කැඩපත – කැටපත : මැයි 2016
අනිතය දුකය අනතය යන ළකුණු තුන
අනිතය දුකය අනතය යන ළකුණු තුන පන්සාළිස් වසක් දනහට ඛෙදා දුන තුන් ලෝ පියාගේ මහා කරුණා නයන සැතපෙන සෙල්මුවා පිළිමෙහි බැෙඳයි මන
දයා විජේසූරිය
ලොවට පුදකළ මහඟු නිමවුම
පෙර රජුන් දා හෙළ කලාකරු බුදු බැතින් සිත පහදවා ගෙන නව ගුණෙන් පිරි බුදු සිරිත දැක ලොවට හඬ ගා කියන අටියෙන මෙත් සිතින් ගත සවිය වැයකොට ගල් කුලක බුදු සිරිත අඹමින ලොවට පුදකළ මහඟු නිමවුම සිහල ඔද තෙද සදා නොමැකෙන
ජයසේන කොඩිතුවක්කු
බුදු සිරුර වුව අනියතයි
තුන් වරක් බුදු සමිඳු සිරිපා පහස ලැබු ලක් දෙරණ අපගේ කලාකරුවන් නෙළූ විස්මිත සෙල් පිළිම ඇත අප තිලෝනාගේ පිරිනිවුනු කළ ඔත් ලෙසින් දිසි කඳුළු නංවන දකිව සැමගේ බුදු සිරුර වුව අනියතයි දැන එතෙර වුව මැන සසර ඕගේ
කල්යානි තෙන්නකෝන්
ගල් වඩුවෙක්ද ?
මහා කලූගලක් සංවරයෙන් පදම් කළ ගල් වඩුවෙක්ද ? දෙව් ලොව සිට පැමිණියෙ ද ? නුදුටු බුදුරදුන් සැතපෙන අයුරු දැක ඔබ නෙලූවාද සැතපෙන බුදු හිමිගෙ රුව
දිලිණි ප්‍රේමරත්න
කළොත් වැඳුම් පිඳුම් එමට
පොළොන්නරුවේ ගල්වෙහෙරේ සැතපෙන බුදු රුව සොළොස් මසක් මදි වැන්දත් මතකයෙ ඇති රුව මෙලොවත් පරලොවත් අනිත දහමක් දෙසු දැව කළොත් වැඳුම් පිඳුම් එමට නිවන් දකින බව
ඩේසි ඒ සිල්වා
සැතපෙන සුවෙන් සිඳ දුක්ගිනි
දෙතිස් මහා පුරුෂත් ගුණ උතුරුවමින් සැතපෙන සුවෙන් සිඳ දුක්ගිනි සසර බැඳුම් දකිනට නිමක් දුක් කරදර පෙරටු කරන් දෙව් මිනිසුන් පුදති සැමදා සුවඳ කුසුම්
නිසන්සලා අතපත්තු
යොමුකර දෙනෙත්
දූෂණ වංචා හැම හදවත් වන සන්නේ සැතපී හිදල නෑ හිමියනි විසදුම් එන්නේ යොමුකර දෙනෙත් මේ විපතින් අප ගොඩ ගන්නේ තෙමඟුල් දිනේවත් බණ පදයක් දෙසනු මැනේ
ඩල්සි ධනසිරි
දහඩියෙන් පොඟවා
දහඩියෙන් පොඟවා නෙළූ කලූගල් පිළිම අවුරැසින් වැසි දියෙන් නැහැ වී ඛෙදයි ලොව දසත මෙත් සිසිල
නිම්මි සමරසිංහ
ඇවැත්නි !
ඇවැත්නි සැතපෙනු කැමැත්තෝ සතපවා සැතපෙමි
ශිරාන් විජේරත්න
සියුම් රැළි
ඉර එළියට නොපෙනෙන සියුම් රැළි පහන් එළියට පෙනෙන හැටි !
සාමන්ත
කුලිච්චම
සිරි පතුළ – කුලිච්චම හද පතුළ පිරිමදියි වඳිම් විඳි වඩුවාට නිවුනු සැනසුනු නිසැක
තිමිර විනිවිද
