කැඩපත – කැටපත / ජූලි 2016

තෙපයින් එන තෙක්
වනේ දිවුල් පල බරට නෙලාගෙන තනේ පුරා එරි ලේ කිරි පොවන්ට තෙපයින් එන තෙක් නාඬන් මා සඳ දෙපත් රෑන පිය ගිජිදුට තුරුලූව
ශිරාන් විජේරත්න
අපේ වරිගේ අය
වනේ ගිජිදාය යටවෙයි වෙඩි හඬට කැළේ මහතාය දෙවැනිය දම්වැලට අනේ ඔබ කිමද බය හෙණ්ඩුවට අපේ වරිගේ අය අන්තය තිරිසනුට
පී අමරසේන
අනාථ නිවසක වෙසෙන සාමා ඇතින්න
දුටුගැමුණු වැනි රජුන් සමගින් තේජසින් යුධ පෙරමුණට යන ධාතු කර~ුව වැඩමවාගෙන නිසල ගමනින් පෙරහැරේ යන දෑ වැඩ සලසන ඇත් රජ පරපුර බිසුනු මිනිසුන් අතරින් මිය යන සමයෙක වෙසෙනා අනාථ නිවසෙක සාමා ඇතිනිට පතනෙමි තෙරුවන
දයා විජේසූරිය
තානා – දම් තාන – දා තම් !
වැව් අමුණු හැදුවා ය රුක් රාජ ඇද්දාය මිනිසාට බැල මෙහෙය කෙරුවා යුද බිමට ඇදුනාය දිග් විජය කෙරුවාය බුදු සසුන නිහ~වම රැක්කා ගවයා කෙතේ දෙවිය ගණ දෙවිට වැන්දාට කළ ගුණය කෙරුවාද සිහියා තානා – දම් තාන – දා තම් ! සාමා සිත් දත් නම් !
සාමන්ත
හක්ක පටස්
හක්ක පටස් කට හතරැස් කණ හාරයි ගල්ම කටස් කකුල් කඩන චීන පටස් ලාබ කලට රට කම්බස්
තිමිර විනිවිද
කලෙක එක කැළයක
කලෙක එක කැළයක යටව කොටි කකුළකට තැලී ගිය අලි කකුළ
සාගර ඉද්දවල
මුහමුද් අලී
ඇඟ බර උනත් සිත හීලෑ වෙච්ච අලි හිත ගල් වෙච්ච උන් හදන්ට නොවී මැලි සාමා නොවී මතු උපදින බවෙක යලි ඒ හකු කඩන්ට වෙනු මුහමුද් අලී
තිලිණි කාංචනා
නොහඩන් අම්මෙ
මව්බිම රකින සෙබලූන්ගේ තනිකමට පෙරමුණ ගත්තේ අපි හැම එක ආරෙකට නොහඩන් අම්මෙ මා නැති මුත් රෙහෙ පෙලට තවෙවුන් බිහිවේවි තනිකම රකින්නට
දිනිල් ප්‍රේමරත්න
සාමා ඇතින්නට සෙත් කවියක්
තිරිසන් උනත් සාමා අසරණ සතෙකි මිනිසුන් කරන බල අරගල වල කොනකි ප්‍රභාකරන් මේ පව හිමි නරුමයෙකි පතමින් සුවය ලියනා මෙය සෙත් කවෙකි
ජයසේන කොඩිතුවක්කු
ගිනි ගෙඩි මතින්
අතේ කරේ ගිනි අවිමයි දරන්නේ උතුරු දකුණු මායිම් ඉරි අඳින්නේ දෙදරයි හදවතම සිරිලක් මවුන්නේ ගිනි ගෙඩි මතින් නොදැනද පිය මනින්නේ
නිමාලි සමරසිංහ
ලබන කලාපයේ නිමිත්ත – මහනුවර දළදා මාලිගාව