seprator

කැඩපත – කැටපත / අගෝස්තු 2016

seprator
22August 2016
blog_shape
Kadapatha Aug 1645 බොදු දනන්ගේ මුදුන් මල්කඩ මුදුන් මල්කඩ බොදු දනන්ගේ සදා කල්හිම වන්දනීයයි දනන් හට ලක් දෙරණ වසනා උතුම් දළදා සමිදු පිහිටයි රජුන් පෙරදා මහත් බැතියෙන් දිවි දෙවෙනි කොට රැකි වගයි බුදුන් අදිටන අනුව අප රට බුදු දහම බැබලෙන රටයි ජයසේන කොඩිතුවක්කු පවසම් අසිරි කෙලෙසින් සදෙව් ලොවින් දෙවි වඩින තැනක් - දැයේ එකම මුදුනත් මල් කඩක් බලන් සකි වැජඹෙනයුරැ කප් ලකක් ගතවෙනතුරැ පවසම් අසිරි කෙලෙසින් එක් කවක් ශිරාන් විජේරත්න මහනුවර දළදා මාලිගාව පෙර හෙළ රජුන්ගේ නිති රැකවරණ ලද ලෝවැසි දනන්ගේ බුහුමන් ලද නිබඳ තුන් ලෝ හිමිගෙ සිරි සදහම් පහස ලද දළදා සමිඳු වැජඹෙයි මහනුවර මැද දයා විජේසුරිය දිවිහිමියෙන් රැක ගමු සෙංකඩගල පුරවරයට ආලෝකය ලබාදුන්න දළදාහිමි වැඩ වසනා මාළිගාවේ මේ පින්බිම සකල ලෝ වැසියනගේ වන්දනා මානයට දිවිහිමියෙන් රැක ගමු සිහළ කමට පන දෙන්නට දිනිල් ප්‍රේමරත්න දළදා සමිදු රැකවරණයි දළදා මැදුරෙ තේවා හඬ ඇසෙන විට බොදු බැතියන් ඇදෙයි සෙංකඩගලපුරට පුද සත්කාර ලබමින් අද එදා සිට දළදා සමිදු රැකවරණයි සිරිලකට රංජනී ගුණවර්ධන එක ලෙසම වැඳ ගත්තු සරුසාර බලවත්තු අහිංසක දුප්පත්තු එක ලෙසම වැඳ ගත්තු පින් බිමකි සිත් ගත්තු නිම්මි සමරසිංහ දළදා සමිඳු වැඳගන්ටයි ඈත දිලෙන රන්සිවිගෙයි වැඩ සිටින බැතිමත් සිතින් එක් වී පිය නගන දළදා සමිඳු වැඳගන්ටයි සිත් සොඳින මාළිගාව සෙන්කඩගල අභිමාන සුභා එල් හේවගේ අද අප වඳින ගෙන මල් අසූසාර දහසක් දම් පහස ලැබූ අනියත නියත බව ස්තිර ලෙසම ඇසූ අද අප වඳින ගෙන මල් සිරි දළදාව ලකේ හිමි දෙසුවාද වැද පමණින් ඵල ලැඛෙන බවේ සාගර ඉද්දවල තේවා හඬ නැගේ තේවා හඬ නැගේ දළදා මැදුර කොණේ වැව පිස හමා එන මද නළ ගතේ වැදේ තෙල් මල් සුවඳ බැද අත්වැල් සිතද නිවේ අද මා මළත් වැද දළදා සෝක නැතේ තිලිණි කාංචනා අලි දුරක් කෙලෙසින් වඩින්නද අලි කකුල් බැඳ අලි දම්වැලෙන් අලි කණෙන් ඇද විඳ හෙණ්ඩුවෙන් අලි ඇඳුම් ඇද වැඳ ගත් කරඩුවෙන් අලි දුරක් කෙලෙසින් වඩින්නද හිමි සඳ අලි පිටින් තිමිර විනිවිද
12July 2016
blog_shape
Kadapatha July 1645 තෙපයින් එන තෙක් වනේ දිවුල් පල බරට නෙලාගෙන තනේ පුරා එරි ලේ කිරි පොවන්ට තෙපයින් එන තෙක් නාඬන් මා සඳ දෙපත් රෑන පිය ගිජිදුට තුරුලූව
  • ශිරාන් විජේරත්න
අපේ වරිගේ අය වනේ ගිජිදාය යටවෙයි වෙඩි හඬට කැළේ මහතාය දෙවැනිය දම්වැලට අනේ ඔබ කිමද බය හෙණ්ඩුවට අපේ වරිගේ අය අන්තය තිරිසනුට
  • පී අමරසේන
අනාථ නිවසක වෙසෙන සාමා ඇතින්න දුටුගැමුණු වැනි රජුන් සමගින් තේජසින් යුධ පෙරමුණට යන ධාතු කර~ුව වැඩමවාගෙන නිසල ගමනින් පෙරහැරේ යන දෑ වැඩ සලසන ඇත් රජ පරපුර බිසුනු මිනිසුන් අතරින් මිය යන සමයෙක වෙසෙනා අනාථ නිවසෙක සාමා ඇතිනිට පතනෙමි තෙරුවන
  • දයා විජේසූරිය
තානා - දම් තාන - දා තම් !  වැව් අමුණු හැදුවා ය රුක් රාජ ඇද්දාය මිනිසාට බැල මෙහෙය කෙරුවා යුද බිමට ඇදුනාය දිග් විජය කෙරුවාය බුදු සසුන නිහ~වම රැක්කා ගවයා කෙතේ දෙවිය ගණ දෙවිට වැන්දාට කළ ගුණය කෙරුවාද සිහියා තානා - දම් තාන - දා තම් ! සාමා සිත් දත් නම් !
  • සාමන්ත
හක්ක පටස් හක්ක පටස් කට හතරැස් කණ හාරයි ගල්ම කටස් කකුල් කඩන චීන පටස් ලාබ කලට රට කම්බස්
  • තිමිර විනිවිද
කලෙක එක කැළයක කලෙක එක කැළයක යටව කොටි කකුළකට තැලී ගිය අලි කකුළ
  • සාගර ඉද්දවල
මුහමුද් අලී ඇඟ බර උනත් සිත හීලෑ වෙච්ච අලි හිත ගල් වෙච්ච උන් හදන්ට නොවී මැලි සාමා නොවී මතු උපදින බවෙක යලි ඒ හකු කඩන්ට වෙනු මුහමුද් අලී
  • තිලිණි කාංචනා
නොහඩන් අම්මෙ මව්බිම රකින සෙබලූන්ගේ තනිකමට පෙරමුණ ගත්තේ අපි හැම එක ආරෙකට නොහඩන් අම්මෙ මා නැති මුත් රෙහෙ පෙලට තවෙවුන් බිහිවේවි තනිකම රකින්නට
  • දිනිල් ප්‍රේමරත්න
සාමා ඇතින්නට සෙත් කවියක් තිරිසන් උනත් සාමා අසරණ සතෙකි මිනිසුන් කරන බල අරගල වල කොනකි ප්‍රභාකරන් මේ පව හිමි නරුමයෙකි පතමින් සුවය ලියනා මෙය සෙත් කවෙකි
  • ජයසේන කොඩිතුවක්කු
ගිනි ගෙඩි මතින් අතේ කරේ ගිනි අවිමයි දරන්නේ උතුරු දකුණු මායිම් ඉරි අඳින්නේ දෙදරයි හදවතම සිරිලක් මවුන්නේ ගිනි ගෙඩි මතින් නොදැනද පිය මනින්නේ
  • නිමාලි සමරසිංහ
ලබන කලාපයේ නිමිත්ත - මහනුවර දළදා මාලිගාව  
12June 2016
blog_shape
සඳ නැගෙන සඳ හිරු නැගෙන සඳ හමන මද නල යටින් අරලිය විමානේ හිස නමා ගැන එකින් එක පඩි සෙමින් සක්මන් කළානේ සඳ නැගෙන සඳ හමන මද නල ගයන බුදුගුණ ඇසෙන්නේ මුදුන නැග ආරාධනා ගල වැඩූ මෙත් විඳ බසින්නේ සාගර ඉද්දවල පඩි නැග මම කොහොම යමිද යන තැනකට කරගන්නට මයික් කටෙන් අණ දෙනකොට අරක මේක හදාගන්ට ඒවා මේවා ඉල්ලනකොට පඩි නැග මම කොහොම යමිද මිහිඳු සමිඳු දැක ගන්නට පිරිනිවීම මොන සැපක්ද අනේ මේවා නොදැක ඉන්ට පී අමරසේන ගල් පඩි වැඳ වැඳ හිටියට දුන්නෙන් ඇද ඊතල විඳ මුවන් මරා කෑ දේසය අහස මුහුද තරණය කළ මිහිඳු සමිඳු වැඩි දේසය ගල් පඩි වැඳ වැඳ හිටියට මුවන්ට දුන්නට දානය සමිඳු දහම නාසන රට වඩා එදාටත් අන්තය තිලිණි කාංචනා අරලිය සෙවන යට මිහිඳු හිමියන් මෙහි වැඩි බව දැන තුටිනේ හැරමිටි වාරුවෙන් අප පැමිණියෙ වෙහෙස ගෙනේ යන්නට නොහැක ගල මුදුනට වෙහෙසයිනේ අරලිය සෙවන යට අප ඉන්නේ බොහො දුකිනේ ඩල්සි ධනසිරි මිහින්තලා ගල් පඩිපෙළ මිහිඳු රහත් හිමි පිරිසක් සහ පැමිණ දේවානම් පියතිස් රජු මුණ ගැසුණ ලක්වැසියන් බොදු දහමට යොමු කෙරුණ මිහින්තලා ගල් පඩිපෙළ දෙයි නිවණ දයා විජේසූරිය මිහින්තලේ පිය ගැට පඩි එක් දහස් අට සියයක් පහු කරලා ආරාධනා ගල නැගලා ගිම් නිවලා ගල් පඩි කරපු විරුවන් වෙත හිත දුවලා සුසුමක් පිට උනා අද රට ගැන හිතිලා ආනන්ද ගුණතිලක පාවඩ කුමට මිහිඳු හිමි සමග රහතුන් වඩින වග ගල් වඩුවන් දැන  සිටියද පෙර සිටම පාවඩ කුමට අරලිය මල් පහස ලද දෙවියෝ රැක දෙන්න හිරු සඳු තියෙන තුරු දිනිල් ප්‍රේමරත්න අනුබුදු හිමි මිහිඳු වැඩි මග බොදු සිත පහදවන ඉපැරණි පිං බිමකි පෙර රජ දවස ඉදිකළ මෙය විශ්මයකි අනුබුදු හිමි මිහිඳු වැඩි මග සැදු ලෙසකි නිවන් මගට ගෙන යන පිය ගැට පෙළකි ජයසේන කොඩිතුවක්කු පිය පිය බැදි ගල් අරණේ පිය පිය බැදි ගල් අරණේ මිහින්තලේ අඹ තලයේ නිවන් මගට මග පවසන නා හිමියන් වැඩ සිටියේ නිම්මි සමරසිංහ අරලිය පෙති තැලෙයි ! පිය නොනගිනු තිස්ස අරලිය පෙති තැලෙයි æ සොයන් මා පෙළ මුලම අමා නිවනට දුරයි ශිරාන් විජේරත්න සෙමින් ගියොත් මේ මග කරදර අමතක කර පෙර දැන් මතු මතු වෙන සෙමින් ගියොත් මේ මග සඳටද ගොඩවිය හැක සාමන්ත Kadapatha June 145 ලබන කලාපයේ නිමිත්ත බිම් බෝම්බයකට හසු වී පාදයක් අහිමිව පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන සාමා ඇතින්න....
10April 2016
blog_shape
ගුවනේ පාවෙන නිල් වළාදෝ ගුවනේ පාවෙන නිල් වළාදෝ ඔඛෙ තනිකම මකා ලන්නේ දෑතේ හිරවුණු පොතේ පිටු තව ටිකද කියවන්නට තිඛෙන්නේ මදෑ හිටගෙන මෙතෙක් සිටියා නැද්ද පා යුග රිදුම් දෙන්නේ නැවත දුවගෙන එන්න සිරිලක අවුල් ගොඩකයි එරී ඉන්නේ අමරා ජයසේකර දැහැමින් රට කරන හැටි පැරකුම් මහ රජුනි ඔබගේ දෝත මත පුස්කොල පොතක් ඇත දැහැමින් රට කරන හැටි එහි පිටු අතර ඇත නූතන රජුන් හට දැහැමින් රට කරන්නට පිටු පෙරළිය නොහැක එය නිම වූ බැවින් ගල මේබල් දසනායක එම්බා කොල්ලනි මෙහෙ එව් ! එම්බා කොල්ලනි, මෙහෙ එව් ! දෑතේ කරගැට පිසදා ලොකු අකුරින් - පුස්තකයේ කොටාපන් පැරකුම් සමුදුර පිරවූයේ නුඹේ හතර වරිගයේ දහදිය ලේ කඳුළින් බැව් ශිරාන් විජේරත්න දෙවියනි පමා ඇයි ගල් විය යුතුව ඇති නැවතී හුස්ම පඳුරට ගලක් වැදුනොත් පැත්තට සෑම විසිවෙයි නිරිසතුන් නිරිඳුයි ගත්ත නම දෙවියනි පමා ඇයි පණ දෙන්නට තවම තිමිර විනිවිද දිය බිඳු යයි දෝරෙ ගලා වියලූනු පොළව අස්වද්දනු හිතේ දරා හැදු වැව් තාවුල්ලේ සාරය උන් ගනී උරා අහසින් වැටුණු දිය බිඳු යයි දෝරෙ ගලා පැරකුම් රජුනි ඇයි තාමත් හිඳී බලා නිසන්සලා අතපත්තු යන්නට පෙර සින්ඳු පැරකුම් සයුර අසබඩ සිට විරු පැරකුම් නිරිදු සුසුම් හෙළන කල තරඟග රඟයි කියමින් සින්ඳු අහස් ගඟෙන් වැටෙනා ඒ හැම මුතු දිය බින්ඳු පිහිනා අතර සරසා කෙත් යන්නට පෙර සින්ඳු පී. අමරසේන දොතින් එය රැගෙන ඉසිවර තුමකු දුන්නා පුස්කොල පොත මෙමා හට දොතින් එය රැගෙන පිළිගැන්වූයේ නිරිඳුන්ට ආසාවෙන් සිටියෙමි එහි තතු දැනගන්ට තවමත් කියවමින් නිරිදා එය ගෙන අතට ඩල්සි ධනසිරි යළිත් උපන්නොත් අඩවන් නෙත් අගින් ගලයි කරුණා ගුණ ධාරා තිවංක මුදු පාද කියයි සිල් අමුර්ත සාරා දෑත දරන පුසුකොල පොත ප්‍රඥා සිඳ මාරා යළිත් උපන්නොත් ලක්බිම වේ බෝ මනහාරා වසන්ත සදනායක කුරහන් සාටක මත රන් ඔටුණු පැළඳ නැත මිරිවැඩි සඟළද නැත කුරහන් සාටක මත වී කරල් පැසුනෙ නැත සාමන්ත තැන්නගේ බල ! පඨවිය ආපෝ කසිනය වඩනා බල ! පඨවිය ලත් - සමාධි සාගර ඉද්දවල අතේ පොත ඇති කලෙක සිතේ තද ගතිය නැත නිරිඳු වුව අතේ පොත ඇති කලෙක දමයන්ති පෙරේරා ලබන කලාපයේ නිමිත්ත - පොලොන්නරැවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය මාස් පතා අපි ඔබට නිමිත්තක් ලබා දෙමු. ඔබ කළ යුත්තේ ඔබේ නමල ලිපිනය සහ දුරකථන අංකය සමග පේළි හතරකට නොවැඩි සඳැසක්ල නිසැඳැසක්ල හයිකුවක් හෝ සිංගරුකුවක් [email protected] ඊමේල් ලිපිනයට හෝ 0433 638 610 අංකයට පමණක් යොමු කිරීමය. අදාල මාසයේ අවසාන දිනය වන විට වැඩිම  පාඨක මනාපය ලබා ගන්නා නිර්මාණයට අපෙන් තිළිණයක්. Kadapatha Apr 549
12March 2016
blog_shape
Question for Saliya Oh Lover made of Stone - Heir to the throne Did you not once regret - or try to forget That you chose love over glory - or wish to re-write your story Did you always love, to the same degree - this woman sitting on your knee? - Vivimarie Van Der Poorten
මේ යුවළ මට හමුවිණ දෙනෝදාහක් ගැවසෙන - මහව දුම්රියේ හවසක මෙල්බර්න් නුවර උයනක - සීතල අඳුරු දවසක යුගයෙන් යුගයට බැඳෙමින - සසර මග නිති ඇවිදින සදා සෙනෙහින් ඇලලූන - මේ යුවළ මට හමුවිණ - ප්‍රියංකා කහවණුගොඩ
A hard rock that love could soften Here’s a hard rock that love could soften Thru’ the artistic hands of a humble lover; It’s we the humans, who fail, very often, To respond to the beauty of love and its power... - Trevis Ranjan Perera
සතර කමටහනෙ ඉන්නැති සාලිය අශෝක මාලාවන් ළඟට අරන් කෙටුවද ගලේ ජීවය දී රුවට රුවින් නෙළනා විටදි දෑතට ඔඛෙ සවිය අරන් සතර කමටහනෙ ඉන්නැති සමාධියෙන් - යූ. ඩී. එල්. රත්නායක
ගලක් වී සැඟවුණිද හදවතින් ඉගිලගොස් ගලක් වී සැඟවුණිද යොවුන්විය මල් පිපිණු ආදරේ..... ? - මුනිදාස වංශපුර
අද තුරුළකය වෙන කලූගල් වෙඬරු කර ඉසියුම්වැ නෙළු ඔබ මගේ යැයි සිතුවද අද තුරුළකය වෙන - ප්‍රදීප් රාජපක්ෂ
විඳි පෙම් සුවය ගෙදරට හොරෙන් හේනට යායට කැන්දා විඳි පෙම් සුවය ඇත මගෙ මතකයෙ රන්දා ගන්නට "සෙල්ෆියක්", "මොබයිල්" නැති හින්දා මේ කළු ගලේ දෙන්නගෙ රූපය ඇන්දා - ආනන්ද ගුණතිලක
පාර්වතී නුඹ තාමත් නිදුකින් ද ? රන් මසු වනේ නිවහල් සුව වින්දාද ශිව හා තුටින් බුදු පුදනට ආවාද පවුරක බැඳී සෙනෙහස සිර කෙරුනාද පාර්වතී නුඹ තාමත් නිදුකින් ද ? - දිලිනි ඊරියවල
නිමා වී නම් රැහිරු පිරි නහර මස් වලින් පෙම්වතුන් සේ වැළඳ මහත් වූ සෙනෙහසින් සිටින්නේ මේ ලෙසට සැදු නිසයි කලූ ගලින් නිමා වී නම් රැහිරු පිරි නහර මස් වලින් දුරස් වී හුඟ කලක් කවි ගෙතෙන්නට කලින් - අමරා ජයසේකර
මොහොතා විඳිනා අමරස සිත් සේ නිතිනා පෙරලේ ලෝ දම් එක සේ දනිතා ආලේ මුත් නොම වෙන සේ මොහොතා විඳිනා අමරස සිත් සේ කලතා නොලබා කිමදා දුක සේ - සාමන්ත තැන්නගේ
නුබේ ළඟින්ම හිදගත්තෙමි මා චණ්ඩ කුලේ උපන් පවට - රජකම කැප කෙරුවා ඇයි මෙතරම් පෙම් කරන්නේ - දරා ගන්න බැරුවා නෙතින් ගලන කඳුලු වැලක් - හද පත්ලෙම හංඟා නුබේ ළඟින්ම හිදගත්තෙමි - මම අශෝකමාලා - අනුරාධා කුරුප්පු
පෙම් සුව විඳින්නට පෙම් සුව විඳින්නට අපි ආවේ ගල් තලාවට හොර රහසේ ගල් වඩුඩවක් අප ඇඹුවයි කලාවට දෙනෝ දහක් ඇස් ඇරුණයි අප දෙසට මොනවා කරන්නද හිරවුණි මෙහි හැමදාට - ඩල්සි ධනසිරි
මුරකරු ඉඛි යතුරු අතින්ගත් මුරකරු පෙම් යුවල අබියස ඉසුරුමුණි - මාලන් බණ්ඩාර කපුවත්ත
මගේ වෑයම යුද්ධය නිමා වී බවුන් වඩනා දිනෙක මතු මගේ මේ වෑයම හුරු කරන්නයි පද්මාසනය කුමරුට - සාගර ඉද්දවල
ප්‍රාණ වායුව ලැබුණම ජීවිතය තරමට ආදරය බර නැත ප්‍රාණ වායුව ලැබුණම වේද පා දූහුවිල්ලට ද යට ? - තිමිර විනිවිද [poll id=2]
ලබන කලාපයේ නිමිත්ත පොළොන්නරැවේ මහා පරාක්‍රමබාහු පිළිරැව
 
Seegiri-Apsarawo by saamantha Tennege
11February 2016
blog_shape
මල්වට්ටියක් දෝතින් දරාගෙන ඈත පිදුරංගල විහාරේ සිල් සිතින් මෙන් මෙත් හදින් ගෙන වඩිති සුදුවළා අතරේ දොහොත් මුඳුනේ තබා වැඳගෙන මමත් දෙන්නම් සාදු කාරේ සාදු සාදු සෙතක් වේවා සරන තුරු ගොර බිරම් සසරේ පී. අමරසිංහ
කැට තලෙහි කව් ගී - මවත් තොප රූ අසිරි නග්න ළය යටැ අසනි - දැකැ සලිත් සිත් කෙසේ ලියමි දස් වැ වැතිරෙම්මැයි - සුනිල් බැම යටැ රැඳුනු තෙත මත තොල් සිනා කොන්ද් විඳිම්මැයි - (හ)ස කත් විලස් මගහැර දිලිනි ඊරියවල
කාගේ දියණියද සොහොයුරියද කෙල්ලේ දීගේ යන්නෙ කොහොමද උඹ සැන සිල්ලේ මාගේ පැනය ඇසුනා සේ එක එල්ලේ ඈගේ දෙනෙත් වල රැඳි කඳුලැලි හෙල්ලේ ආනන්ද ගුණතිලක
මලක් වෙන්නම් ඉතින් නෙළන්නට සියුමැළි අතින් සුවඳ වෙන්නම් සඳුන් දැවටෙන්ට නිබඳව ළඟින් පබළු වෙන්නම් ගෙලේ සිපගන්ට රහසින් සෙමෙන් විළක් වෙන්නම් තුටින් නහවන්ට රන්වන් හසුන් සාමන්ත තැන්නගේ
සියුමැළිය සොයා ගත් කලූ ගලක නිසාවෙන් නැඟිමි ගිරි හිස් - සිප දෙරණ වැළලෙන් කලූගලින් මතුව ආ සියුමැළිය නිසාවෙන් ඉතිං මිය යම් කෙසේ වෙලී සිත ආලෙන් තිමිර විනිවිද
අප්සරාවෝ දවසින් දවස තිරිහන් වුනා සිත්තරා මිය ගියා කාස රෝගෙන් සාගර ඉද්දවල
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt