Kadapatha Publishers

Shop

Socials

Be The First To Know

+61 (0)433 638 610

info@kadapatha.com.au

Sign up for our newsletter

© 2020 by Kadapatha Publishers. Proudly created with saamArt.com.au

අහස් මාළිගාව

ඩබ්. එච්. උපසේන විසිනි (by W. H. Upasena)

මේ දිඹුලාගල කන්ද නගින්නේ තුන්වැනි වතාවටය. මීට වසර හතළිහකට පමණ ඉහතදී මම පළමු වරට මේ කන්ද නගින්නේ තනිවය. තාත්තාගේ දැඩි කොන්දේසි මතය. පොසොන් පෝය දිනක එහි ළඟා වූ මම පැඟිරි වයසේ පසුවූ බැවින් කොලූ රැලක් සමග ගල් කුළු මතින් පනිමින් උඩට නගින්නට පටන් ගතිමි. පෙරමුණේ සිටි කවරෙකු හෝ නඩේ ගුරුකම ස්වෙච්ඡාවෙන්ම පවරා ගෙන සිටියේය.

එහෙත් අපිට විනාඩි පහකවත් එසේ යන්නට ඉඩ ලැබුණේ නැත. “ආපහු හැරියව්…” නඩේ ගුරා එකවරම කෑ ගසුවෙන් අපි වහා පහළට පැන ගතිමු. “වලහෙක් ඛෙනේකින් ඔළුව දැම්මා..” ඔහු කීවේ ඇත්තක්ද නැත්නම් කෙබරයක්දයි මට තවමත් සිතා ගත නොහැක.

කෙසේ වෙතත් තාත්තාට මම මේ පුවත කියන්නට නොගියෙමි. නුහුරු නුපුරුදු තැන්වල කොල්ලන් කුරුට්ටන් සමග ඕනෑවට වඩා ගැවසීම ඔහු විසින් අපට තහනම් කර තිබුණි. විශේෂයෙන් වලහාගේ කතාවෙන් ඔහු අපේ තැනම වඩාත් දැඩි කරන්නට පියවර ගනු ඇත. මේ නිසා ගමට පෙනෙන දුරින් තිඛෙන මෙම ආරණ්‍ය සේනාසනයට යළි යාමට ළමා කාලය ඉක්මෙන තුරුම නොහැකි විය.

ඊළඟ වාරයේ මම එහි ගියේ තවත් අවුරුදු දහයකට පසුවය. හිඟුරක්ගොඩ සිටින මගේ මිතුරෙකු, ඔහුගේ දෙමාපියන් සහ සොහොයුරිය එක් වූ ගමන ඉතා චමත්කාර ජනක විය. එදිනද පොසොන් පොහොය දිනයක් වූ බැවින් පුද බිම ජනී ජනයාගෙන් පිරී පැවතුනි. මෙවර අප ඇතුළු බොහෝ පිරිසක් ඇදුනේ කඳු පාමුල සිට තිරස් නැග්මක් සහිත මාරා වීදියටයි. ගල් කුළු සහිත අඩි පාර දෙපස සිහින් රතුපාට ඉදුණු ගෙඩි වලින් පිරි වීර ගස් වලින් පිරී තිබුණි. මේ ගෙඩි හා අපේ නඩය රැගෙන ආ බැදපු සෝයා ඇට කමින් ගිය ගමන ඛෙහෙවින් විනෝද ජනක විය. කබලේ බැද ලූණු දමා ගෙන ආ සෝයා ඇට වල රස තවමත් දිව අග රැඳුණු සෙයක් දැනෙයි. පොසොන් මාසයේ වියලි කලාපය හරහා පතිත වන තද හිරු රැසින් ගිනිගත් ගස් කොළං ඒ මේ අත නවමින් හැමූ සුළ`ගින් සිසිල් කළේය. ගමනාන්තය වූයේ රහතුන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාස කළ ලෙන් කිහිපයකි. එහි එක තැනක තිබුණු කුහරයක් වැනි තැනක උඩින් බේරී රැස්ව තිබූ ජලය ඛෙහෙවින් සිසිල් විය. පැය දෙකක් පමණ කන්ද තරණය කොට වෙහෙසුණු ගතට එයින් ලැබුණු පැන් පොද අමුතුම සිහිලසක් එක් කළේය.

අවසාන වතාවේ දිඹුලාගලට ඒමට තවත් අවුරුදු 29 ක් බලා සිටීමට සිදුවිය. මේ කාලය තුල රටේ තොටේ මෙන්ම මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු විය. අපේ ගම හා අවට ගම්මාන රැසකට හානි පමුණුවමින් ඇවිලී ගිය යුද්ධය නිමා විය. ඒ කාලය තුල අපේ කිට්ටුවර ඥාතීන් දෙදෙනෙකු මරු තුරුලට වන්හ. ඒ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙනි. තාත්තාගේ හිතවතකු වූ දිඹුලාගල විහාරාධිපතිව වැඩ විසු අසරණ සරණ, කිතලගම ශ්‍රී ලාලංකාර හිමියෝද ත්‍රස්තවාදී වෙඩි පහරින් අපවත් වී සිටියහ. රැකියාව පතා අගනුවරට පැමිණි මම දෙදරු පියෙකු ද වී රටෙන් ද පැන්නෙමි.

එහෙත්, මේ සියළු කම්පනයන්, වද වේදනාවන් දරා ගනිමින් දිඹුලාගල කන්ද නොසැලී නොබියව, අදත් නැගී සිටියි. එය 1968 දී කදුරුවෙල නගරය පසු කොට එන විට දුටුවා සේම අදටත් පෙනෙයි. උතුරු පැත්තෙන් පෙනෙන මනහර නැම්ම ඒ විදියටම රැක ගෙන හිඳියි. හරියට, විශාල විලක් මැද දන නමා ගෙන සිටින දැවැන්ත හස්ති රාජයකු ලෙස මට මේ කඳු වැටිය වරෙක දිස් වන්නට පටන් ගනී.

මෙදින පොසොන් දිනයක් නොවීය. එහෙත් අර මා මුල වතාවේ නගින්නට තැත් කළ දිඹුලාගල කන්ද මුදුනේම පිහිටි අහස් මාලිගාවට යාමට මෙවර අදහස් කළෙමි. ගව් ගණනාවක් ඈතට දිස් වන්නේ මෙම ගල මුදුණේ තිඛෙන එම අහස් මාලිගාවේ කොත ය. අපේ නඩය මම, බිරිඳත්, දුව, පුතා සහ මගේ මල්ලීගෙන් සමන්විත විය.

ඒ කාලයේ මෙන් නොව, මෙලෙස උඩට නගින අඩි පාර පඩි පේලි බැෙඳමින් තිබුණි. සිරස් අතට විහිදෙන මාර්ගයේ පඩි පෙළ ගොඩ නගා ගෙන යන බැවින් ඒ සඳහා උර වල දමා තිබූ සක්කා ගල කැබලි උඩට ගෙන යාමෙන් දායක වන්නැයි සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරගෙන තිබුණි. අවට ගම්මානවල පන්සල් වල දායක දායිකාවන්ගෙන් සැදුනු පිරිසක් ද මේ ශ්‍රම දායකත්වයට එක් වී සිටියහ. මේ නිසා උඩට යන ගමනට සංචාරක සැදැහැවතුනට වඩා එක්වී සිටියේ සිටියේ මේ දායක දායිකාවන්ය. අවිහිංසක බවත්, නිරහංකාර බව මෙන්ම බර වැඩ කිරීමේ හුරුවද ඔවුන් අතරින් මනාව දිස් වෙමින් තිබුණේය. අප මෙන් නොව ඔවුහු ශ්‍රම දායකත්වයට සරිලන පරිදි හිස් රෙදි වලින් ඔතා ගෙන චීත්ත හෝ සරොම් කැසී පොට ගසා ගෙන සිටියහ. අප වතුර බොමින් සරතැස නිවා ගනිමින් යමින් අතරමග හමුවන කෙනෙකුට වතුර දීමට තැත්කළ විට කීවේල “එපා මහත්තය, ඕක බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනව…” කියාය.

අධික ෆ්ලොරීඩ් ප්‍රමාණයක් අඩංගු ජලය කාලයක් පානය කිරීම නිසා දත්වල මතු වූ කහට පැල්ලම් වසා ගැනීමට උත්සාහ කරමින් කන්දට බර ඇද පහලට බසින තරුණියෝ අප සමග සුහද ලෙස සිනා සුනහ. “අනේ රිලවුන්ට කඩල දානව නම් අපටත් දෙන්න…”

මෙතරම් ජනතා සහභාගීත්වයකින් යුතුව ගොඩනගන මගක් උඩට දිව යන්නේ ඉතා විශාල ඉතිහාසමය වටිනා කමක් තිඛෙන ස්ථානයක් එහි තිඛෙන නිසා විය යුතුයි මට සිතුනි. කුසල වර්ධනයේදී අපි වීර්යවන්ත විය යුතු වෙමු. පරාක්‍රමබාහු රජ සමයේදී ධර්ම සංගායනාවක් කළේ ධූමරක්ඛ පබ්බත හෙවත් දිඹුලාගලය. ඇතැම් ෙඓතිහාසික තොරතුරු අනුව අවසාන රහතන් වහන්සේ පවා වැඩ විසුවේ මෙහිය. එසේ නම්, ඈතින් ඈතට පෙනෙන මේ ගිරිකුල මත තිඛෙන අහස මාලිගාව කෙතරම් චිත්තාකර්ශනීය එකක් විය හැකිද?

ඉතින් අපි හොර කුරුමානම් අල්ලමින්, පනින රිලවුන්ට සහ ශ්‍රම දායකත්වය සපයන දායක දායිකාවන්ට කඩල ඛෙදමින් උඩට නැග්ගෙමු. කන්ද මුදුන පෙනෙන මානයේ පඩි පෙළ සදා නොතිබුණි. ඒ හරියට නැග යා යුත්තේ ගලින් ගලට පැන හෝ අතු හා මුල් අල්ලා ගනිමින් යන අඩි පාරකිනි. තවත් පැය භාගයක් පමණ ගතවූ විට අපට කන්ද මුදුනට යාමට හැකි විය.

ගලේ පසෙක අටවා ගත් මඩුවක දෙහි හෝ ඇඹුල් දොඩම් වලින් හොඳින් ලුණු හා සීනි දමා සැකසූ පානයකි. ලොකු වීදුරුවක් රුපියල් විස්සකි. ඇත්තටම තිබුණ පිපාසයත්, වෙහෙසත් ඒ පානය බීමත් සමගම සංසිඳුනාක් මෙනි. ඇතැම් පිරිස් ශ්‍රම දායකත්වය සපයන පිරිස් වලටත් බීම මිලට ගෙන දුන්හ. අපගේ ගමනාන්තය අතේ දුරිනි.

එය තට්ටු දෙකකි කවාකාර ගොඩ නැගිල්ලකි. උඩ තට්ටුවේ අලූත් බුදු පිළිමයක් හැරෙන්නට වෙන සැලකිය යුතු දෙයක් නොවිණ. එහෙත් පහළ තට්ටුවේ සිදු වෙමින් පවතින දෙය මට අදහා ගත නොහැකි විය. බලූ පැටව් රොත්තක් පිලේ නිදති. වයසක කපුරාල කෙනෙක් මොණර පිහාටු රොත්තක් මිටියක් මෙන් බැඳගෙන සංචාරක සැදැහැවතුනට පවන් සලමින් දෙවාර්ශීර්වාද කරයි. නළලේ තුන්නූර උලයි. පඬුරු පසෙකට වැටෙයි. අප මේ ගිරි දුර්ගය නැග ආවේ මෙවැනි අන්ධ විශ්වාසයන්ට උල්පන්දම් දෙන ස්ථානයකටද ? “අපොයි, මේ මොන විකාරයක්ද..?” මට නිකමට මෙන් කියැවිණ.

ආපසු බසින අවස්ථාවේද මේකී කනස්සල්ල එලෙසම පැවතිනි.

“ඔය ගැන ඔච්චර කරදර වෙන්න එපා තාත්තේ…” මගේ දියණිය බැරිම තැන කීවාය. “හැම ආගමකින්ම කරන්නේ මිනිස්සුන්ව සතුටු කරන එක. නැත්නම් තමනට දෙන්ඩ බැරි ආරක්ෂාවක් ගැන සහතික වෙන එක. මෙතැනත් හොඳට ඒක කරනව…”

ඊළඟ පරම්පරාව නියෝජනය කරන ඇය අපට වඩා හොඳින් ආගමේ කාර්යය අවබෝධ කරගෙන සිටිනවා නොවේදැයි, මට එවිට සිතුනි.

0 views