seprator

වැවරවුම – ජූලි 2017

seprator
05July 2017
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

පැත්තක් නොගැනීම

ඇන්ජලියා පෙරදිග ඉතිහාසය ගැන ඇල්මක් ඇති මගේ මිතුරියකි. ලීවීම ඇයගේ විනෝදාංශයකි. දිනක් අප සුහඳ කතාබහක යෙදී සිටියදී හොඳ ලේඛකයෙකු සතු ගුණාංග ගැන අපි කතා කෙරුවෙමු. මුලින්ම ඇය මගෙන් "හොඳ ලේඛකයෙකු ලෙස ඔබ සිතන්නේ කවර ගුණාංග ඇත්තෙක්දැයි ?" කියා ඇසුවා ය. මා ඇයට දුන් පිළිතුර කෙටි ය. එමෙන්ම සරලය. "හොඳ ලේඛකයෙක් කිසිම පැත්තක් ගන්නේ නැහැ." මම කීවෙමි.

ඇන්ජලියාගේ පිළිතුර

හොඳ ලේඛකයෝ පුහුණු වෙති. ඔවුහු ලිවීමට කාලයක් ගනිති. නිතර නිතර සංස්කරණය කරති. එමෙන්ම පැය ගණන් සහ දින ගණනක් වැයකොට සොදුපත් බලති. හොඳ ලේඛකයෝ "බොහොම ස්තූතියි" කියා ප්‍රතිචාර බාර ගනිති. ඔවුහු බාහිර සහ අභ්‍යන්තර විචාර වලට ඇහුම්කන් දෙති.

හොල්මන් කතා

කුඩා කළ අපි හොල්මන් කතා ඇසීමට දැඩි සේ ආශා කළෙමු. කවුරු හෝ කියන ලියන හොල්මන් කථා වලට අපේ ඇස් කන් යොමු වුයේද නිරායාසයෙනි. එහෙත් ඒවා අසා රෑට තනියම නිදා ගැනීමට බිය විමු.

හොල්මන්

හතරේ පංතියේදී අපට නිතර නිතර හොල්මන් කතා කියූ මා මිත්‍ර එඩ්වඩ්ගෙන් හොල්මන් යන්නෙහි තේරුම මුලින්ම උගත්තෙමි. "හොල්" කියන්නේ හෙල්ලෙනවාට. "මන්" කියන්නේ මනසට. නැත්තං සිතට. හෙල්ලෙන මනසට තමයි හොල්මන් කියන්නේ." එදා පටන් හොල්මන් පෙනෙන විට මම හිත නොසොල්වා තබා ගැනීමට යත්න දැරුවෙමි.

ලියන හොල්මන්

ලියන හොල්මන් ගැන අප තේරුම් ගත්තේ ඉතා මෑතකදී ය. එකී හොලමන් වලට ලියන්නට හැකියාව ඇත. එකී ලියන හොල්මන් රූකඩ හා සමානය. නරඹන්නන්ට පෙනෙන්නේ එක එක පසට ඇදෙන නූලට අනුව නටන රූකඩයකි. නොපෙනෙන්නේ රූකඩය පසුපස හොල්මන් කරන අදිසි හස්ථයන් ය.

කම්කරුවා

ලාංකිකයා තවමත් සිතන්නේ කම්කරුවා යනු බර අදින්නා ලෙසය. ඇතමුන්ට තවමත් ඉංජීනේැවා කම්කරුවෙක් නොවේ. එහෙත් මේසන් බාස් කම්කරුවෙකි. දොස්තර කම්කරුවෙකු නොවේ. ඇටෙන්ඩන් කම්කරුවෙකි. දේශපාලකයා කම්කරුවෙකු නොවේ. ඔහුගේ ආරක්ෂකයා කම්කරුවෙකි. කම්කරුවන් නොවෙන බව සිතන අය අතර අද බොහෝ මාධ්‍යවේදිහු ද සිටිති.

පඩි වැඩ් කරනු !

ඉස්සර කම්කරුවාගේ එකම ඉල්ලීම වූයේ "පඩි වැඩ් කරනු" යන්න ය. දැන් කම්කරුවා සටන් කරන්නේ රට බේරා ගැනීමට ය. පාලකයෝ වලි කන්නේ රට විකුණාගෙන හෝ කන්නට ය.

ආතතිය සහ අස්වීම

අද ලෝකයේ බොහෝ දෙනා රැකියා නිසා ඇතිවන ආතතියෙන් මිදීමට වෙනත් රැකියා සොයා යති. ඒ අතර වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියා උයන වෘත්තියට පිවිසිනු අය සිටිති. ඉංජීනේරු වෘත්තියට ආයුබෝවන් කියා බස් එලවන අයද වෙති. ඒ නිසා ලංකාව බඳු රටවල හැර ලෝකයේ නොයේක් රටවල තෝරාගන්නා රැකියාව යනු තවදුරටත් අභිමානය පිළිබඳ තත්ත්වයක් නොව ආතතියේ අඩුවැඩිකම මත රඳා පවතින්නක් බවට පත්ව ඇත.

රැකියා අභිනියුක්තිය

අභිනියුක්තිය යනු ඉතා අපූරු වචනයකි. කිසිඳු සිංහල මාධ්‍යයක මෙතෙක් එම වචනය ගැන විග්‍රහ කර තිඛෙනු නොදුටුවෙමි. අප අසා ඇත්තේ රැකියා නියුක්තිය යන්න පමණි. එහෙත් වර්තමානයේ රැකියා නියුක්තියට වඩා වැදගත් වන්නේ රැකියා අභිනියුක්තිය යැයි අපි සිතමු. අභිනියුක්තිය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන්නේ Vocation යන්න ය. එහි තේරුම a strong feeling of suitability for a particular career or occupation  ලෙස දක්වා ඇත. ඒ අනුව රැකියාවක නියුක්ත වනවාට වඩා රැකියාවක අභිනියුක්තවන කල්හි අපට දැනෙන්නේ නිවාඩුවක් ගත කරනවා හා සමාන හැඟීමකි. අවාසනාවකට මෙන් මෙකී අර්ථකතනය ලාංකීය භාවිතාව හා සසඳා බැලු කළ අපට පෙනෙන්නේ දියවන්නාව අසබඩ සැප ගන්නා හොල්මන් රූප ය. නිවාඩු ගත කරන්නට රැකියා කිරීම සහ නිවාඩුවක් ගත කරනවා හා සතුටින් රැකියාවක නියුක්ත වීම එකක් නොව දෙකකි.

ලිවීමක් නොවන්නේ කවරක්ද ?

ලිවීම ගැන කතා කිරීම ලිවීම නොවේ. කියවීම යනු ලිවීම නොවේ. අප හැමෝටම දවසකට ඇත්තේ පැය විසිහතරකි. ලිවීම ගැන සිහින මැවීම පහසු ය. එහෙත් එක් තැනක ඉඳගෙන ලිවීම අපහසුය.

නරක ලේඛකයෝ

තවත් දිනක් ඇන්ජලියා නරක ලේඛකයෝ කෙබඳුදැයි අපට පහදා දුන්නේ මෙසේ ය. නරක ලේඛකයෝ තමන් ලියූ දේ නැවත නොකියවති. සොදුපත් නොබලති. සංස්කරණය නොකරති. අධිමාන්නයකින් තමන් ගැනම පමණක් සිතති.

අභයරාජ සූත්‍රය

මඡ්ක‍ධිම නිකායේ අභයරාජ සූත්‍රය අද දවසේ සකල ලේඛකයන්ටත් අතින් කටින් වැඩ දමන මාධ්‍යවේදීනුත් කඩපාඩමින් දත යුතු බව අපි අදහමු. එහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහනසේ භාෂාව උපයෝගී කරගන්නා ආකාරය මෙසේ පැහැදිලි කළහ. යමක්‌ අභූත ද අසත්‍ය ද අනර්ථ සංහිත ද එය අනුන්ට අප්‍රිය වන්නේ ද අමනාප වන්නේ ද එවැනි වචන බුදුහිමියෝ නොකියති. යමක්‌ භූත වුවද සත්‍ය වුවද අනර්ථ සංහිත නම් එය අනුන්ට අප්‍රිය වන්නේද අමනාප වන්නේ ද එවැනි වචන බුදුහිමියෝ නොකියති. යමක්‌ භූත ද සත්‍ය ද අර්ථ සංහිත ද එය අනුන්ට අප්‍රිය වන්නේ වුවද අමනාප වන්නේ වුවද එවැනි වචන බුදුහිමියෝ කියති. යමක්‌ අභූත ද අසත්‍ය ද අනර්ථ සංහිත ද එය අනුන්ට ප්‍රිය වන්නේ වුවද මනාප වන්නෙ වුව ද එවැනි වචන බුදුහිමියෝ නොකියති. යමක්‌ භූත වුව ද සත්‍ය වුව ද අනර්ථ සහිත නම් එය අනුන්ට ප්‍රිය වන්නේ වුවද මනාප වන්නේ වුව ද එවැනි වචන බුදුහිමියෝ නොකියති. යමක්‌ භූත ද සත්‍ය ද අර්ථ සහිත ද එය අනුන්ට ප්‍රියමනාප වන්නේ ද එවැනි වචන බුදුහිමියෝ කියති.
10October 2016
blog_shape

හිතන්නට හිතීම

දරුවන්ට ඉගැන්විය යුත්තේ හිතන්න මිස හිතිය යුත්තේ කුමක්ද කියා නොවේ. - මාග්‍රට් මීඩ්

එක ඛෙදීම හතළිස් හතර

තුනේ පංතියේදී අපේ පංතියේ සිටි ළමුන් ගණන හතළස් හතරකි. ඒ හතළිස් හතරෙන් පංතියට මිහිර පත්තරේ රැගෙන ගියේ අප විතරය. තවත් ළමුන් දෙතුන් දෙනෙක් අපෙන් ඉල්ලාගෙන පත්තරේ පළවන චිත්‍රකතාවක් දෙකක් බැලුහ. බටුබැදීම සහ පත්තර නොබැලීම පසුගිය කලාපයේ "බටුබැඳීම" ගැන බොහෝ දෙනා අප සමග විවිධ අදහස් දැක්වූහ. ඒ අතරින් අපට ලැබුණු වෛද්‍ය ශිරාන් විජේරත්න මහතා දැක් වූ අදහස ඉතා වැදගත් යැයි අපට හැඟීයන හෙයින් මෙසේ සටහන් කරමු. "ඇත්තටම අපිත් දැන දැනම බාබකියු කරලා බැදුම් දැම්මේ පත්තර උඩට. පත්තරේ ඒ වගේ දෙයක් දැක්කම තමයි ඒ ගැන ආයම හිතුවේ." අපි ඔහුගේ නිහතමානී අදහස් දැක්වීම ගැන අපේ ආචාරය වැව්බැම්ම මත සිට ඔහු වෙත පුදකරමු.

පත්තර සීරියස් විය යුතු ද ?

"පත්තර සීරියස් විය යුතුය. අද තියෙන්නේ පත්තරවලින් තොරතුරු දැනගන්නා සමාජයක් නොවේ." ඉහත දැක්වූ "බටු බැදීම" ගැන මුහුණු පොතේ එක්තරා අයෙකු විසින් දමා තිබුණු කොමෙන්ටුවකි, ඒ.

කනකොට කතා නොකිරීම

ඒ කාලයේ අපට අපේ අම්මලා තාත්තලා කෑම මේසයේදී පැනවූ නීති බොහෝමයකි. පිඟානේ කිසිවක් ඉතුරු නොකර කෑම. කනකොට ­"චව් චව්" හඬ නොනැගීම. එක කටක් කා අවසන් වෙනතුරු අනික් කටට කටට නොගැනීම. කෑම කා අවසන් වෙනතුරු වතුර නොබීම. ඒ නීති හැමකෙකටම යටත් වූවත් අපට ලේසියෙන් යටත් වීමට බැරි නීතිය වූයේ කනකොට කතා නොකිරීම ය.

කතානොකර නොකෑම

ඒ එදාය. අද පවුලම බිසීය. අම්මා, තාත්තා එයාලගේ ලෝක වලය. දුව, පුතා එයාලගේ ලෝක වලය. එකට හිටියත් එකෙක්ට අනෙකා එක්ක කතා කරන්නට වෙලා නැති ගානය. පවුල් පිටින්ම බිසීය. ඒත් ෆේස්බුක් බලන්න, වයිබර් එකේ කතා කරකර ඉන්න, වට්ස්අප් එකේ මැසේජ් යවන්න අප කාටත් ඕනෑතරම් වෙලාව ඇත. ඒ නිසා අද පවුලේ සැමට එකට ඉඳගෙන කතා කරන්නට හැකි එකම තැන කෑම මේසේ ය. ඒ නිසා එදා අපේ තාත්තලාගේ නීතිය අපේ පුතාලාට දැමීමට පෙර මදක් කල්පනා කළ යුතුව ඇත. අද අඩුතරමින් කනකොටවත් කතා කිරීම හොඳය.

මොබයිල්

පසුගිය දිනක රාත්‍රී අහාර ගැනීමට අපි ඉන්දියානු අවන්හලකට ගොඩ වැදුණෙමු. ඇණවුම් කළ ආහාර ගෙන එනතුරු මම අවන්හල නිරීක්ෂණය කළෙමි. අවන්හලේ බොහෝ දෙනා ආහාර ගන්නා අතරතුරදී පවා මොබයිල් වල එල්ලිලා ය. වැඩිපුරම ඒවායේ එල්ලිලා හිටියේ අපි වාගේම ආසියානුවෝ ය.

මූහුණෙන් මුහුණ නොබැලීම සහ මූහුණු පොතෙන් මූණු බැලීම

තාක්ෂණයට පිංසිදුවෙන්ට ලෝකේ එහා කෙළවරේ ඉන්න අයත් අද ඉන්නේ අපේ අතේ දුරින් වගේය. ඒත් ඒ තාක්ෂණයම නිසා අද ළඟ ඉන්න එවුන් අපෙන් බොහෝ දුරස්ය. අනෙක් අතට තාක්ෂණය නිසා අද පවුල් වල ඥාතීන් අතර වෙනදාට වඩා සම්බන්ධතාවයන් ගොඩ නැගෙන බවද තවත් මතයකි. එහෙත් දරුවන්ට අවශ්‍ය ටෙක්ස්ට් කිරීම් නොව ආදරය, දයාව, කරුණාව වැනි මානුෂීය හැඟීම් ය. ඒවා නැතිව හැදෙන වැඩෙන දරුවන්ගේ අනාගතය කෙබඳු වේවි ද ? යේල් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙකු වන මාර්ක් බ්‍රැකට් මෙසේ කියයි. "තාක්ෂණය හරහා සංනිවේදන කටයුතු කරගන්නා දරුවන් අනාදිමත් කාලයක පටන් මිනිසා පුරුදු පුහුණු කළ සැබෑ ජීවිතයේ සංනිවේදනය මොටකරගනියි. සංනිවේදනය යනු වචන වලට එහා ගිය දෙයකි."

සයිලන්ට්

මා මිත්‍ර අයිලීන් ඇයගේ තරුණ දියණියගෙන් උගත් පාඩමක් අප හා ඛෙදා ගත්තේ මෙසේ ය. "සෑම්....... මගේ දුව මට හොඳ දෙයක් කීවා. එයා එයාලගේ යාලූවොත් එක්ක අවන්හලකට ගිහින් කෑම කන්න කලින් කරන්නේ හැමෝගෙම ටෙලිපෝන් සයිලන්ට් කරලා මේසේ මැද තියන එකලූ. බැරි වෙලාවත් කාගේ හරි පෝන් එකක් රිං වුනොත් එයා හැමෝගෙම බිල් ගෙවන්න ඕනලූ."

මිහිර සහ ඩිජිටල් වෘෂභ රැළ

පුංචි දරුවන් ලෙසින් අපි බැලු මිහිර පත්තර වලින් අපි ඉගෙනගත් ගණං මිනුම් හෝ දත්ත ගැන මෙලෝ මතකයක් අද අපට නැත. ඒත් අප කිය වූ කතන්දර, චිත්‍රකතා වලින් අප ලැබූ ආශ්වාදයේ සුවඳ අදටත් මතකයේ රැඳී ඇත. පත්තර, ස`ගරා යනු ප්‍රවෘත්ති වලින් එහා ගිය දෙයක් බව තාක්ෂණය කරපින්නාගත් ඩිජිටල් වෘෂභ රැළට නොතේරෙන්නේ උන්ගේම කරුමයට මිස අපේ අභාග්ගයට නම් නොවේ.

ආලින්දයේ පිළිසඳර

ඇතැම් මිනිසුන් දොඩයි - දොඩවයි වැඩක් ගත හැකි කිසිත් නොකියයි ඇතැම් මිනිසුන් බලයි හිනැහෙයි සියොත් කැළ උන් සමග හිනැහෙයි ඇතැම් මිනිසුන් හඬින් හිනැහෙයි ඔබේ දෙනෙතට හැඬුම් ගෙනඑයි ඇතැම් මිනිසුන් අතින් අල්ලයි ඉනුත් නුඹ ගැබ ගීතවත් වෙයි (චාලට් සොලෝටොව් ගේ Peace කාව්‍යයේ අනුවර්තනයකි)

වැව රවුම

වැව රවුමේ ඕනෑම තැනක සිට අවට සිරි නැරඹිය හැකිය. එහෙත් වැව රවුම ඇත්තේ එකම තැනක ඉඳ එය විඳීමට නොව වටයක් ගොස් අප සිටි තැනත්, නොතැනත් දකින්නට ය. පසුගිය කලාපයේ "බටුබැදීම" සහ "කොකිස් බැදීම" ගැන තේරුම් ගැනීමට බටු නොබැදීම සහ කොකිස් නොබැදීම ගැනත් හිතිය යුතුය. වෙනත් වචන වලින් කියනවා නම් අනෙක් සටහන්ද කියවිය යුතු ය.

කෘත්‍රීම තණතිලි

අද බොහෝ ගෙවල් වල ප්ලාස්ටික් තණකොළ අතුරා ඇත. ඒවාට වතුර දැමීමට අවශ්‍ය නොවේ. වල්පැලෑටි උදළු ගෑමටද අවශ්‍ය නොවේ. හරිම ලේසිය. පහසුය. වතු වැඩ නොකර අප ඉතිරි කරගන්නා කාලය දැන් අපට වෙනත් කටයුතු සඳහා යොදා ගත හැකිය. බණ ඇසීම, ෆේස්බුක් යාම ඉන් දෙකකි.

පිංතූර

නිල්තණ කොළ වලින් වැසුණු ගෙවත්තක පිංතූරයක් ගැන මොහොතකට හිත යොමු කරන්න. ඊළඟට තණතිල්ලක් මත දෙපා තබමින් මොහොතක් ඇවිද යන්න. තාක්ෂණය හා සැබෑව අතර වෙනස එබඳුය.

එදාමෙදා තුර

ඉස්සර අපි සංගීත ප්‍රසංග නැරඹීමට ගියේ ගී රස විඳගන්නට ය. නාට්‍යයක් නරඹන්නට ගියේ නාට්‍ය නරඹන්නට ය. අද යන්නේ එක්කෝ ප්‍රසංගය වීඩියෝ කර සමාජ ජාලයක මුදා හරින්නටය. නැත්තම් ගායකයෝ හෝ නළුනිළියෝ සමඟ සෙල්ෆියක් ගසා සමාජ ජාලයට මුදා හරින්නට ය. සීරියස් වීම යනු මෙවැනි දේදැයි අපි විපිළිසරව බලා හිඳිමු.

හතළිහ ඛෙදීම හතළිස් හතර

තුන් වෙනි ශ්‍රේණියේදී අපේ පංතියේ ළමුන් හතළිස් හතර දෙනාගෙන් යටත් පිරිසෙයින් හතළිස් දෙදෙනෙකුවත් මිහිර පත්තරේ කියෙව්වේ නැත. එසේ මුත් ඒ හතළිස් දෙනාටම වැරදුණේද නැත. අද තත්ත්වය හා සසඳා බැලු විට අද ෆේස්බුක් යන හතළිස් දෙනෙකුට පත්තර කියවන අය හතර දෙනෙකුවත් අඩුතරමින් ඇත. ඒ හතර දෙනාත් වැරදි ද ? නැත්තම් නිවැරදි ද ?
  • සාමන්ත තැන්නගේ
03October 2016
blog_shape

එකල භාවිතා කළ කොළ

අසූව දශකයේ මුල් බාගය වනතුරුම ගමේ ගොඩේ අය බත් එතුවේ කොළපොතේය. වෑංජන එතුවේ කෙසෙල් කොළ වලය. අපේ අත්තම්මලා එකල ආහාර පිසුවේ ආදරයත්, කරුණාවත් මුසු කරමිනි. එසේ පිසූ බත එතුවේ කොළපොතේය. පොලොස්, සම්බෝල, කොස් මැල්ලම්, අලකොල ආදී වෑංජන එතුවේ කෙසෙල් කොළේය. කොළපොතේ එතූ බතුත්, කෙසෙල් කොළේ එතූ වෑංජනත්, නෙලූම් කොළේකට ඛෙදා ගෙන ගොයම් කොළේකට මුවා වී කෑ යුගයක් අපටත් තිබුණි.

කඩල ගොටු

අප කුඩා කල කඩල, වඩේ මිළදී ගත් විට ඒවා ඔතා දුන්නේ පරණ පත්තර හෝ කොපි පොත් වල කොළවලින් සෑදූ ගොටු වලය. ඒ විතරක් නොව අඹ, වෙරළු, අඹරැල්ලා අච්චාරු පවා ඔතා දුන්නේ ඒවාගේම ගොටු වලය. නැතිනම් මලූ වලය. ඒ නම් නොදන්නාකමට කියා හිත හදා ගත හැකිය.

බටු බැදීම

දිනක් අපේ මිත්‍රයෙක් මා ඉදිරියේදී ඔහුගේ මිතුරෙකුගෙන් මෙසේ ඇසුවේය. "ඔයා ---- පත්තරේ (ඕස්ට්‍රේලියාවේ පළවන සිංහල පත්තරයක් නමක් කියා) ---- ලිපිය (ප්‍රවීණ ලේඛකයෙකුගේ නමක් කියා) කියවූවාද කියා ඇසුවේ ය." ඔහුගේ මිතුරා පිළිතුරු දුන්නේ මෙසේ ය. "මොනවාද බං මෙහේ පත්තරවල කියවන්න තියෙන්නේ......? අපි සිංහල කඩෙන් පත්තර අරන් එන්නේ බටු බදින්ට" ඔහු අප දෙසද බලමින් ඔලොක්කුවට උත්තර දුන්නේය.

පත්තර සහ රසායන

ඛෙන්සිඩයින්, නැප්තිලමයින්, ඇමයිනෝබයිපයිනයිල් යන රසායන පෙනහළු සහ පිත්තාශයේ පිළිකා වලට හේතු වන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය අතරින් කිහිපයක් බව දැක්වේ. පුවත්පත් සහ සඟරා මුද්‍රණයේදී මෙබදු රසායන ද්‍රව්‍යයන්ට අමතරව ශරීරයට අහිතකර තවත් බොහෝ වර්ණක, සායම්, මැලියම්, ඉක්මණින් වියලා ගැනීමට භාවිතා කරන ද්‍රාවණ යනාදී වශයෙන් වූ බොහෝ කෘතීම රසායන ද්‍රව්‍ය භාවිතා වේ.

ලේබල් සහ විශ්වාසය

ලංකාවේ සිට මුලින්ම ඕස්ට්‍රේලියාවට එන විට බොහෝ දෙනා මෙහි රැගෙන එන දේ අතර පිසූ ආහාර මුල් තැනක් ගනී. ඕස්ට්‍රේලියාවට එන්න කලින් අප ලංකාවේ සිටියදී, ඕස්ට්‍රේලියාවේ සිටි අයෙකුගෙන් අපට පිසූ ආහාර ගෙන ඒම සම්බන්ධව ලැබුණු උපදෙසකි මේ. "මල්ලි, ඔයාලා ගේන කෑම වල ප්‍රින්ට් කරපු ලේබල් ටිකක් අලවාගෙන එන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහේ මිනිස්සු ලේබල් වල ප්‍රින්ට් කරලා තියෙන දේවල් විශ්වාස කරනවා."

එකල කඩසෝරු සහ මෙකල කඩසෝරු

ඉස්සර අප කඩෙන් කෑවේ වෙනසකටය. දැන් ගෙදරින් කන්නේ වෙනසකටය. ඒ නිසාම තෙල්, සීනි, ලූණු නිසා හැදෙන ලෙඩ වලින් අපේ සිරුරු දැන් පොහොසත්ය. දැන් දැන් ශරීර සෞඛ්‍ය ගැන හිතන අම්මලා තාත්තලා කන්න කලින් ලේබල් බලති. වාසනාවකට මෙන් ඕස්ටේ්‍රලියන් බඩු වල ලේබල් ගැන අපට තවමත් විශ්වාස කළ හැකිය. වෙනත් වචන වලින් කියනවා නම් ලේබල් වල ඇති දෑ ඔස්ටේ්‍රලියානු නිශ්පාදන බෝතල්වල හෝ ටින් වල ඇති බවටත් ලේබල් වල නැති දෑ ඒවායේ නැති බවටත් විශ්වාස කිරීමට බැරි කමක් නැත.

ආසනික් සහ රජරට වකුගඩු රෝගය

එකල අපි ලංකාවේ කුඹුරුවල ජීවත් වූ සතුන් නොමරා වී වගා කළෙමු. එකල අද මෙන් ජනතාව පැය විසිහතර පුරාම බණ පටි ඇසූ බවක් අසන්නටද නැත. පසුව ගොයමට හානිකර හැම සතාම වගවිභාගයක් නැතිව කෘමිනාශක යොදා මරා දමා හොඳ අස්වැන්නක් ලබා ගතිමු. අද රජරට පස මෙන්ම ජලයද එහි ජනයාට එරෙහිව නැගී සිටියි. සතෙන් සතේ එකතු කළ විට රුපියලක් සෑදෙන්නේ යම් සේද වස බිඳ බිඳ එක් වූ විට සිදුවන දේ ගැන කීමට ඊටත් වඩා උපහැරණ කුමට ද ?

කොකිස් බැදීම

නිවාඩු දිනක අප අපේ කිට්ටුවන්ත මිතුරෙකුගේ නිවසට ගොඩවැදුනේ ඔහුගේ නිවසේ පවත්වන්නට තිබුණු පුන්‍ය කටයුත්තකට උදව්වක් පදව්වක් කරදීමේ අටියෙනි. එහි යන විට අපේ මිතුරා සිටියේ ගරාජයේ සිය බිරිඳට උදව් වනු වස් කොකිස් බඳිමිනි. බඳින බඳින කොකිස් ඔහු දැම්මේ සිංහල පත්තරයක් මතටය. මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. "ඇයි මල්ලි, කොකිස් බැදලා පත්තරේ උඩට දැන්නේ ?" "නැත්තං අය්යේ!!!!! මේ නිකං දෙන පත්තර වලින් වෙන මොන වැඩක් ගන්න ද ?" වාසනාවකට මෙන් ඔහු මල්ලී කෙනෙකු වූ නිසා ඔහුට උපදේශයක් දීමට අපට හැකි විය. "මල්ලි ඔයාට මේ පත්තර වලින් වැඩක් ගන්නම නැත්තං රීසංයික්ලිං බින් එකට දාන්න. බැදුම් දාන්න එපා. ඒකෙන් වෙන්නේ නිකං ලැඛෙන පත්තර වලින් නිකම්ම ලෙඩ ගොඩකට මුල් වන විෂ ගොඩකුත් බඩට දාගන්න ලැඛෙන එක."

කාල මරණං සහ අකාල මරණං

කෑවත්, නොකෑවත් ඉපදුනු හැමෝම කවදා හෝ මිය යා යුතුය. එය ලෝක ස්වභාවයයි. එය එසේ මුත් අපට අපේ දරුවන්ට හෝ ආගන්තුකයන්ට ලෙඩට ඛෙහෙත් තිබූ පමණින් වස කැවීමට සදාචාරාත්මක අයිතියක් නැත. අද බොහෝ පත්තර මුද්‍රණය කරනුයේ ප්‍රතිචක්‍රීයකරණය කළ කඩදාසි කොළ වලය. කඩදාසි ප්‍රතිචකී්‍රයකරණය කිරීමේදී භාවිතා කරන රසායන ද්‍රව්‍ය ඛෙහෙවින් විෂ සහිතය. ඒ නැතත් මුද්‍රණය පිණිස යොදා ගන්නා සායම් ඇතුළු අනෙකුත් රසායන ආහාර බැදීමට යොදා ගන්නා තෙල් හා ගැටුණු විට ඉතා පහසුවෙන්ම දියව එම ආහාර හා මුසු වෙයි.

එකල කොළ හා මෙකළ කොළ

එකල අපේ අත්තම්මලා, ආතාලා, මුත්තලා බත් බැන්දේත්, ඇඹුළ හෝ දන් එතුවේත් කෙසෙල් කොළේ හෝ පන් කොළේ හෝ වෙන මොකක් නමුත් ගසකින් කඩා ගත් කොළයකය. එකල පත්තර තිබ්බේ කියවන්නට ය. එනමුත් අද උන්දෑලා තරම් එදා උන්දලාට කියවන්න දේවල් තිබුණේ ද නැත. අද අයට මෙන් බුද්ධියද නොතිඛෙන්නට ඇත. එහෙත් අපට වඩා මනුස්සකමක් උන් ළ`ග තිඛෙන්නට ඇත. අද ගහක කොළ කඩ කඩා කෑම ඔතන්නට, පිසින්නට බැරි බව සැබෑය. එහෙත් කොච්චර පත, පොත ඇතත් හොඳ නරක තෝරා බේරා ගන්නට තරම් මනුස්සකම් අද අපට නැතිද ?

සාමන්ත

20June 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) ගංවතුර හා නායයෑම පෙර නොවූ විරූ පමණට මාස ගණනාවක් පැවති දැඩි ග්‍රීස්මය නිමා කරමින් පසුගියදා ශ්‍රී ලංකාවට වැටුණු වර්ෂාව නිසා දිවයිනේ බොහෝ පෙදෙස් ගංවතුර හා නායයෑම් ඇතිවිය. අරණායක ප්‍රදේශයේ ඇති වූ නායයෑම් හේතුවෙන් සිය දෙනෙකුටත් වඩා ජීවිතක්ෂයට පත් වූහ. අනාථ වූ පිරිස දස දහස් ගණනකි. ගංවතුරෙන් හා නායයෑම් නිසා විපතටපත් හා අවතැන් වූ ජනතාවට අපි වැවරවුමේ සිට අපේ සාතිශ්‍ය කණගාටුව ප්‍රකාශ කරමු. උණුවන හදවත් විපතේදී, විපතට පත් අය වෙනුවෙන් පිහිටවන අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ ශ්‍රී ලාංකිකයෝ සහ නොයේකුත් සංවිධාන මේ අවස්ථාවේදී තම තමනට හැකි පමණින් ක්‍රියාත්මක වූ බව අපි දනිමු. ඔවුන් සියලූ දෙනාට අපි වැව් බැම්ම මත සිට අපේ ආචාරය පුද කරමු. 70 දශකයේ බදුලූපාර අපේ මතකය මුල් ඇත්තේ 70 දශකයේ ය. එකල පේරාදෙණියෙන් පටන් ගත් විට නුවරඑළිය හරහා බදුල්ලට යනතුරු හැරෙන හැරෙන හැම වංගුවක්ම උඩින් හෝ යටින් ගලා ගිය සුපිරිසිදු දියදහරාවන් අපට මතකය. සුද්දා තේ වතු හැදුවේ නිකම්ම ගස් කපා තේ ඉන්දවා නොවේ. එකල අපි දකින දකින හැම තැනකම පස බේරාගන්නට ගල් වැටි සහ ගල් පඩි තනා තිබුණි. අනූව දශකයේ කඩුගන්නාව ආදී පෙදෙස් වල අක්කරය දෙක තිබූ අයද තම වතුවල එක්තරා ආකාරයක ගෙවතු වගාවක් ලෙස තේ වැවූහ. ඒවාට ගල් වැටි තබා ඉනිවැටකුදු නොතිබිණ. වැසි වසින විට අපි ඒ වතු වල ඇවිද ගියේ ලෙස්සන ගහේ ඇවිද යන්නාක් මෙනි. ඒ වන විට අප හිතුවේ දලූ කිලෝවක මිළ ගැන පමණය. ආධාර, සම්මාදම් හා අපරාධයට නිසි දඬුවම් ලබාදීම ශරීර සුවතාව ගැන ලියන ඕස්ට්‍රේලියානු බොලොග්කාරිණියකට එරෙහිව පෙඩරල් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කිරීමට පසුගියදා ඕස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමෙන්තුව යටතේ පවතින වික්ටෝරියානු පාරිභෝගිය කටයුතු අධිකාරිය ක්‍රියාත්මක වූ බව නිවේදනය කරන ලදි. ඇය විසින් කර තිබුණේ තමන්ට සැබවින්ම නොතිබුණු රෝගයක්, වෛකල්පිත වෛද්‍යක්‍රම හරහා සුවකරගැනීම ගැන වැරදි හා ජනතාව නොමග යවනසුළු තොරතුරු දක්වා ආධාර හා සම්මාදම් ලබාගැනීම ය. ඇයගේ පොතක් ප්‍රකාශයට පත්කළ ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතනයට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගත්තේය. පාරිභෝගි ක කටයුතු පිළිබඳ ඇමතිනි ජේන් ගැරට්ට අනුව එම ආයතනය ඩොලර් 30,000 ක දඩයක් ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට එකඟ වී ඇත. එමෙන්ම එම ග්‍රන්ථය ප්‍රකාශ කිරීමද අත්හිටුවා ඇත. මෙවැනි වරදක් නැවත සිදු නොවීමට සියලූ ක්‍රියාමාර්ග ගන්නා ඕස්ට්‍රේලියානු නීතියට අපි හිස නමා ආචාර කරමු. (ආධාර එකතු කරන අය >> ආධාර ලබා දෙන) ? ඕස්ට්‍රේලියාවේ ඇතිවන ලැව්ගින්නකදී, ගංවතුර තත්ත්වයකදී හෝ වෙනත් ඕනෑම ස්වභාවික විපතකදී අපට ඉතා පහසුවෙන් ආධාර ලබා දිය හැකි පිළිගත හැකි ආයතන ඇත. කොටින්ම අප දන් දෙන ලේ බිඳක් ගැන පවා සහතිකයක් අපට ඇත. ඒවා යන එන තැන් ගැන හිතන්නට පවා අවශය නැත. කොටින්ම දෙන දෙයක් දී අත හැර දැමීම මෙහිදී අපට පහසුය. ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. එහේ විපතක් ඇති වූ කල්හි එහේත් මෙහේත් ආධාර එකතු කරන අපේ පිරිස ආධාර ලබා දෙන්නට සිටින පිරිසට වඩා වැඩි ද ? මෙය යහපත් ප්‍රවණතාවයක්ද නැතිනම් අයහපත් ප්‍රවණතාවයක්ද යන්න තේරුම් ගැනීමට තරමක් අපහසුය. ඩ්‍රැයිවර්ගේ දක්ෂකම එකල නුවර සිට බදුල්ලට ගියේ එක්කෝ නුවරඑළිය හරහාය. නැත්තම් දහඅට වංගුව ඔස්සේ මහියංගණය හරහා ය. පාරවල් අද මෙන් පළල් නැත. දහඅට වංගුවේ බසය පහළට ඇදෙන්නේ ඇන්ජිම කෑ ගසාගෙනය. එකල දෙපසට අදෙන බස් ලොරි මාරු වූ ක්‍රමය ඕස්ට්‍රේලියාවේ හැදෙන අපේ ළමයි සිහිනෙකිනිදු විශ්වාස නොකරන තරම්ය. එදා අපේ අම්මලාගේ මුවඟ නිතර රැඳුනු වදන් කිහිපයකි, "ඩ්‍රැයිවර්ගේ දක්ෂකම තමයි" යන්න. සේෆ්ටි ෆස්ට් සහ ඉක්මන් කොටවන හැටි නොතේරීම පසුගියදා ලංකාවට ගංවතුර ඇති වූ දින අපේ හිතවත් ලේඛක මහතෙක් කොළඹ සිට නුවර බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් කර ඇත. ඔහු අපට දුම්රිය කඩුගන්නාව දුර්ගය පසුකළ හැටි විස්තර කළේ මෙසේ ය. "අපි 'බලන' හරියෙන් එනකොට රේල් පාර යටින් වතුර ගලනවා. කෝච්චිය ඒ විදිහටම ආවා නම් කෝච්චියේ බරට පාර ගිලා බැහැලා අපි ඔක්කොම පල්ලෙහා හෙළට පෙරළෙනවා. ඒ වෙලාවේ කෝච්චියේ ඩ්‍රයිවර් හැමෝම කෝච්චියේ ඉස්සරහා පෙට්ටිවලට ගෙනල්ලා කෝච්චිය දෙකට ගැලෙව්වා.... මේක ඇත්තටම එක අතකට ඩ්‍රයිවර්ගේ දක්ෂකම කියලා කියන්නත් පුළුවන්..... ඊටපස්සේ පිටිපස්සේ එන්ජිම තිබ්බ කෑල්ල ආපහු පොල්ගහවෙලට යැව්වා. ඊළඟට අපි ඔක්කොවම කන්ද පැත්තට තියන සීට් පැත්තට කරලා ඉස්සරහා එන්ජිම තිබ්බ කෑල්ල විතරක් නුවරට ආවා....." ඔහු තමන් ලැබූ ත්‍රාසජනක අත්දැකීම අපට විස්තර කළේ එසේය. මේ කතාව ඇසූ මට මුලින්ම අපේ හිතවතා නුවර දක්වා පැමිණ තිබුණේ නගරාන්තර දුම්රියකින්ද නැතිනම් ගුවන්යානයකින්ද කියා සිතා ගැනීම අපහසු විය. දෙවනුව මට මෙසේ සිතිණ. ඕස්ට්‍රේලියාවේ දුම්රිය රියදුරෙක් මෙවැනි අවධානමක් ගත්තා නම් දුම්රිය නිරූපද්‍රිතව නුවරට පැමිණියද ඔහුගේ වැඩ තහනමට ලක්වීම අනිවාර්ය ය. එකී දුම්රිය රියදුරුගේ ක්‍රියාව වැරදී නොගියෙන් එහිදී ඔහු වීරයෙකු විය. මෙහිදී එවැනි හිතුමනාපයට ගන්නා තීරණයකින් විනාශයක් සිදුනොවුනද තමන්ගේත්, අන්අයගේත් ජීවිත අවධානමට ලක්කළ චෝදනාවෙන් ගැලවෙන්නට ඔහුට පුළුවන්කමක් නැත. ලංකාවේදී ඒ දුම්රිය රියදුරා වැඩතහනමට ලක්කළා නම් පසුදා පටන් සියලූ දුම්රිය රියදුරෝ වෛද්‍යවරු මෙන් වැඩවර්ජනය කරනු ඇත. වැසිවතුර සහ මුට්ටි එකල පදිකවේදිකාව සහ පාර පිරෙන තරමට වැසි වසින විට අපි කඩදාසි බෝට්ටු වැසිවතුරට දමා ඒ පසුපස දිව ගොස් ඉමහත් ආශ්වාදයක් ලැබුවෙමු. එනමුත් වහළයේ සිදුරු අතරින් ගේ තෙමෙන්න පටන්ගන්නා විට අතන මෙතන හට්ටි මුට්ටි තබන්නට අපට සිදුවෙයි. ගංවතුර සහ විනෝද සමය මෙකල ගංවතුර ගලන විට මෝටර් බෝට්ටුවලින් යන ඇමතිවරු ගංවතුරෙන් අනාථ වූවන්ට කෙසෙල් ගෙඩි ඛෙදති. එහි වරදක් නැත. වරද ඇත්තේ ගංවතුර එන්නටත් පෙර ආධාර ඛෙදන මලූවල උන්ගේ ඔලූ තිබීමය. ඒ විතරක් ද ? මූණුපොතෙන් එහාට මෙහාට බෝට්ටු යවන්නට අණ දෙන, කෑම ඕඩර් දෙන, දීපු කෑම ඕඩර් අවලංගු කරන උගත් බුද්ධිමත් පිරිසක් බිහිව සිටීම ය. ඒ විතරක් ද ? ඔවුන් සිතන්නේ රටකට පාලන තන්ත්‍රයක් අනවශ්‍ය ගාණටය! මූණු පොතෙන් සියල්ල කළ හැකිබවය! ඒ විතරක් ද ? ආධාර එකතු කරන්නට බට ඇතැම් ස්වාමීන් වහන්සේලා වැඩියේ බුදුන් පවා නොවැඩි මල්පාවඩ මතිනි. මග දෙපස රැස්ව සිටියාවූ සුපින්වත්හු සාදුකාර දුන්හ. යූ ටියුබටයේ බණ දේශනා කරන විට දාන චන්ඩිපාට් අමතකව ගිය සේය. මලක මෙළෙක හඳුනන කුරා කුහුඹියෙකු පවා නොතලන මල් තලා තලා උන්වහන්සේලා ආධාර එකතු කළහ. ඒ විතරක්ද ? තවත් බොහෝ දේ ඇත. ඒ ගැන පසුවට ලියමි. මොළය හා මතකය මිනිස් මොළයේ නියුරෝන බිලියනයක් ඇත. ඒ හැම නියුරෝනයක්ම තවත් නියුරෝන 1000 ක් සමග සබන්ධතා ගොඩනගා ගනී. ඒ අනුව මොළයේ ගොඩනගාගත හැකි සම්බන්ධතා ගණන ට්‍රිලියනයක් බව පැවසේ. යම් විදියකින් එක් නියුරෝනයකට තබා ගත හැක්කේ එක් මතකයක් පමණක් නම්, මතක ගබඩාව අයි පෝඩයක් හෝ යූඑස්බී එකක් මෙන් ඉතා ඉක්මණින්ම අවසන්ව යා හැකිව තිබුණි. එනමුත් නියුරෝන නියුරෝන අතර ඇති කරගන්නා සහසම්බන්ධතාවය නිසා මොළයේ මතක ගබඩාව ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. එය ආසන්න වශයෙන් පෙටාබයිට් (petabytes) 2.5 කි. නැතහොත් ගිගාබයිට් (gigabytes) මිලියනයකි. මේ අගය ගැන යම් කිසි වැටහීමක් ඇති කරගන්නට රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කරන වීඩියෝ රෙකෝඩරයක් නිදසුනක් ලෙස ගනිමු. ඒ අනුව පෙටාබයිට් 2.5 ක මතකයක් තුළ පැය මිලියන තුනක රූපවාහිනී වැඩසටහන් ගබඩා කළ හැකිය. තවත් සරළව කියනවා නම් මොළයේ මතක ගබඩාව අවසන් කිරීමට රූපවාහිනී යන්ත්‍රය වසර 300 කටත් වඩා නොකඩවා ධාවනය කළ යුතුය. ගංවතුර හා නිදහස තම රිසි පරිදි ගංඟව නිදහසේ ගලා යයි. එනමුත් ඉවුරු දෙක ගංවතුරට වැට බඳියි. එසේ නොවුනා නම් නිදහස කිසිදු පලප්‍රයෝජනයක් නැති දෙයක් විය හැකිව තිබුණි. - විනෝබා බ්හේව් අමතකවීම පෙටාබයිට් දෙකයි දශම පහක පමණ මතක ගබඩාවක් තිබුණද, දැන් හැමෝටම නියගයක් තිබූ බව අමතකව ගොස් ඇත. දේශපාලකයා ගංවතුරටත් කලින් ආධාර ඛෙදන මලූ වල තම ඔලූ ගසා ගැනීමට උන්ගේ මොළෙන් එක බයිටයක්වත් වැය කළාදැයි අපි නොදනිමු. එහෙත් අපි එක් දෙයක් දනිමු. ජාතියක් හැටියට අපි එක මෙගා බයිටයක් නියමාකාරයෙන් ප්‍රයෝජනට ගත්තානම් මූදට හත්ගව්වක් තිබුණද අමුඩය ගසා ගැනීම නැණවත් බව වටහා ගන්නවා සත්ත ය.
21April 2016
blog_shape

සාමන්ත තැන්නගේ විසිනි by Saamantha Tennege

නමස්තේ

සැලී මැදිවියේ පසුවෙන ඕස්ට්‍රේලියානු කාන්තාවකි. ඇය කාටත් දෑත් එක්කර සිනා සී හිස නමා ආචාර කරන්නීය. මා දුටු කල්හි ඒ ආචාරයට "නමස්තේ" යන වචනයද එකතු කරන්නට අමතක නොකරන්නී ය. බටහිර කාන්තාවක නමුත් ඇය අනෙකුත් බටහිර අය මෙන් සිපාචාර කිරීමක් ගැන නොසිතන්නී ය. කෙනෙකු පිළිගැනීමේදීත්, කෙනෙකුගෙන් සමුගැනීමේදීත් ඇය ඉන්දියානුවෙකු මෙන් දෑත් එක්කිරීමටත්, ජපන් ජාතිකයෙකු මෙන් කොන්ද නැමීමටත් හේතුව කුමක්දැයි දිනක් මම ඇයගෙන් ඇසුවෙමි. ඇය සිනාසී පිළිතුරු දුන්නේ මෙසේ ය. "මම මේ දේ කරන්නේ සිහියෙන්. ඒ වගේම සතුටින්. ඊටත් වඩා මේක මට හොඳ ව්‍යායාමයක්."

රොබෝලා

ජපන් ජාතිකයන් තරම් ආචාර කරන පිරිසක් මේ ලොව ඇතැයි මම නොසිතමි. ඔවුන්ගේ ආචාරය සිතටත්, කයටත්, වචනයටත් කිඳා බැස ඇති සේය. දිනක් මම ජපන් ජාතිකයන්ගේ මෙකී විනීතකම ගැන අපේ මිත්‍රයෙක් සමග කතා කළෙමි. ඔහු මට මෙසේ කීවේ ය. "උන්ට පිස්සු..... මට නම් හිතෙන්නේ උන් නිකං රොබෝලා වගේ කියලයි. මම නම් මගේ ළමයෙක්ටවත් ඔය ලංකාවේ වගේ දෙකට තුනට නැමිලා වඳින්න කියලා කියන්නේ නැහැ. මේ රටට ආවම අපි ඒ විදිහට ඉන්න ඕන."

ඔරලෝසු බට්ටා

අන්තෝනි කුඩා කළ සිතුවේ කවදා හෝ ක්‍රිස්තියානි පූජකයෙකු වන්නට ය. උපතින් බටහිර ජාතිකයෙකු මුත්, පසුව ඔහු වේද ග්‍රන්ථ හදාරන්නට පටන් ගත්තේ ය. විශ්වාත්මය හා පරමාත්මය වෙනුවෙන් පසුව ඔහු තමාගේ ආත්මය කැප කළේ ය. ඊළඟට ඔහු කිතු දහම හෙළා දකින්නට පටන් ගත්තේ ය. කාලයාගේ ඈවෑමෙන් ඔහුට බයිබලයේ ඇතැම් කරුණු වෙනත් මානයකින් පෙනෙන්ට පටන් ගත්තේ ය. මට ඔහුව හමු වුනේ ඔහු තමා අභිමුවට එන හැම දෙයක් දෙසම මැදිහත්ව සිතින් බලන්නට පටන් ගත් කාලයකදී ය. ඔහු අපට මෙසේ කීවේ ය. "බටහිර මිනිස්සුට ඕන වුනේ ඇගේ මස්ගොබ පේන්න බාහිර පෙනුමෙන් යකඩයෝ වගේ වෙන්න. ඒත් පෙරදිග මිනිස්සුගේ බාහිර පෙනුම හරිම මොළොක්. හැබැයි අභ්‍යයන්තරය යකඩ. සංතෝස වෙන්න ඕන කාරණය තමයි දැන් බටහිර මිනිස්සු ඒක අවබෝධ කරගෙන ඒ අනුව වෙනස් වීගෙන යන ප්‍රවණතාවයක් තිබීම. දුක් වෙන්න ඕන දේ තමයි ආසියාවේ මිනිස්සු දැන් බටහිරටත් වඩා බටහිරයෝ වෙමින් පැවතීම. අනික් අතට ලෝකයේ හැටි එහෙම තමයි. නිතරම හැම දේම ඔරලෝසුවේ බට්ටා වගේ එක අන්තෙක ඉදලා අනික් අන්තෙට ගමන් කිරීම."

කොන්දේ අමාරුව

1990 සිට 2013 අතර කාලයේදී ලෝකය පුරා කොන්දේ අමාරුවෙන් පෙළෙන ජනතාවගේ ප්‍රමාණය සියයට 60 කින් වර්ධනය වී ඇත. බොහෝ කාලයක් වාහන වල එකම ඉරියව්වකින් ගමන් කිරීම, වැරදි ඉරියව් පවත්වාගෙන යාම සහ අප නියුතු රාජකාරිවල ස්වභාවයන් මීට හේතු වශයෙන් දක්වා ඇත. අනෙක් අතට කොන්දේ අමාරුව ලෝකයේ වැඩිම දෙනෙකු සදාකාලික කායික දුබලතාවයට පත්කරනු ලබන ප්‍රධාන සාධකයද වන්නේ ය. ඕස්ට්‍රේලියාවද ලෝකයේ කොන්දේ අමාරුවෙන් වැඩිම ප්‍රතිශයක් පෙළෙන්නන් වෙසෙන රටවල් අතරින් එකකි.

සූර්යය නමස්කාරය

වාච්‍යාර්ථයෙන් ගත් විට සූර්යය නමස්කාරය යනු සූර්යයා වෙනුවෙන් කරන වන්දනාවකි. කලින් සටහනේ දැක් වූ අන්තෝනිද සූර්යය නමස්කාරයේ යෙදෙන්නෙකි. දිනක් අපි සූර්යය නමස්කාරය ගැන කතා කළෙමු. මගේ අදහස වූයේ සූර්යය නමස්කාරය යනු සූර්යයාට කරන වන්දනාවක් නොවිය හැකි බවත් එය උදෑසන නැගෙනහිර දෙස බලා කරන ව්‍යයාමයක් නිසාවෙන් එය හැඳින්වීමට එදා උපයෝගී කරගත් වචනයක් පමණක් විය හැකි බවත් ය. පසුකාලීනව ව්‍යායාමය යට ගොස් වන්දනාව ඉස්මතු වන්න ඇති බවත් ය.

ධනුග්ගහ සූත්‍රය

සංයුක්ත නිකායේ ධනුග්ගහ සූත්‍රයේ මෙසේ දැක්වේ. ජවසම්පන්න දුනුවායන් සතර දෙනෙක් අධික වේගයෙන් දුනුදිය ඇද සතර දිශාවන්ට හී සර සතරක් විදී. තවත් ජවසම්පන්න පුරුශයෙක් ඒ දුනුවායන් හී විදිනවාත් සමගම අධික වේගයකින් චාපයක ගමන් කර ඒ හී තල බිමට පතිත වීමට පෙර ග්‍රහණය කර ගනී. මේ පුරුෂයාගේ වේගය ඉතා විශාලය. එහෙත් එම පුරුෂයාට වඩා මහත් වූ වේගයකින් සූර්ය චන්ද්‍රයන් ගමන් කරයි. සූර්ය චන්ද්‍රයන් ගමන් කරන වේගයට වඩා වේගයකින් සූර්ය චන්ද්‍රයන් ආශ්‍රය කොට දිවෙන දෙවියන් ගමන් කරයි. ඊට වඩා වේගයෙන් සාන්සාරික සත්වයාගේ ආයුෂය ගෙවී යයි.

සූර්යයා ගැන

සෞරග්‍රහ මණ්ඩලයේ මුලූ ස්කන්ධයෙන් සියයට 99.860ක් අයත් වන්නේ සූර්යයාට ය. එහි මතුපිට එහි උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5500 ක් පමණ වේ. හිරු හිස් වස්තුවක් ලෙසින් සිතුවොත්, එතුළට පෘථීවිය හා සමාන ග්‍රහලෝක ආසන්න වශයෙන් මිලියනයක් දැමිය හැකි ය. චක්‍රාවාටය වටා ගමන් කිරීමට හිරුට ගතවන කලාය වසර මිලියන 225 ත් 250 ත් අතර වේ. එය තත්පරයකදී ගමන් ගන්නා දුර කිලෝ මීටර 220 කි.

වසන් කරන්නට බැරි දේ

ඉර, හඳ සහ සත්‍යය දීර්ඝ කාලයක් වසන් කර තැබිය නොහැකි බව වදාලේද, බුදුහු ය.

දෙවියන් වහන්සේ (ආ) ලෝකය මැවීම

ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, "ආලෝකය වේ වා !"යි වදාළ සේක. ආලෝකය විය. ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට "දවාල" කියා ද, අන්ධකාරයට "රාත්‍රිය" කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. -සිංහල බයිබලය (උප්පත්ති කතාව)

ආලෝකය පහළ විය

මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්්‍ය සත්‍යය යි මා හට පෙර නොඇසූ විරූ දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. -ධම්මචක්කප්පවත්තන සූත්‍රය

ආලෝකයේ වේගය සහ සාපේක්ෂතාව

ආලෝකය තත්පරයකට ආසන්න වශයෙන් කිලෝ මීටර් ලක්ෂ තුනක වේගයෙන් ගමන් ගනී. අයින්ස්ටයින්ට අනුව මේ මුළුමහත් විශ්වයේ පවතින හැමදේම සාපේක්ෂකය. නිරපේක්ෂ දෙයක් නැත. ද්‍රව්‍ය මතු නොව කාලය පවා සාපේක්ෂක ය. නිත්‍ය යැයි කිසිත් ගත නොහැකි විශ්වයේ කාලයට සාපේක්ෂව ඇසුරු සැණක්වත් නොවන අපේ ජීවිත කාලයේ අප හඹායන මිරිගු කොතෙක් නම් ඇත් ද ?

උත්තනාසනය සහ වැඩිහිටියන්ට වැදීම

ඉන්දියානු ජාතික ජානකී දිනක් අපූරු දෙයක් කීවා ය. අපේ රටේ මිනිස්සු බිමට නැමිලා වැඩිහිටියන්ගේ පාද අල්ලලා ගෞරව දක්වනවා. ඒ ගොල්ලෝ දන්නේ නැති වුනාට එයාලා ඒ කරන්නේ කොන්දට ව්‍යයාමයක්. ඒකට කියන්නේ උත්තනාසනය කියලා.

ලැන්වේජ් ප්‍රොබ්ලම්

පසුගිය දිනක අපි කිහිප දෙනෙකු එකතුව බොහෝ දේ ගැන සුහඳ සංවාදයක යෙදෙමින් සිටියෙමු. ඒ අතර සිටි එක් අයෙක් ඉතා අරුත්බර කතාවක් කීවේ ය. "මෙතන තියෙන්නේ ලැංවේජ් ප්‍රොබ්ලම් එකක්." එහෙම කීවේ සංගීතවේදී නදීක ගුරුගේ ය.

සොඳුරු සෙවනැලි

අද වන විට ආප්පයේ පටන්, සාජ්ජ හරහා සද්ධර්මය දක්වා සියලූ දේ මෙනුවර විකුණති. ඒ නෙක නෙක සොඳුරු වෙස් ගෙන යැ. එවැනි කලෙක ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන්, සංගීතවේදී නදීක ගුණසේකර සහ නිහ්ඬ ගායක බණ්ඩාර අතාවුද එක්ව පැවැත් වූ "සොඳුරු සෙවනැලි" ප්‍රසංගය එකිනෙකට වෙනස් දේ වෙනස් ආකාරයකින් සුසංයෝග කරන්නට ගත් තැතක් ලෙස අපි දකිමු. අප කාටත් හොරා මෙනුවර වසාගනිමින් පවතින අඳුරු සෙවනැලි අතර එක් සොඳුරු සෙවනැල්ලක්වත් දැක ගන්නට ලැබීමෙන් සිත මද අස්වැස්සිල්ක් ලත් බව කිව යුත්තේ ය.

ලංකාවේ බෞද්ධයෝ නැහැ

එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ජිප්සීස් කන්ඩායමේ නායක සුනිල් පෙරේරා මෙසේ කීවේ ය. ලංකාවේ බෞද්ධයෝ නෑ..... ලංකාවේ ඉන්නවා නම් බොහෝම සීමිත පිරිසක් ඇත්තේ බෞද්ධයෝ. ලංකාවේ බුදුන් වහන්සේට වඳින කට්ටිය ඉන්නවා... බෞද්ධයෝ නැහැ. බුදුන් වහන්සේ කියන දේවල් පිළිගන්ට ඕන.... පිළිගන්නේ නැහැ..... ඒ ගොල්ලෝ පිළිගන්නේ මිත්‍යාවමයි....
14February 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) මසුරං හා ඔවදන් මසුරං යනු වටිනා දෙයකි. සිංහල භාෂාවේ ඔවදන්, මසුරං හා සමාන කර යෙදුනු තැන් බොහෝය. ජීවිතය සංකීර්ණය. ජීවත් වීම පහසු නැත. ජීවිතය සුමටද නැත. ඒ අතර අපට ලැඛෙන ඔවදන් නිසාවෙන් ජීවිත යම්තාක් දුරකට හෝ සුමට කර ගත හැකිය. බොහෝ විට නොමිලේ ලැබුණද, ඇස් කන් හැර බැලු විට ඔවදන් තුළ සැඟව ඇති අති සියුම් කලාව වැටෙහෙන්නට පටන් ගනී. ඒ සමඟම අවිද්‍යාවත්, මෝහාන්ධකාරයත් පහව යන බව වියත් මතයකි. සැබවින්ම, ඔවදන් මසුරං හා සමානද ? නැතිනම් ඊටත් වඩා අගනේ ද ? Where your eyes go, your body follows ටෙනිස්, ගොල්ෆ්, නර්ථන මෙන්ම යෝග ගුරුවරුන්ගේ මුවඟෙහි නිතර රැඳුනු වදන් පෙළකි, "Where your eyes go, your body follows" යන්න. එසේ වුවද බොහෝ ගුරුවරු පවසන්නේ තම සිසුන්ට මේ ගැන කෙතරම් කීවද එය බිහිරි අලීන්ට වීණා වාදනය කිරීමක් හා සමාන බවය. යම් හෙයකින් මේ උපදේසය තුළ සැඟව ඇති අපූරු තාක්ෂණය ග්‍රහණය කර ගැනීමට හැකියාවක් ඇත්ද, ඔහුට හෝ ඇයට තම සිතැ`ගි පරිදි අපූරු ඉරියව් පවත්වාගෙන යා හැකි බවට එකී ගුරුවරු පෙන්වා දෙති. උජුංකායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා ආනාපානා සති භාවනාව පුහුණුවන්නට ලැඛෙන මූලික උපදේශයන් අතරින් එකකි, මේ. ඇතැම් අය මේ පාඨය ඉතා කෙටියෙන් "කොන්ද කෙළින් තියාගෙන සිහිය පෙරටු කරගැනීම" යනුවෙන් හඳුන්වා දෙති. මේ පාඨය ගැන අටුවාවේ දැක්වෙන විස්තර හාරා ඇවිස්සීම අපගේ අරමුණ නොවන්නේ ය. සූත්‍ර පාඨයට අනුව කොන්ද කෙළින් තබා ගැනීමට යාමෙන් සිහිය පෙරටු කර ගන්නට අපහසුතාවයක් ඇති විය හැකි කරුණක් පෙන්වා දීමට අදාල මීළඟ සටහනට නිමිත්තකි, මේ. Relax your Shoulders කය සැහැල්ලූ කරගැනීමට කොඳු නාරටිය කෙළින් තබා ගැනීමේදී නොදැනීම උරහිස් තද වේ. ඒ, අප කොන්ඳ ඔසවා ගැනීමට උරහිස් උපකාරී කර ගන්නා නිසාය. මා මිත්‍ර විසි පස් හැවිරිදි කැනේඩියානු ජාතික ෆ්‍රෑන්ක් නිතරම කියන්නේ Relax your Shoulders කියාය. ඔහුට අනුව එසේ නොකළොත් නාසය අග සිහිය පිහිටුවා ගත නොහැකිය. මක්නිසාද යත්, එවිට කොන්ද කෙළින් තබා ගනු වස් අපටත් නොදැනීම උරහිසට සිහිය යොමු කළ යුතු නිසාවෙනි. පුද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කිරීම වසර 2007 එක්තරා දිනක මා ලියූ ලිපියක් ප්‍රවීණ ලේඛක ටියුඩර් අමරසේන මහතාට කියවන්නට දුනිමි. ලිපිය කියවා ඔහු අපට දුන්නේ මෙබඳු උපදෙසකි. "සාමන්ත, හැම වෙලේම ලිපියක් ලියනකොට පුද්ගලික අත්දැකීමක් වුනත් පොදු කාරණාවක් බවට පත් කරන්න බලන්න. තමන් ගැනම කියන්න යන්න එපා. තමන්ගේ අත්දැකීම වුනත් පාඨකයාගේ අත්දැකීමක් බවට පත්කරන්න උත්සාහ ගන්න." එදින ඔහුට කියවන්නට දුන් ලිපිය ගැන මට දැන් මතක නැත. එහෙත් ඔහු දුන් උපදෙස තවමත් මතකය. අත්තුක්කංසනය හා පරවම්භනය අත්තුක්කංසනය යනු තමන් හුවා දැක්වීමය. පරවම්භනය යනු අනුන් හෙළා දැකීමය. මේ කරුණු දෙක බොහෝ මිනිසුන්ගේ දුර්වලතාවක් ලෙස බුදුසමය දක්වයි. කිසිවිටෙකත් බුදුහිමියෝ තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය කියා පා එමගින් අන්‍යයන් නොතකා හැරීම හෝ නිග්‍රහ කිරීම නොකළහ. මෙම උතුම් ගුණය නිහතමානී බවේ ප්‍රධාන ලක්ෂණයකි. නිහතමානී මනුෂ්‍යා නිහඬය. කෑ මොර දී තමාගේ වතගොත කියාපාන්නේ ද නැත. කුඩා නදී සහ මහා නදී කිසියම් බුද්ධ දේශනාවක මෙබඳු කරුණක් දක්වා තිබුණු බව මට මතකය. එනම් කුඩා දිය පහරවල් ශබ්ද නඟමින් ගලා යන්නේ යම් සේද, බොල් මිනිස්සු තමාගේ පුරසාරම කියා පාති. ගැඹුරු ගංගා නිහඬව ගලා යන්නේ යම් සේද, බහුශ්‍රැතයෝ කෑ කෝ ගසමින් තමන්ගේ තරාතිරම ප්‍රකාශ නොකරති. ධර්මය තුළින් ලබන ජීවිතාබෝධය හා අත්දැකීම් තුළින් ලබන ධර්මාවබෝධය මහනුවර ශාන්ත සිල්වෙස්තරයේ නව වන ශ්‍රේණියේ අප සිංහල භාෂාව සහ සාහිත්‍ය උගත්තේ රාජපක්ෂ ගුරු මාතාවගෙනි. ඇය ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ රචිත "ද බ්ලේ මිසරාබ්ලේ" නවකතාවේ සිංහලානුවාදය වූ "මනුතාපය" අපට ඉගැන්වූයේ මානව හැඟී- ම් වලත්, සිතිවිලිවලත් සංකීර්ණතා, දුබලතා මෙන්ම ප්‍රබලතාද මොනවට පැහැදිලි කරමිනි. ලොව කවර දිග්බාගයක වුවද, අදත් අපි එකී මානුෂික ගුණාංගයන්ගේ ප්‍රතිඵලත්, අතුරු ප්‍රතිඵලත් අත්දකිමු. සද්ධර්මරත්නාවලියේ නාගසේන කතා වස්තුව ඇය අප ඉදිරියේ දිග හැරියේ ජීවන අත්දැකීම් ඔස්සේ ධර්මය ඉස්මතු කරගන්නා පිළිවෙළට ය. සාහිත්‍ය කෘතියක් බිහිකරන ලේඛකයෙකු යනු අන්තර්ඥානය කෙතරම් දියුණු කළ යුතු අයෙකුද යන්න එතුමියගෙන් උගත්, අදටත් අප මතකයේ රැඳුනු අවිධිමත් පාඩමකි. "ලියන" ආරච්චි සහ "නලියන" ආරච්චි නොලියා ලියන්නට උගත නොහැකිය. ලියූ පමණින් ලියන්නෙකුද විය නොහැකිය. අපේ පංතියේ සිටි මා මිතුරු ලියනාරච්චි ලියනවාට වඩා කළේ දැඟලීම ය. දිනක් රාජපක්ෂ ගුරුතුමිය ලියනාරච්චිගේ හැසිරීම මෙසේ අර්ථදැක්වූවා ය. "ඔයා ලියනාරච්චි නෙමෙයි.... නලියනාරච්චි" It takes time ඕනෑම දෙයක් ස්ථාපිත වන්නට කාලයක් ගතවිය යුතුය. අපි ඒ බැව් දනිමු. එහෙත් ප්‍රායෝගිකව එකරුණ පිළිගැනීමට තරම් ඉවසිලිවන්ත නොවෙමු. අද කඩයක් විවෘත කරන්නේ හෙට සිට ලාබ ගන්නට ය. අද පොතක් එළි දක්වන්නේ හෙටම සිට දනන් තුඩ තුඩ රැව් දෙන්නට ය. සම්මාන ගන්නටය. එහෙත් එය සිදුනොවන විට ලියනාරච්චිලා පවා නලියනආරච්චිලා වන්නා හ. වික්ටර් හියු- ගෝලා, ධර්මසේන හාමුදුරුවෝ, ලියනාරච්චිලා සහ නලියනාරච්චිලා ගැන අපට කියාදුන් රාජපක්ෂ ගුරු මාතාව ලියා පළ කළ එකදු පොතකුදු නැත. එහෙත් ඇය මට පොතකි. නිකම්ම පොතක් නොව විශ්වකෝෂයකි. දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ කලකට පෙර අප දන්නා හඳුනන ස්වාමීන් වහන්සේ නමකගෙන් අපගේ ආදර ගෞරවයට පාත්‍ර වූ කලණ මිතුරෙකු අරභයා පැතිරගිය අභූත චෝදනාවක් ගැන හිතේ හටගත් විස්සෝපය නිසාම විමසා සිටියෙමි. උන්වහන්සේ එදින අපට මෙසේ පිළිතුරු දුන්හ. "සාමන්ත මහත්තයා, මේ වගේ වෙලාවට අපි කරන්න ඕන අලගියවැන්න මුකවැටි තුමා ලියපු සුභාෂිතයේ 47 වෙනි කවිය කියවලා ඒ වගේ චෝදනා කරන අයට ස්තූතිවන්ත වීම. මොනවා නැතත් ඒ අය අපටත්, අපේ මිතුරන්ටත් නොසැලී ඉන්න හැටි තේරුම් ගන්න අවශය කරුණු කාරණා සකස් කරලා දෙනවානේ." අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ අනත වෙහෙස ලදුවත් නො ම වෙති දුහද දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ "ඉමිහිරි සුවඳින් යුතු සඳුන් කඳ කපන විටත්, කුඩු කරන විටත් එක සේ සුවඳ පතුරුවන්නේ යම්සේද, අප්‍රමාණ ගුණයෙන් හා නුවණින් යුත් සුප්‍රසිද්ධ උතුමෝ කෙළවරක් නැති හිරිහැර වලට මුහුණ පෑවද, නපුරු හිතක් ඇති කර නොගනිති." ස්වයංවාරණය පසුගිය ජනවාරි 20 වෙනිදින ලංකාවේ ජාතික පුවත්පත් දෙකකම මුල් පිටුවේ වූයේ යකඩ හුලක් ඇණී හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කළ අයෙකුගේ ඡායාරූපයකිනි. අනූව දශකයේ අගභාගයේ දූෂණය කර මරා දැමුණු කාන්තාවකගේ සිරුර මුල් පිටේ පළ කරමින් ලංකාවේ එක්තරා ජාතික පුවත්පතක් මිය ගිය කාන්තාව තවත් වතාවක් දූෂණය කළේ ය. එහෙත් මහමග මියගිය ජනාධිපතිවරයෙකුගේ ඡායාරූපයක් අදටත් සොයා ගත නොහැකිය. පොලිසියේ සහ දේශපාලකයන්ගේ සදාචාරය ගැන කතා කරන අප, අප කළ දේට වඩා නොකළ යුතු දේ ගැන දහස්වාරයක් සිතා තවත් එක්වාරයක් සිතිය යුතු නොවේ ද ? හදිසි අනතුරකට ලක්වන දුප්පත් අහිංසකයෙකුටත්, රටේ ජනාධිපතිවරයෙකුටත් එකසේ උරුම දෙයක් ඇත. ඒ, ආත්ම ගරුත්වය යි. ස්වයං නිවාරණය ජනවාරි 20 වෙනිදාම සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වූ වැදගත්ම ප්‍රවෘත්තිය වූයේ ගායක කීර්ති පැස්කුවෙල් විසින් කරන්නට යෙදුනු උතුම් කටයුත්තකි. ඒ මරණාසන්නව ලෙඩ ඇදේ වැටී සිටි යුවතියකගේ ප්‍රියතම ගීතය ඇය අසලට ගොස් ගායනා කිරීමය. 22 වෙනි දා වෙනතුරු ලංකාවේ ජාතික ජනමාධ්‍ය ඒ ගැන කතා කර තිඛෙනු නොදිටිමි. ඔහු විසින් කරන්නට යෙදුනු සද්කාර්යයට වැව් බැම්ම මත සිට අපි අපේ ආචාරය පුද කරමු. එහෙත්..... (මීළඟ සටහන් දෙක කියවන්න) යටි අරමුණු ඉහත කෙටි සටහන් දෙක හරහා අප කියන්නට යත්න දැරුවේ උසස් යැයි සම්මත ජනමාධ්‍යට වඩා පහත් යැයි සැලකෙන සමාජ ජාලා මාධ්‍ය උසස් බව නොවේ. ඊට හේතුව සමාජ ජාලා මාධ්‍ය හරහා ගායක කීර්ති පැස්කුවල් ප්‍රසංසාවට ලක් කරන අතරම තවත් දෙයක් කර තිබුණි. ඒ, අනෙකුත් කලාකරුවන් හෙලා දකින්නට කීර්තිගේ සද්ක්‍රියාව පාවිච්චි කිරීමය. අතලොස්සක් මුත් බුද්ධිමතුන්ගේ නිග්‍රහයට භාජනය වන්නේ එකී යටි අරමුණු ය. මතුපිට සහ අමුතු පොට අසරණ හෝ රෝගියෙකු අයෙකුට අප පිහිට විය යුත්තේ ඇයි ? වචනයකින් හෝ ඔවුන්ගේ සිත් සතුටු කරන්නට උත්සාහ කළ යුත්තේ ඇයි ? සෙල්ෆියක් හෝ ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් තම ප්‍රචාරාත්මක ව්‍යාපෘතියක් ලෙස උපයෝගී කරගන්නද ? නැතිනම් ලෙඩවීම, වයසට යාම, මරණය අපටත් උරුම බව වටහාගත් තවත් මිනිසෙකු හැටියට ද ? අද අප ජීවත් වන්නේ අපේ අනුදැනුමකින් තොරව සියල්ල පටිගත වන වටපිටාවක ය. යහපත් යැයි අපට සිතෙන දේ තුළ සැඟව පවත්නා අයහපත තේරුම් ගැනීමට පවා අපහසු වටපිටාවක ය. කීර්ති පැස්කුවෙල්ගේ සද්ක්‍රියාව හුදෙක් මනුෂ්‍යත්වයේ නාමයෙන් වූ බව සිතන්නට අප කැමතිය. ඔහුගේ සද්ක්‍රියාව වීඩියෝ කිරීම කෙසේ වෙතත් ඊට ප්‍රචාරය ලබා දීමෙන් කීර්තිටත්, අසරණ කාන්තාවකටත් යහපතක් වූ බව කෙසේ නම් අපි පිළිගනිමු ද ? ලෙඩා බැලීම සහ ලෙඩා බැලීම නැරඹීම අනූව දශකයේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය ගායකයෙක් වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අසාධ්‍ය තත්ත්වයෙන් පසුගියදා රෝහල් ගත කෙරුණි. ඒ අතර නළු රන්ජන් රාමණායක ප්‍රින්ස්ගේ සුවදුක් සොයා බැලීමට ගිය ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සමාජ ජාල ඔස්සේ සැරිසරනු දුටිමි. ඒ අවස්ථාවේදී ප්‍රවිණ නළු රංජන් රාමනායක මුදල් නෝට්ටු කිහිපයක් සහ තමන්ගේ කාඩ්පතක් ගායක ප්‍රින්ස් උදය අත තැබුවේ අවශ්‍ය වුනොත් නැවත ඔහු අමතන ලෙස ඉල්ලීමක්ද කරමිනි. වම, දකුණ සහ බයිබලය "....... නමුත් ඔබ අසරණයෙකුට යමක් පරිත්‍යාග කරන විට, ඔබේ දකුණතින් කරන දෙය වමතට දැන ගැනීමට ඉඩ නොතබන්න." මතෙව් 6ඃ3 නූතන කොසොල් සිහින 1 "ස්වාමීනී, මම චිත්‍රපටියක් නැරඹීමට ගියෙමි. චිත්‍රපටියේ නළුවන්ට කර හැකිව තිබුණු එකම දේ කතා කිරීමය. කිරීමට බැරිව තිබුණේ රඟපෑමය. හදිසියේම චිත්‍රපටිය නැරඹීමට පැමිණි සිටි ප්‍රේක්ෂකයෝ රඟපාන්නට පටන් ගත්තෝ ය. නළුවෝ විශ්මව තිරයට මුවා වී ප්‍රේක්ෂකයෝ දෙස බලා උන්හ." නූතන කොසොල් සිහින 2 "ස්වාමීනී, මම අසාධ්‍ය කායික රෝගියෙක් බැලීමට රෝහලට ගියෙමි. රෝගියා පරික්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරයා ලෙඩා පසෙක සිටියදී මා පරීක්ෂාකිරීමට පටන්ගත්තේය. අවසානයේ පරීක්ෂණ ගණනාවක් සහ ඛෙහෙත් නියම කෙරිණි. මම වෛද්‍යවරයා නිර්දේශ කළ ඛෙහෙත් බිව්වෙමි. ඇඳ මත සිටි රෝගියා කට කොණින් සිනාසුනේ ය." තමන්ටම රැවටීම බොහෝ උගත්තු ද නුවණැත්තෝ ද නොයේක් විට තමන්ට රැවටෙති. මන්දබුද්ධිකයක් ගේ තමන් ගැන රැවටීම කියනුම කිම ? තමා ගැන රැවටුණ තැනැත්තාහට අනුන්ට රැවටුණ තැනැත්තාට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නො වේ. බොහෝ සෙයින් ඔහුට ඒ රැවටිලි මුළු ජීවිත කාලයේ දීම නො වැටහේ. ඔහුගේ රැවටුම තේරුම් ගත් අන් නුවණැතියෙකු විසින් ඒ බව ඔහුට කියූවත් ඔහු එය නො පිළිගන්නේය. එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත් වූ ද නපුරු වූ ද රැවටිල්ල තමා ගැනම රැවටීම බව කිව යුතු. උපුටා ගැනීම - රේරුකානේ චන්දවිමල (වඤ්චක ධර්ම - 1 පිට)
06December 2015
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි නිදසුන් අපි සුහඳ කතාබහක නිරත වෙමින් සිටියෙමු. ඒ මේ ලෝකයේ පැවැත්මට විවිධ තාරාතිරම්වල සියලූ දෙනාගෙන්ම ලැඛෙන දායකත්වය කෙතරම් වැදගත්ද යන කාරණාව සම්බන්ධව ය. අවසාන නිගමනයට අනුව පවුකාරයෝ නොසිටියේ නම් මේ ලෝකය පිංවතුන්ගෙන් සිස් විය නොහැකි ද ? දේවවාදියෝ නොවන්නට අදේවවාදීහුද, අදේවවාදීන් නොවන්නට දේවවාදීහුද නන්නත්තාර නොවනු ඇත් ද ? යනාදී වශයෙන් විවිධ ප්‍රතිවිරුද්ධතා මැදින් ගොඩගැනී ඇති ලෝකයේ එහාටත් මෙහාටත් නොවැටී මැද මාවතක යාම ගැන අපි සාකච්ඡා කළෙමු. කොතරම් කතා කළත් "නිදසුන්" නොවන්නට බරසාර කතාබස් පවා නීරස වන බව අපි අත්දැකීමෙන් දනිමු. කිසිවෙකුත් අවතක්සෙරු නොකළ යුතු බව එදින ඉතා අපූරු නිදසුනකින් පැහැදිලි කළේ අප හිතවත් චන්ද්‍රා හේවාමාන්න ය. ඒ මෙසේ ය. "ඔන්න දවසක් ශරීරයේ කොටස් ටික එකතු වෙලා තමන් අතරින් උසස්ම, ඒ වගේම ඉතා වැදගත්ම කෙනා කවුද කියලා වාද කරන්න ගත්තාලූ. මොළය කීවලූ 'මම නැත්තම් ඔක්කොම ඉවරයි. මොකද හැම තීරණේම ගන්නේ මමනේ කියලා.'  එතකොට හෘදය වස්තුව කිව්වලූ 'ඔයා තීරණ ගන්නේ කොහොමද මම මහන්සි නොබලා දිවා රෑ වැඩ කළේ නැත්තම්' කියලා. එතකොට පෙනහැල්ල ඇහුවවලූ 'මම හුස්ම ටික හරියට පෙරලා දුන්නේ නැත්තම් කොහොමද ?' කියලා. ඒ වෙලාවේ අක්මාව කිව්වලූ 'මම නැත්තම් ඔයාලාට ඔය මොකවත් කරන්න පුළුවන්ද ?' කියලා. ඉතිං ඔය වගේම වකුගඩු, හම, රුධිරය වගේ හැමෝම තම තමන්ගේ ලොකුකම් කියවනකොට බහිඝ්‍රාවී පද්ධතියත් පිටිපස්සේ ඉදලා කිව්වලූ 'මාත් කරන්නේ ලොකු සේවයක්' කියලා. මෙච්චර වෙලා කාගෙවත් අවධානේ යොමු වෙච්ච නැති බහිඝ්‍රාවි පද්ධතිය එහෙම කියනකොට හැමෝම නහය වහගෙන සමච්චලෙන් එයාට හිනා වෙන්න ගත්තලූ. ඒ වගේම එයාට බොහෝම අවමන් වෙන විදිහටලූ කතා කළේ. ඉතිං ඊට පස්සේ බහිඝ්‍රාවි පද්ධතිය තමන්ගේ පාඩුවේ කට වහගෙන වැඩ වර්ජනයක් පටන් ගත්තලූ. දවසක්, දෙකක් යන කම් කාටවත් ගාණක් නැතිලූ. හැබැයි තුන්වෙනි හතරවෙනි දවස් ගෙවිලා ගන්න ගත්තම තමයිලූ හැමෝටම තරු පේන්න පටන් ගත්තේ. එයාලට තුන්මුනිං දාඩිය දාලා උණ ගැනුනා. අන්තිමට හැමෝම එකතු වෙලා වැඩ වර්ජනය අත අරින්න කියලා බහිඝ්‍රාවී පද්ධතියෙන් බැගෑපත් වෙලා ඉල්ලා හිටියාලූ." (more…)
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt