කැඩපත – කැටපත / අගෝස්තු 2016

බොදු දනන්ගේ මුදුන් මල්කඩ
මුදුන් මල්කඩ බොදු දනන්ගේ සදා කල්හිම වන්දනීයයි දනන් හට ලක් දෙරණ වසනා උතුම් දළදා සමිදු පිහිටයි රජුන් පෙරදා මහත් බැතියෙන් දිවි දෙවෙනි කොට රැකි වගයි බුදුන් අදිටන අනුව අප රට බුදු දහම බැබලෙන රටයි
ජයසේන කොඩිතුවක්කු
පවසම් අසිරි කෙලෙසින්
සදෙව් ලොවින් දෙවි වඩින තැනක් – දැයේ එකම මුදුනත් මල් කඩක් බලන් සකි වැජඹෙනයුරැ කප් ලකක් ගතවෙනතුරැ පවසම් අසිරි කෙලෙසින් එක් කවක්
ශිරාන් විජේරත්න මහනුවර දළදා මාලිගාව
පෙර හෙළ රජුන්ගේ නිති රැකවරණ ලද ලෝවැසි දනන්ගේ බුහුමන් ලද නිබඳ තුන් ලෝ හිමිගෙ සිරි සදහම් පහස ලද දළදා සමිඳු වැජඹෙයි මහනුවර මැද දයා විජේසුරිය
දිවිහිමියෙන් රැක ගමු
සෙංකඩගල පුරවරයට ආලෝකය ලබාදුන්න දළදාහිමි වැඩ වසනා මාළිගාවේ මේ පින්බිම සකල ලෝ වැසියනගේ වන්දනා මානයට දිවිහිමියෙන් රැක ගමු සිහළ කමට පන දෙන්නට
දිනිල් ප්‍රේමරත්න
දළදා සමිදු රැකවරණයි
දළදා මැදුරෙ තේවා හඬ ඇසෙන විට බොදු බැතියන් ඇදෙයි සෙංකඩගලපුරට පුද සත්කාර ලබමින් අද එදා සිට දළදා සමිදු රැකවරණයි සිරිලකට
රංජනී ගුණවර්ධන
එක ලෙසම වැඳ ගත්තු
සරුසාර බලවත්තු අහිංසක දුප්පත්තු එක ලෙසම වැඳ ගත්තු පින් බිමකි සිත් ගත්තු
නිම්මි සමරසිංහ
දළදා සමිඳු වැඳගන්ටයි
ඈත දිලෙන රන්සිවිගෙයි වැඩ සිටින බැතිමත් සිතින් එක් වී පිය නගන දළදා සමිඳු වැඳගන්ටයි සිත් සොඳින මාළිගාව සෙන්කඩගල අභිමාන
සුභා එල් හේවගේ
අද අප වඳින ගෙන මල්
අසූසාර දහසක් දම් පහස ලැබූ අනියත නියත බව ස්තිර ලෙසම ඇසූ අද අප වඳින ගෙන මල් සිරි දළදාව ලකේ හිමි දෙසුවාද වැද පමණින් ඵල ලැඛෙන බවේ සාගර ඉද්දවල
තේවා හඬ නැගේ තේවා හඬ නැගේ දළදා මැදුර කොණේ වැව පිස හමා එන මද නළ ගතේ වැදේ තෙල් මල් සුවඳ බැද අත්වැල් සිතද නිවේ අද මා මළත් වැද දළදා සෝක නැතේ
තිලිණි කාංචනා
අලි දුරක් කෙලෙසින් වඩින්නද
අලි කකුල් බැඳ අලි දම්වැලෙන් අලි කණෙන් ඇද විඳ හෙණ්ඩුවෙන් අලි ඇඳුම් ඇද වැඳ ගත් කරඩුවෙන් අලි දුරක් කෙලෙසින් වඩින්නද හිමි සඳ අලි පිටින්
තිමිර විනිවිද