top of page

කැඩපත – කැටපත / ජූනි 2016

සඳ නැගෙන සඳ

හිරු නැගෙන සඳ හමන මද නල යටින් අරලිය විමානේ හිස නමා ගැන එකින් එක පඩි සෙමින් සක්මන් කළානේ සඳ නැගෙන සඳ හමන මද නල ගයන බුදුගුණ ඇසෙන්නේ මුදුන නැග ආරාධනා ගල වැඩූ මෙත් විඳ බසින්නේ

සාගර ඉද්දවල

පඩි නැග මම කොහොම යමිද

යන තැනකට කරගන්නට මයික් කටෙන් අණ දෙනකොට අරක මේක හදාගන්ට ඒවා මේවා ඉල්ලනකොට පඩි නැග මම කොහොම යමිද මිහිඳු සමිඳු දැක ගන්නට පිරිනිවීම මොන සැපක්ද අනේ මේවා නොදැක ඉන්ට

පී අමරසේන

ගල් පඩි වැඳ වැඳ හිටියට

දුන්නෙන් ඇද ඊතල විඳ මුවන් මරා කෑ දේසය අහස මුහුද තරණය කළ මිහිඳු සමිඳු වැඩි දේසය ගල් පඩි වැඳ වැඳ හිටියට මුවන්ට දුන්නට දානය සමිඳු දහම නාසන රට වඩා එදාටත් අන්තය

තිලිණි කාංචනා

අරලිය සෙවන යට

මිහිඳු හිමියන් මෙහි වැඩි බව දැන තුටිනේ හැරමිටි වාරුවෙන් අප පැමිණියෙ වෙහෙස ගෙනේ යන්නට නොහැක ගල මුදුනට වෙහෙසයිනේ අරලිය සෙවන යට අප ඉන්නේ බොහො දුකිනේ

ඩල්සි ධනසිරි

මිහින්තලා ගල් පඩිපෙළ

මිහිඳු රහත් හිමි පිරිසක් සහ පැමිණ දේවානම් පියතිස් රජු මුණ ගැසුණ ලක්වැසියන් බොදු දහමට යොමු කෙරුණ මිහින්තලා ගල් පඩිපෙළ දෙයි නිවණ

දයා විජේසූරිය

මිහින්තලේ පිය ගැට

පඩි එක් දහස් අට සියයක් පහු කරලා ආරාධනා ගල නැගලා ගිම් නිවලා ගල් පඩි කරපු විරුවන් වෙත හිත දුවලා සුසුමක් පිට උනා අද රට ගැන හිතිලා

ආනන්ද ගුණතිලක

පාවඩ කුමට

මිහිඳු හිමි සමග රහතුන් වඩින වග ගල් වඩුවන් දැන  සිටියද පෙර සිටම පාවඩ කුමට අරලිය මල් පහස ලද දෙවියෝ රැක දෙන්න හිරු සඳු තියෙන තුරු

දිනිල් ප්‍රේමරත්න

අනුබුදු හිමි මිහිඳු වැඩි මග

බොදු සිත පහදවන ඉපැරණි පිං බිමකි පෙර රජ දවස ඉදිකළ මෙය විශ්මයකි අනුබුදු හිමි මිහිඳු වැඩි මග සැදු ලෙසකි නිවන් මගට ගෙන යන පිය ගැට පෙළකි

ජයසේන කොඩිතුවක්කු

පිය පිය බැදි ගල් අරණේ

පිය පිය බැදි ගල් අරණේ මිහින්තලේ අඹ තලයේ නිවන් මගට මග පවසන නා හිමියන් වැඩ සිටියේ

නිම්මි සමරසිංහ

අරලිය පෙති තැලෙයි !

පිය නොනගිනු තිස්ස අරලිය පෙති තැලෙයි æ සොයන් මා පෙළ මුලම අමා නිවනට දුරයි ශිරාන් විජේරත්න සෙමින් ගියොත් මේ මග

කරදර අමතක කර පෙර දැන් මතු මතු වෙන සෙමින් ගියොත් මේ මග සඳටද ගොඩවිය හැක

සාමන්ත


Kadapatha June 145

ලබන කලාපයේ නිමිත්ත

බිම් බෝම්බයකට හසු වී පාදයක් අහිමිව පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන සාමා ඇතින්න….

5 views0 comments
bottom of page