seprator

ගග් වතුර සහලාදාර

seprator
11June 2016
blog_shape
වොම්බැට්ගේ කතා වස්තු ලියැව්වේ වොම්බැට් විසිනි පහුගිය ටිකේබ උල හෙබ්බිලිස්සාව හිද්ද බොකූත් කරගල්ල බැරි උලා ආයිබොවග්. ඇදේබයි උල්ලෙ. කල්ලත් ලෑ. බොල්ලත් ලෑ. දැල්ලබ් ටිකක් හොදයි. ඕන්න ඔහොම අසනීපෙං ඉන්න අල්ල පනල්ලෙ තමා ආයිබොවං ගංවතුරක් ඇහිල්ල ලංකාව හේදිලා යනවයි කියල ආරංචි උනේ. මට ඇහුන අපේ මැණිකෙ මෙහෙ තව නෝනෙ කෙනෙක් එක්ක පෝං එකෙං ඒ ගැන කියනෝ. මේං මෙහෙමයි කතාව ගියෙ ඕං. "………" "නෑ අනේ 'යකඩ කහවණු' එකේ කොහෙද ගං වතුරක් ?" "……" "අයියෝ නෑ නෑ 'නීල පළිඟු දිය' ඉවර වෙලා කොච්චර කල්ද අයියෝ? මම මේ කියන්නෙ කැළණි පාලම ගැන නෙමෙයි මෙයා. ඒක අපි බැලුවෙ කොච්චර පුන්චි කාලෙද? අර නීල් අලස් එහෙම හිටියෙ නේද?" "……" "නෑ අනේ නිව්ස් බැලුවෙ නැද්ද? කැළණි ගඟ උතුරල ගොඩක් අයට ගෙවල් දොරවල් නැතිවෙලා. රට පුරාම වැස්සයි නාය යාමුයිලු. දන්නැද්ද?˜ "……" "හිනා නෙමෙයි අනේ. ගෙදරට කතා කරල එහෙ අයගෙ තොරතුරු හොයල බලන්න." මං දැක්ක අපේ මැණිකෙ මූණත්තහඩුව ඇද කරගෙන කුටු කුටු ගගා කුස්සියෙ එහාට මෙහාට යනෝ. "දැග් ඔයා බේ ගග් වතුරට බොකද කරල්ල හිතල්ලෙ?" "පුදුම කතාවක්නෙ අනේ ඔයා අහන්නෙ? ගෙදර තියන ළමයින්ට අඳින්න බැරි ඇඳුම් ටිකක් එකතු කරන්න ඕනෙ සල්ලි කීයක් හරි කාට හරි ගන්න යවන්න ඕනෙ. ඊට පස්සෙත් ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ." "ඒකලබ් හොද අදහසක් තබා. ලරකද අලුතෙල්බ ඇදුග් ටිකක් අරග් යැව්වොත්....?" "පිස්සුද අනේ. එහෙම ඕනෙ නෑ. මේ කලබලේ. ඒත් පස්සෙ අපි බලමු දෙවනුව හොඳට සංවිදානය කරගෙන මොනව හරි කරන්න. එතකොට අලුතින්ම අරන් ඇඳුම් විතරක් නෙමෙයි ස්කෝල බඩු එහෙමත් යවමු." ………………………….. ඉතිං ඔන්න හාමිනේ ගජරාමෙට ආදාර එකතු කොන්න තැං ඔලට බඩු එකතු කොර කොර ගිහින් දුන්න. මුදල් ආදාරත් කොලා. ඒ අතරෙ ඔන්න ගෙවල් පහකට එහා ඉන්න සීලා නෝනෙ අපේ දිහා ආව. "ඒක නෙමෙයි ශීලා. ඔයා දුන්න ඇඳුම් ටිකත් මම රෙඩ් ක්‍රොස් යවන්න බාර දුන්න හොඳේ." "අනේ ලොකු දෙයක්. තෑන්ක්ස්." "මම එන්.ජී.ඕ. එකක් දාල තිබුන එකවුන්ට් එකකට සල්ලිත් දැම්ම. පවු ශීලා අපේ රටේ මිනිස්සු." "අයියෝ මමනං ඒ පිස්සු වැඩේ කළේ නෑ." "ආ… ඒක කොහොමෙයි පිස්සු වැඩක් වෙන්නෙ?" "ඇයි අනේ කව්ද දන්නෙ ඒ සල්ලි කොහෙ යයිද කියල. දන්නවනෙ… අපේ ලංකාව එහෙම ලංකාවක් කියල." "මං ඒ ගැන හොඳට හොයල බැලුව. බය වෙන්න දෙයක් නෑ. තවත් විදේශ ආදාර කණ්ඩායමක් එක්කයි වැඩේ කරන්නෙ. මුදල් හරි විදිහට යෙදවෙයි." "අනේ නිකං ඉන්න. කව්ද ඕව දන්නෙ. අර දරුවංගෙයි අපෙයි පාවිච්චි කෙරුව ඇඳුම් දෙනව වගේද අනේ හම්බ කරගත්ත දේ දෙන එක. මංනං දුන්නෑ. මං මට පුලුවංනං කාගෙං හරි උදව්වක් ඉල්ල ගන්නවනෙ එහෙනං?" "අපරාදෙ, ඔයාට දුන්න ඇඳුමුත් අඳින්නෙ කව්ද කියල හොයල බලන්න පුලුවන්නම් හොඳයි නේද?" හම්මේ අපේ මැණිකෙත් හීං නූලෙං ගේම දෙන හැටි අම්මපා… කියාල මට හිතුනෙ එතකොටයි ආයිබොවං. …………………………. ඕන්න ඔය අතරෙ අපේ නෝනෙගෙ මහිලා සංගමේ තවත් කුලඅගනක් ආව අපේ දිහෑ. මේ ගමනනං සත්ගුණවත් කතා පටං ගත්තෙ අපේ නෝනෙ නෙමෙයි ඕං ඈ? "අනේ මෙයා මං හැමදාම ලංකාවෙ නිව්ස් බලල අඬනව මේ දවස්වල. මොන තරම් අසරණද අපේ මිනිස්සු නේද?" "කියල වැඩක් නෑ අයිරාංගනී. මටත් හරි දුකයි. අරනායක සිද්දිය දකිද්දි හරි අමාරුයි නේද? පුළුවන් තරමින් අපිත් ආදාර කළා." "ඔව් අනේ ඒක හොඳයි. මාත් දන්න දන්න හැමෝටම කිව්ව. අර ශ්‍රීනිමල්ගෙ දෙවෙනි නෝන රන්සි දන්නව නේද? එයා කෙලින්ම ඩොලර් තුන්දාහක් දීල තිබුන. ඇයි සුනිලා ? එයත් දෙතුන් දාහක් දීල තිබුන. අයිලීන් මා එක්කමයි ගිහින් ඩොලර් දෙදාස් පන්සීයක් ට්‍රාන්සර් කළේ." "ඒක නෙමෙයි අයිරාංගනී ඔයාගෙ ඩොනේෂන් කොහාටද ඇරියෙ ? මමනම් රෙඩ් ක්‍රොස් දුන්නා." "……" ම්ම්…. ආ ඔයාට මතකද අර ඊස්ට් පැත්තෙ ඉන්න දේවනායගම්ල ? අනේ එයාල තමා මම දන්න තරමින් ලොකුම ආදාරෙ කළේ. මිසිස් දේවා කරේ මාලෙයි අතේ වළලූ දෙකකුයි ඇරෙන්න අනික් ඔක්කොම රත්තරන් බඩු කෑෂ් කරල ඩොනේට් කළා අනේ. මට හෝස් ගාල ගියා.˜ "ඇයි?" "නෑ ඉතිං…. රත්තරං නෙ…" "ලොකු ගානක් ලැඛෙන්නත් ඇති නේද?" "ඔව් මං හිතන්නෙ හත් අට දාහක් තිබුන. කිසි දෙගිඩියාවක් නැතුව මිසිස් දේවා ඒ චෙක් එක අතින්ම ගිහින් එම්බසියට දුන්න අනේ." "මාත් මට පුලුවං තරමින් සල්ලි දුන්න අයිරාංගනී. ඉතිං අනික් අය දුන්න ගනං කිව්වට ඔයා මොනවද කළේ කිව්වෙ නෑනෙ." "ආ…..ම්හ්…. මේහ්…. අයියෝ දන්නෙම නැතුව වෙලාවත් ගිහිං මට පුතාව ස්කෝලෙං ගන්නත් පරක්කු වෙනව. මේහ්… මං ගිහිං එන්නං හොඳේ? අපි පස්සෙ දිගට කතා කරමුකො ඈ? මං කෝල් කරන්නම්කො. බායි." ………………………………… එහෙනං බායි
16January 2016
blog_shape
ලියැව්වේ වොම්බැට් විසිනි ඕන්න එහෙනං නමෝ විත්තියෙං ආයෙත් අලූත් අවුරුද්දක් ලබැව්ව එහෙනං ඈ. සියලු වස් දොස් දුරිං දුරු වෙලා යන යහපත් සෞමිය අනාගතයක් සියලු ලෝකවාසීන්ටම ප්‍රාර්තනා කොලා එහෙනං ඕං. එහෙව් ප්‍රාර්තනාවක් කොරද්දි මගේ ඔලුවට එක හීයට එන තවත් කාරනාවක් තියනෝ. ගිය අවුරුද්දෙත් ඊට කලිං දෙතුං වතාවකුත් මං අදිස්ටානෙට ගත්ත රහමෙරිං නිදහස් වෙනෝ කියාල. කොහෙද? ඕං මොකෙක් හරි එනෝ ඕල්ඩ් එකක් ඇන්න අලුත් අවුරුද්ද සමරන්ට. එහෙම නැහ්නං එනෝ ඇවිදින ජොනියෙකුත් ඇන්න හිතේ දුක ඛෙදාගන්ට. ආයෙ නැහ්නං සතුටත් ඛෙදාගන්නෙ එව්වැයිංම තමා නොවැ. ඕං මොකූත් නැතුව එක සතියක් ඉන්නවැයි කියමුකො. සිකුරාද හවස් වේගෙන එනකොට ඔපීසියෙ උං සැට් වෙනෝ "හැපි අවර්" එකට. ඉතිං මාත් ගැඩවිලෙක් ගානට ඇදෙනෝ. "අයෑම් ට්‍රයිං ටො ඉස්ටොප් ඩිරිංකිං" කියාල කුලෑටි කොමට කියැව්වොත් "වට් ද ......." කියාල පටං ඇන්න ඉතීං දිගටෝම සුද්ද ඉංගිරිස් වරුසාවක් එනෝ. ඊට මීට හොඳයි එකක් හලාගන්නෙක. ඉතිං "ඔන්ලි වන් ගිලාස්" කියාල පටං ගන්න මං චකබ්ලාස් වෙනකල් ගහල තමා අන්තිමට නවතින්නෙ. මොකක්කත්ම කාරනාවක් නැහ්නං කොහේවත් තියන කිරිකැට් මැච් එකක් හරි එනෝ මාව පොලඹන්ට ඕං ඈ..... මේ ගමන්වත් බලමු කියාල ඕං මං හිතාගත්ත සුරාවෙං මිදෙන්ට. සූදුවෙංනං මිදෙන්ට විදිහක් නෑ මොකෝ මේ මැල්බොංනෙ. ඔට්ටු දාන්ටත් නිවාඩු දෙන රටේ කොහොමෙයි ඔට්ටුවක් දෙකක් නාල්ල ඉන්නෙ ? ඉංගිරිසියෙනං මේ වගේ ප්‍රාර්තනා කොන්නවට අදිස්ටාන කොන්නවට රෙසලූසංද මොකද්ද කියනෝ. අපේ ගෙදර උන්දත් රෙසලූසං නොවැ. මං මොකෝ නොදන්නෙ? "මේ අවුරුද්දෙනං කට පරිස්සං කොර ගන්නෝ අනේ" කියාල දවසක් උන්ද කිව්වම මං උන්න මොකාක් හරි කට කැඩිච්ච කතාවක් කියාල හොඳ මට්ටුවක් වෙන්ට ඇතිය කියාල. නෑ.......... බැලින්නං කෑමෙං කට පරිස්සං කොරන්ටයි හිතාල තිබුනෙ. අපේ මැනිකෙනං ඉතිං මටත් වඩා කිලෝ දහයක්කත් බර ඇති තමා. ඒත් මේ බට පතුර වගේ ඉන්න පොඩි කෙල්ලත් කෙට්ටු වෙන්ට රිසලූසං කොරාන උන්න කාලයක් නෙව. ඉතිං මේ රිසලූසං ඉලූසං බවට නිකාංම පරිවර්තනේ වෙන්නෙ හිතාගන්ටත් බැරි විදිහට නෙව. අපේ අල්ලපු ගෙදර ජෝඩුව දික්කසාද උනාට ඒ මනුස්සයට ගෑණි නැතුං ඉන්ටම බැරි බව වකූර් වෙන්ට ගහපු දවසක කරටි කඩාගෙන අඬ අඬා උන්ද මගෙත් එක්ක කියැව්ව. හිත කීං ගෑවට මොකෑ මං උන්න ඒ මනුස්සය දෙඩෙව්වෙ අසිහියෙං කියාල. ඔන්න මේ අවුරුද්දෙ කියාපි මං මචං කොහොම හරි මයෙ ගෑණිව ආයෙත් මං ළඟට ගන්නෝ කියාල. ආයෙත් ළඟට ගන්ටම බඩ්ඩ ඒකනං. ඒත් ඉතිං මං කොහොමෙයි කටක් ඇරල කියන්නෙ උගේම යාලුවෙක් එක්ක ගිය ගෑණි උගේ විතරක් වෙන්ට බැරි බව ? අපේ තව යාලුවෙක් ඉන්නෝ ඌට කවදාවත් සල්ලි නෑ. ඇහුවොත් නැති බනේ. හැබැයි ජෝඩුවම කොයි වෙලේ බැලුවත් රස්සාවට ගොහිං. දරුවොත් නෑ. අම්ම අප්ප හොඳිං ලංකාවෙ ජීවත් වෙනෝ. හැබැයි මේ පුතන්ඩිය ලංකාවට ගියොත් යන්නෙ ඉඩම් ඛෙදන වෙලාවක නැහ්නං ඉඩම් විකුණන වෙලාවට. පහුගිය අවුරුදු ගානකටම උන්ද ලංකාවට ගියෙ නෑ. මෙන්න බොලේ මේ අවුරුද්දෙ අම්මව බලල එන්ට යන්ට අදිස්ටාන කොර ගත්තලු. අනේ අම්මේ මට උන්දගෙ අම්ම මතක් උනාට මං මොකුත් කියන්ට ගියෙ නෑ ඕං. ඇයි යකෝ.......... අම්ම බලන්ට යන්ට අදිස්ටාන කොරගන්ට දෙයක් තියනවැයි. ගොහිං බලල එනෝ මිසක්. ඕන්න මේක ලිය ලියා ඉන්නකොට අපේ කොල්ල ඇවිත් අහල පහලිං ඉඳ ගෙන පොතක් කියවන්ට ගත්ත. අනේ හොඳයි අපේ එකා එහෙනං මේ වතාවෙ රිසලූසං කොර්ල තියෙන්නෙ පාඩං කොරල විබහගෙ කොරගන්ට වෙන්ටැති. කෙල්ලො පස්සෙං වැටිල රස්තියාදු උන එකේ කිසි ගතියක් නැති බව ඌටම තේරිලා ඇති මයෙ හිතේ. හැමදාම පස්සෙං ගියාට අපේ එකාට වැටෙන කෙල්ලොත් ඉන්නවද කියාලත් මට වෙලාවකට හිතෙනව. කොහොම උනත් පොතකට හිත ගිය එක මොන තරං දෙයක්ද? "මොකද්ද පුතේ ඔය කියෝන පොත ?" මං බොහෝම ආදරෙං ඇහුව. "ම්........ ආහ්....... මේක තාත්තේ........ හව් ටු ඇට්‍රැක්ට් බ්ලොන්ඩ්ස්. මේ ගමන බ්ලොන්ඩ් එකක්වත් බලනෝ........"
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt