කැඩපත කැටපත – මාර්තු 2016
Question for Saliya
Oh Lover made of Stone – Heir to the throne Did you not once regret – or try to forget That you chose love over glory – or wish to re-write your story Did you always love, to the same degree – this woman sitting on your knee?
– Vivimarie Van Der Poorten
මේ යුවළ මට හමුවිණ
දෙනෝදාහක් ගැවසෙන – මහව දුම්රියේ හවසක මෙල්බර්න් නුවර උයනක – සීතල අඳුරු දවසක යුගයෙන් යුගයට බැඳෙමින – සසර මග නිති ඇවිදින සදා සෙනෙහින් ඇලලූන – මේ යුවළ මට හමුවිණ
– ප්‍රියංකා කහවණුගොඩ
A hard rock that love could soften
Here’s a hard rock that love could soften Thru’ the artistic hands of a humble lover; It’s we the humans, who fail, very often, To respond to the beauty of love and its power…
– Trevis Ranjan Perera
සතර කමටහනෙ ඉන්නැති
සාලිය අශෝක මාලාවන් ළඟට අරන් කෙටුවද ගලේ ජීවය දී රුවට රුවින් නෙළනා විටදි දෑතට ඔඛෙ සවිය අරන් සතර කමටහනෙ ඉන්නැති සමාධියෙන්
– යූ. ඩී. එල්. රත්නායක
ගලක් වී සැඟවුණිද
හදවතින් ඉගිලගොස් ගලක් වී සැඟවුණිද යොවුන්විය මල් පිපිණු ආදරේ….. ?
– මුනිදාස වංශපුර
අද තුරුළකය වෙන
කලූගල් වෙඬරු කර ඉසියුම්වැ නෙළු ඔබ මගේ යැයි සිතුවද අද තුරුළකය වෙන
– ප්‍රදීප් රාජපක්ෂ
විඳි පෙම් සුවය
ගෙදරට හොරෙන් හේනට යායට කැන්දා විඳි පෙම් සුවය ඇත මගෙ මතකයෙ රන්දා ගන්නට “සෙල්ෆියක්”, “මොබයිල්” නැති හින්දා මේ කළු ගලේ දෙන්නගෙ රූපය ඇන්දා
– ආනන්ද ගුණතිලක
පාර්වතී නුඹ තාමත් නිදුකින් ද ?
රන් මසු වනේ නිවහල් සුව වින්දාද ශිව හා තුටින් බුදු පුදනට ආවාද පවුරක බැඳී සෙනෙහස සිර කෙරුනාද පාර්වතී නුඹ තාමත් නිදුකින් ද ?
– දිලිනි ඊරියවල
නිමා වී නම් රැහිරු පිරි නහර මස් වලින්
පෙම්වතුන් සේ වැළඳ මහත් වූ සෙනෙහසින් සිටින්නේ මේ ලෙසට සැදු නිසයි කලූ ගලින් නිමා වී නම් රැහිරු පිරි නහර මස් වලින් දුරස් වී හුඟ කලක් කවි ගෙතෙන්නට කලින්
– අමරා ජයසේකර
මොහොතා විඳිනා අමරස සිත් සේ
නිතිනා පෙරලේ ලෝ දම් එක සේ දනිතා ආලේ මුත් නොම වෙන සේ මොහොතා විඳිනා අමරස සිත් සේ කලතා නොලබා කිමදා දුක සේ
– සාමන්ත තැන්නගේ
නුබේ ළඟින්ම හිදගත්තෙමි
මා චණ්ඩ කුලේ උපන් පවට – රජකම කැප කෙරුවා ඇයි මෙතරම් පෙම් කරන්නේ – දරා ගන්න බැරුවා නෙතින් ගලන කඳුලු වැලක් – හද පත්ලෙම හංඟා නුබේ ළඟින්ම හිදගත්තෙමි – මම අශෝකමාලා
– අනුරාධා කුරුප්පු
පෙම් සුව විඳින්නට
පෙම් සුව විඳින්නට අපි ආවේ ගල් තලාවට හොර රහසේ ගල් වඩුඩවක් අප ඇඹුවයි කලාවට දෙනෝ දහක් ඇස් ඇරුණයි අප දෙසට මොනවා කරන්නද හිරවුණි මෙහි හැමදාට
– ඩල්සි ධනසිරි
මුරකරු
ඉඛි යතුරු අතින්ගත් මුරකරු පෙම් යුවල අබියස ඉසුරුමුණි
– මාලන් බණ්ඩාර කපුවත්ත
මගේ වෑයම
යුද්ධය නිමා වී බවුන් වඩනා දිනෙක මතු මගේ මේ වෑයම හුරු කරන්නයි පද්මාසනය කුමරුට
– සාගර ඉද්දවල
ප්‍රාණ වායුව ලැබුණම
ජීවිතය තරමට ආදරය බර නැත ප්‍රාණ වායුව ලැබුණම වේද පා දූහුවිල්ලට ද යට ?
– තිමිර විනිවිද
[poll id=2]
ලබන කලාපයේ නිමිත්ත
පොළොන්නරැවේ මහා පරාක්‍රමබාහු පිළිරැව