ඇත්ත කරන එකම පාලකයන් පිරිසකට නැවත නැවතත් රැවටීමේ ඛේදවාචකය නොවේද ?

යුද්ධයෙන් හෝ සුනාමියෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතියකට කුණුකන්දකට, ගංවතුරකට, නායයෑමකට, නියගයකට මතු නොව ඩෙංගු මදුරුවෙකුට පාඩමක් කියා දෙන්නට හැකි වෙතැයි සිතීමද විහිළුවකි.

ලාංකිකයා එතරම් අවදානයක් යොමු නොකරන විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ කොටස් දෙකකි. ඉන් එක් ඩයස්පෝරාවක් කැමති ලංකාවට කෙළවෙනවාට ය. අනික කැමති ලංකාව දියුණු රටක් වෙනවා දකින්නට ය. එසේ නමුත් දිනෙන් දිනම එකී දෙවෙනි ඩයස්පෝරාවට උරුම වන්නේ අපේක්ෂාභංගත්වය ය. අනෙක් අතට රටට හිතැති විදෙස් ගත අවසාන ඩයස්පෝරාව දැන් මහළුය. ඔවුන්ට දැන් පෙර මෙන් උපන් රට වනසා සතුටු වෙන ඩයස්පෝරාව හා කරට කර සටන් කරන්නට හැකියාවක්ද නැත. ඒ නිසා නුදුරු දිනකදී දේශ හිතෛශී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අත් හැරීම පුරුදු පුහුණු කිරීම ශ්‍රී ලංකාවෙන්ම පටන් නොගන්නවා ඇතැයි කාට නම් කිව හැකි ද ?

සාමන්ත තැන්නගේ

5 views0 comments

Recent Posts

See All

දිනක් බුදුන් වහන්සේ රාහුල පොඩිහාමුදුරුවන් වැඩ සිටි අඹ වනයෙහි කුටියට වැඩි සේක. රාහුල හිමියෝද බුදුරදුන්ගේ පා දෝවනය කොට උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ. අනතුරුව බුදුරදුන් රාහුල හිමියන්ට දහම් අවවාදයක් දුන් ස

පසුගිය මාසය තුළ අපට අසන්නට දකින්නට ලැබුණු ප්‍රවෘත්ති පුදුමාකාරය. ඇතැම් ප්‍රවෘත්ති ඇත්තය. තවත් ඒවා බොරුය. ඇතැම් ඇත්ත ප්‍රවෘත්ති බොරුය. බොරු ප්‍රවෘත්ති ඇත්තය. ඇත්ත නැත්ත ඇත්තටම සොයා ගැනීමට නොහැකි අන්තර්

bottom of page