ඔසී නිළමේ – ජනවාරි 2017
ඔසී නිළමේ විසිනි
පල්ලෙහා ගෙදර මිසිස් පෙරේරා දොර පලූවට තඩිබාන්ට තිබාගත්ත. ෂපාන් එකේ චිකන් ස්ලීප් එකක් දදා හිටපු නිළමේ සරමත් බඩ මැද්දෑවෙං ඇඳගෙන දොරටුපාල උනා. වුමන්ස් කාරය අලි තසිමක තියපු මයික්‍රෝ සයිස් කේක් කෑල්ලකුයි ඉරිච්ච බ්‍රවුන් පේපර් කොලේක ඔතපු බෝතල බාගෙකුයි අල්ලගෙන ඉන්නව ඕං. “මේව තැඹිලි වතුර වලින් පෙරාපු පිරිසදු වයින්. වතිකානුවෙවත් නෑ.” වුමන්ස් කාරය ඇරියෙ නැතෑ පත කෝබ්රා පාරක්. හැබෑවටම අද නට්ටල්නෙ. සිදාදිය පැත්තෙ රවුමක් ගහල කිස්මස් සිරි බලංට හිතුන. ඒ වංගියෙංම හංදියෙ වීල් මල්ලිට ටෙස්සෙකක් කෙටුව. ටෙස්සෙක පෝං එකෙං යංටත් කලියෙංම කොල්ල වීල් එක ඇන්න මිදුලෙ. මූ යන්නෙ ආලෝක ප්රවේගෙං වෙංටෑ.
“ගෝල්ඩ් පීස් පැත්තට කැපුනනං මරු දොරේ. මාර සීන්ස් තියනව අද.”
“යංකො එහෙනං” වයින් බාගෙත් ඇන්න නිළමෙ වීල් එකේ ජොංකොලොස් උනා. හොල්මංද පොල් කිවුවලූ. මාර ගහක් නොවැ ගෝල්ඩ් පීස් එක මැද්දෑවෙ හිටවල තියෙන්නෙ. “ලෝකෙ පට්ටම කිස් මස් ගහ ඕකනෙ. ලොක්ක” වීලා කියපි.
“කිරි අප්පේ මේක හදංට ගොඩක් කාසි පණං යංට ඇති නේද?” නිළමෙ බලූප් වැල් දිහා බලාගෙන මෙන්ටල් පාරක් ගැහුව. “මොනවද අම්මා අද අපේ තියන පර් කැපිටා එකේ හැටියට මෙව්ව හදන එක කජ්ජක්ද?” කවුද ලෝං ඕන් හරහා පත සික්සර් එකක් ගැහුව හිහ් හී. මේ අපේ කිරිකැට් තුමානෙ. “ඔයාට මොටද කිස්මස් ට්රීර එකක්? හදනව නං ඕං ලයිට්ටවුසියක් වගේ එව්ව” නිලමෙ කිව්ව. වීල් නිළමෙට ඇහැක් ගහල මෙහෙම කියනව. “අර පල්ලියෙ උන්නාන්සේ පොඩ්ඩක් ෂේප්කර ගන්ට ඊළඟ චන්දෙට කලිං මයෙ හිතේ…..අද කැලෙ හැටියට මෙහෙම ගහක් වත් නැතුව බෑ දොරේ.” නිළමෙ කැරකිලා ගිහිං ටයිකෝට් දාපු බුවෙක්ගෙ හැප්පුන. “බලාන්ට නිළමේ යේක තමා ගහ යේක තියෙන්ඩ තිබ්බේ විල්පත්තුවෙනේ. මට නං කපන්ටම තමා හිත. රොම්බ සයිස් අප්පා.”
නානා ගහ ඉඹගෙන ඉඹගෙන ගිහින් බුල්ඩෝසර් සයිස් පනාවක් දැම්ම. ගහ වටේ තව ටිකක් ඉතර කැරකෙන කොට නිළමෙට අමුතුම සෙට් එකක් හම්බ උනා. ලිප්ස්ටික් උලල කොටට ඇඳල හීල්ස් එහෙම දාපු කොල්ලො සෙට් එකක් පස්ස නටව නටව ඇඹරෙනවා. නිළමෙටයි වීල්ලටයි දෙකංසෙං හිනා ගියා.
