seprator

කැඩපත – කැටපත / ජූනි 2016

seprator
12June 2016
blog_shape

සඳ නැගෙන සඳ

හිරු නැගෙන සඳ හමන මද නල යටින් අරලිය විමානේ
හිස නමා ගැන එකින් එක පඩි සෙමින් සක්මන් කළානේ
සඳ නැගෙන සඳ හමන මද නල ගයන බුදුගුණ ඇසෙන්නේ
මුදුන නැග ආරාධනා ගල වැඩූ මෙත් විඳ බසින්නේ

සාගර ඉද්දවල

පඩි නැග මම කොහොම යමිද

යන තැනකට කරගන්නට මයික් කටෙන් අණ දෙනකොට
අරක මේක හදාගන්ට ඒවා මේවා ඉල්ලනකොට
පඩි නැග මම කොහොම යමිද මිහිඳු සමිඳු දැක ගන්නට
පිරිනිවීම මොන සැපක්ද අනේ මේවා නොදැක ඉන්ට

පී අමරසේන

ගල් පඩි වැඳ වැඳ හිටියට

දුන්නෙන් ඇද ඊතල විඳ මුවන් මරා කෑ දේසය
අහස මුහුද තරණය කළ මිහිඳු සමිඳු වැඩි දේසය
ගල් පඩි වැඳ වැඳ හිටියට මුවන්ට දුන්නට දානය
සමිඳු දහම නාසන රට වඩා එදාටත් අන්තය

තිලිණි කාංචනා

අරලිය සෙවන යට

මිහිඳු හිමියන් මෙහි වැඩි බව දැන තුටිනේ
හැරමිටි වාරුවෙන් අප පැමිණියෙ වෙහෙස ගෙනේ
යන්නට නොහැක ගල මුදුනට වෙහෙසයිනේ
අරලිය සෙවන යට අප ඉන්නේ බොහො දුකිනේ

ඩල්සි ධනසිරි

මිහින්තලා ගල් පඩිපෙළ

මිහිඳු රහත් හිමි පිරිසක් සහ පැමිණ
දේවානම් පියතිස් රජු මුණ ගැසුණ
ලක්වැසියන් බොදු දහමට යොමු කෙරුණ
මිහින්තලා ගල් පඩිපෙළ දෙයි නිවණ

දයා විජේසූරිය

මිහින්තලේ පිය ගැට

පඩි එක් දහස් අට සියයක් පහු කරලා
ආරාධනා ගල නැගලා ගිම් නිවලා
ගල් පඩි කරපු විරුවන් වෙත හිත දුවලා
සුසුමක් පිට උනා අද රට ගැන හිතිලා

ආනන්ද ගුණතිලක

පාවඩ කුමට

මිහිඳු හිමි සමග රහතුන් වඩින වග
ගල් වඩුවන් දැන  සිටියද පෙර සිටම
පාවඩ කුමට අරලිය මල් පහස ලද
දෙවියෝ රැක දෙන්න හිරු සඳු තියෙන තුරු

දිනිල් ප්‍රේමරත්න

අනුබුදු හිමි මිහිඳු වැඩි මග

බොදු සිත පහදවන ඉපැරණි පිං බිමකි
පෙර රජ දවස ඉදිකළ මෙය විශ්මයකි
අනුබුදු හිමි මිහිඳු වැඩි මග සැදු ලෙසකි
නිවන් මගට ගෙන යන පිය ගැට පෙළකි

ජයසේන කොඩිතුවක්කු

පිය පිය බැදි ගල් අරණේ

පිය පිය බැදි ගල් අරණේ
මිහින්තලේ අඹ තලයේ
නිවන් මගට මග පවසන
නා හිමියන් වැඩ සිටියේ

නිම්මි සමරසිංහ

අරලිය පෙති තැලෙයි !

පිය නොනගිනු තිස්ස
අරලිය පෙති තැලෙයි æ
සොයන් මා පෙළ මුලම
අමා නිවනට දුරයි
ශිරාන් විජේරත්න
සෙමින් ගියොත් මේ මග

කරදර අමතක කර
පෙර දැන් මතු මතු වෙන
සෙමින් ගියොත් මේ මග
සඳටද ගොඩවිය හැක

සාමන්ත

Kadapatha June 145

ලබන කලාපයේ නිමිත්ත

බිම් බෝම්බයකට හසු වී පාදයක් අහිමිව පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන සාමා ඇතින්න….

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt