කැඩපත කැඩපත -අප්‍රේල් 2016
ගුවනේ පාවෙන නිල් වළාදෝ
ගුවනේ පාවෙන නිල් වළාදෝ ඔඛෙ තනිකම මකා ලන්නේ දෑතේ හිරවුණු පොතේ පිටු තව ටිකද කියවන්නට තිඛෙන්නේ මදෑ හිටගෙන මෙතෙක් සිටියා නැද්ද පා යුග රිදුම් දෙන්නේ නැවත දුවගෙන එන්න සිරිලක අවුල් ගොඩකයි එරී ඉන්නේ අමරා ජයසේකර
දැහැමින් රට කරන හැටි
පැරකුම් මහ රජුනි ඔබගේ දෝත මත පුස්කොල පොතක් ඇත දැහැමින් රට කරන හැටි එහි පිටු අතර ඇත නූතන රජුන් හට දැහැමින් රට කරන්නට පිටු පෙරළිය නොහැක එය නිම වූ බැවින් ගල මේබල් දසනායක
එම්බා කොල්ලනි මෙහෙ එව් !
එම්බා කොල්ලනි, මෙහෙ එව් ! දෑතේ කරගැට පිසදා ලොකු අකුරින් – පුස්තකයේ කොටාපන් පැරකුම් සමුදුර පිරවූයේ නුඹේ හතර වරිගයේ දහදිය ලේ කඳුළින් බැව් ශිරාන් විජේරත්න
දෙවියනි පමා ඇයි
ගල් විය යුතුව ඇති නැවතී හුස්ම පඳුරට ගලක් වැදුනොත් පැත්තට සෑම විසිවෙයි නිරිසතුන් නිරිඳුයි ගත්ත නම දෙවියනි පමා ඇයි පණ දෙන්නට තවම තිමිර විනිවිද
දිය බිඳු යයි දෝරෙ ගලා වියලූනු පොළව අස්වද්දනු හිතේ දරා හැදු වැව් තාවුල්ලේ සාරය උන් ගනී උරා අහසින් වැටුණු දිය බිඳු යයි දෝරෙ ගලා පැරකුම් රජුනි ඇයි තාමත් හිඳී බලා නිසන්සලා අතපත්තු
යන්නට පෙර සින්ඳු
පැරකුම් සයුර අසබඩ සිට විරු පැරකුම් නිරිදු සුසුම් හෙළන කල තරඟග රඟයි කියමින් සින්ඳු අහස් ගඟෙන් වැටෙනා ඒ හැම මුතු දිය බින්ඳු පිහිනා අතර සරසා කෙත් යන්නට පෙර සින්ඳු පී. අමරසේන
දොතින් එය රැගෙන
ඉසිවර තුමකු දුන්නා පුස්කොල පොත මෙමා හට දොතින් එය රැගෙන පිළිගැන්වූයේ නිරිඳුන්ට ආසාවෙන් සිටියෙමි එහි තතු දැනගන්ට තවමත් කියවමින් නිරිදා එය ගෙන අතට ඩල්සි ධනසිරි
යළිත් උපන්නොත්
අඩවන් නෙත් අගින් ගලයි කරුණා ගුණ ධාරා තිවංක මුදු පාද කියයි සිල් අමුර්ත සාරා දෑත දරන පුසුකොල පොත ප්‍රඥා සිඳ මාරා යළිත් උපන්නොත් ලක්බිම වේ බෝ මනහාරා වසන්ත සදනායක
කුරහන් සාටක මත
රන් ඔටුණු පැළඳ නැත මිරිවැඩි සඟළද නැත කුරහන් සාටක මත වී කරල් පැසුනෙ නැත සාමන්ත තැන්නගේ
බල ! පඨවිය
ආපෝ කසිනය වඩනා බල ! පඨවිය ලත් – සමාධි සාගර ඉද්දවල
අතේ පොත ඇති කලෙක
සිතේ තද ගතිය නැත නිරිඳු වුව අතේ පොත ඇති කලෙක දමයන්ති පෙරේරා
ලබන කලාපයේ නිමිත්ත – පොලොන්නරැවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය
මාස් පතා අපි ඔබට නිමිත්තක් ලබා දෙමු. ඔබ කළ යුත්තේ ඔබේ නමල ලිපිනය සහ දුරකථන අංකය සමග පේළි හතරකට නොවැඩි සඳැසක්ල නිසැඳැසක්ල හයිකුවක් හෝ සිංගරුකුවක් editor@kadapatha.com.au ඊමේල් ලිපිනයට හෝ 0433 638 610 අංකයට පමණක් යොමු කිරීමය. අදාල මාසයේ අවසාන දිනය වන විට වැඩිම පාඨක මනාපය ලබා ගන්නා නිර්මාණයට අපෙන් තිළිණයක්.