“ඔයාල මොකද මෙහෙ කරන්නෙ?” නිළමෙ එකියක්ගෙ අත කොනිත්තල ඇහුව.
“අනේ මෙයා. අපි අවයව දන්සැලක් දෙනව.”
“යකඩෝ මේ වෙසක් කියල වෙංටෑ ඔය අවයව කිව්වෙ වකුගඩු අක්මාව වගේ ඒව වෙංටෑ.”
“අනේ මෙයා අහන ඒව. ඒක නං කියන්ට මොකක්ද වගේ.” එකියක් නෝන වොයිස් එකෙන් පස්ස හරවගෙන කිව්ව.
“හොඳා හොඳා පිං අතේ වැඩනෙ ඒවා. නැත්ද?”
“ඔව් මෙයා. මේ ආත්මෙම පිං ලැඛෙනව. ඇමතිකමක් උනත් හම්බ වෙංට පුළුවං අනේ.” ඒ එකියක්ගෙ හීල් එකට නිළමෙගෙ කකුල හිල් උනා. නිළමෙට අම්ම මතක් වෙලා හොඳ පදයක් කියැවුනා.
“ඔයාලගෙ අම්ම” නෝනත් ඇරියෙ නෑ. හැබැයි නිළමෙට සීන් එක හැපුනෙ නෑ. කොහෙද ඉතිං උගුඩුවා වගේ එක හුස්මට වයින් බාගෙ බැස්සුවනෙ ගිනි මද්දහනෙ. දෙකක් වැදුනම නෙයියාඩං පෙනෙන්ට තිබාගන්නව.
තව ටිකක් රෑ බෝ වෙනකොට තමා මරු සීන් එකක් දැක්කෙ.
අපේ මල් පීඩා ගුණේ අයියා වාසි මල්ලි එහෙම එකතු වෙලා කවුද පොරකට අමුඩයක් එහෙම ගස්සලා කකුල්වල ග්‍රීස් ගානව. අප්පච්චියෝ. “මොකෑ ලොක්කව ගස් නග්ගන්ට වගේ හදන්නෙ. මේ අවුරුදු නෙවෙයිනේ.” නිළමෙ ඇහුව.
“දන්නව දන්නව නිළමේ. මුංදෑ ගහේ නග්ගල උඩින් තිබ්ඛෙ නැත්තං අපට හබක්. මුරුංග උනත් ග්‍රීස් උනත් අපට ලෙවල් නෑ.” මෑන්ස් කාරය ජෑක් තියල පීරපු ඔලූව කහ කහ කිව්වා. ඊට පස්සෙ මන්තරයක් වගේ වචන සැට් එකක් මැතුරුවා. “කුමන්ත්‍රනේ. අධිරාජ්‍යවාදියා, ආර්ථීක ඝාතකයා, ලෝක බැංකුව.” වගේ පිළුණු වෙච්ච පදදෙක තුනක් ඇහුණ. කවදාවත් මහා පරාක්‍රමයක් කරවු නැති බාහු කෙනෙක් ඇට්ලස් චූටි පෑනක් පිරිකරට තියල ගහට වඳිනවා. “මං මේ කාගෙනුත් ඉල්ලන්නෙ වහිංට කියල පුළුහං තරං පුද පූජා තියන්ට කියල හිටං.” කිස්මස් ට්‍රී එකට වඳින්නේ අනිවා මැන්ස්ගේ මොලේට එන්කෙෆලයිටිස් පාරක් හැදිල වගේ.
ගල්පර අස්සෙ කුඩ ඉහලගෙන ලව් කරන ඔවුන් ගණං කර කර සැන්ටා ක්ලෝස් මෑන් මොනවදෝ ගනං හදනවා. තෑගි දෙන්ට වෙංටෑ.
“මුංටත් ලව් බද්දක් ගැහුවොත් ආදායම ඉහළ නංවංට පුලූහං. ඒකයි මේ ගණං කරන්නේ කපල් කීයක් ද කියල.” සැන්ට දස ටෝක් එකක් දුන්න.
තව හිටියොත් නිකං හිටං බද්දක් ගෙවන්ට වෙයි කියල බයවෙච්ච නිළමෙ වීල් මල්ලිගෙ දශරතේ නැගල සිං ගාල එතනිං වාෂ්ප උනා…